අනතුරේ පෙරලිය 52............මොකක්ද මේ මාලන්ගෙයි දේශානිගෙයි අතර තිබුන වලිය....කොහොමද මේක අහගන්නෙ....කවුරුවත් කියන්නෙ නෑනෙ.....කල්පනාකල මා....ඒව මතක් කලා කියල ගැටලුවක් වෙන්නෙ නෑ අක්කෙ....ඉස්සර කරපු ඒ මෝඩකම් දැන් කරන්නෙ නෑ.....මා පැවසුවෙමි.....ඔය නන්ගි කියන්නෙ ඉස්සර ඔයා හිටපු හැටි අමතක වෙලා හින්දනෙ බැරිවෙලාවත් මතක් වුනොත් ඔයා ඔහොම කියන එකක් නෑ......අක්කා මා කෙරෙහි සැක සහගතව පවසන්ටවූවාය.....දැන් එහෙම වෙන්නෙ නෑ අක්කෙ.....මා කීවිට. ....ඒව දැන් වැඩක් නෑනෙ නංගි.....ඔයාගෙ තිබුන නරක ගතිගුන අමතක කරල හොද කෙනෙක් වෙන්න.....ඔයා දැන් ඉන්න විදිය ගොඩක් හොදයි.....ඕව මතක් කරල ඔයා ආයෙත් ඒවගේ වෙයි කියල අපිට බයයි නංගි .....ඇය කියන්ට විය.....මෙයාගෙන්නම් මේ ගැන හහගන්න බෑ වගේ.....සිතාගත් මා......කෙසේ හෝ මේ ගැටලුව විසදා ගැනීමට සිතාගත්තෙමි.
පසු දින උදෑසනද මාත් මල්ලීත් හිම මත සෙල්ලම් කලෙමු. මේ වනවිට තවමත් වැටෙමින් තිබුනු හිම පුලුන් කැබලිමෙන් ගුවනේ පාවෙමින් පොලවට පතිතවන අයුරු ආශාවෙන් බලා සිටියෙමි. අපේ රටේදී අත්දැකීමට නොලැබෙන මෙම සුන්දරත්වයට මා බෙහෙවින් ඇලුම් කල අතර කාත් කවුරුවත් නොමැතිව අසරන කොල්ලෙක් ලෙස සිටි මාව දෙශානි වැනි ලස්සන ගැහැනු ලමයෙකු බවට පත්කර මෙවැනි රටවල සන්චාරය කරමින් විනෝද වීමට ඉඩසැලැස්සූ සර්වබලධාරි දෙවියන් වහන්සේට ස්තූති කලෙමි.
එදින සැවොම ගෙදර සිටි බැවින් අයියාද අපි සෙල්ලම් කරන ස්තානයට පැමිනියේය......ඉස්සර මෙහෙ ආවට නංගි මේ තරම් සතුටින් සෙල්ලම් කරන්නෙ නෑනෙ.....මා හිම ගුලි විසිකරමින් විනෝදවෙන අයුරු බලා සිටි අයියා පැවසුවේය......දැන් අක්කට ඒ අතීතය අමතක වෙලානෙ අයියෙ ඒකයි ඔහොම ඉන්නෙ.....මල්ලී පැවසුවේය.....අක්කට ඒව මතක් වෙන්නෙ නැත්නම් හොදයි නේද මල්ලි....ඔහු කීවිට.....ඒකනෙ දැන් මම බය නැතුව අක්ක එක්ක සෙල්ලම් කරන්නෙ.....මල්ලී සිනාසෙමින් කීවේය.....ඒකනේ....කී අයියා මල්ලීට හිම අහුරක් ගැසුවේය.....මට විතරක් ගහන්නෙ අක්කටත් ගහන්න..මට හිම අහුරකින් ගසමින් මල්ලී කීවිට....අපෝ මේ මල්ලි... ඕව කරන්න ගිහින් මට බැනුම් අහන්න බෑ..අයියා කීවේය.....දැන් අක්ක ඉස්සර වගේ නෙවෙයි අයියෙ.....කීවිට ඔහු මා දෙසට හිම අහුරක් දමා ගැසුවේය මාද ඔහුට හිමවලින් ගසමින් විනෝදවුනෙමි.......මේ අක්කට මාලන් අයියවත් අමතක වෙලානෙ....මගෙන් අහනව කවුද හින්දි නලුවෙකුගෙ නමක් කියල එයාද කියල....මල්ලී සිනහසෙමින් කීවිට....කවුද මල්ලි අමීර් කාන්ද.....ඔහු එක වරම එසේ කීවිට ඔහුගේ හැඩය එසේ යයි මට පෙනුනු හැඩයම අයියාටද පෙනී ඇති බව අවභෝද විය.....ඒ නම තමයි කිව්වෙ..මල්ලී කියනවිට.....මාලන් අමීර් කාන් වගේ තමයි....අපිදෙන්න ලන්ඩන්වල ඇවිදින කොට ඉන්දියන් කාරයො අහනව අමීර් කාන්ද කියල...එයත් ඉතින් හින්දි දන්නෙ නැති හින්ද එයා නෙවෙයි කියල ශේප් වෙනව.....හැබැයි මාලන් හින්දි දැනගෙන හිටියනම් එයාලව හොදටම රවට්ටන්න පුලුවන්......අයියා සිනාවෙමින් කීවේය.....හින්දි සිනමාවේ මා සිත්ගත් නලුවෙක් වන අමීර්කාන් වැනි රූප ලක්ශන තිබෙන යහලුවෙක් ඇසුරු කිරීමට ලැබීම සතුටක් වූවද.....ඔහුත් දේශානිත් අතර තිබෙනවායයි කියන විරසකය නිසා එසේ ඇසුරු කරන්නේ කෙසේදැයි මා දුක්බරව කල්පනා කරන්ට වුනෙමි.
පසුදින අපේ විනෝද ගමන සංවිධානය කර තිබුනු නිසා මාලන් පැවසූ පරිදි ඔහුගේ බෑගයද රැගෙන නිවසට පැමිනියේය. ඔහු පැමිනිවිට මෙම නිවස සිනහ සාගරයක් වනබව දුටුවේ ඔහු කරන කියන විහිලු නිසාය. එහෙත් ඔහු සුපුරුදු ලෙස මා දෙස බැලුවේවත් නැත. ඔහු මෙසේ හැසිරීම මාගේ සිත තුලට අමුතුම දුකක් හටගන්නා බව දැනුනි.....බලන්න මල්ලි මාලන් අයිය ඔයාල හැමෝම එක්ක කතාකරනව මා එක්ක කතාකරනව තියා මා දිහා බලන්නෙවත් නෑනෙ....මා දුකෙන් මෙන් මල්ලිට කීවෙමි.....ඔයා එදා මාලන් අයියට බැනපු බැනුම් වල හැටියට මාලන් අයිය ඔහොමවත් එනව ඇති.....මල්ලී කීවිට....ඒ මොකටද මල්ලි.....මා ඇසුවෙමි.....ඕව දැන් වැඩක් නෑ අක්කෙ.....මල්ලී නැවත ඒ ප්රස්නෙන් මගහරින්ටවිය.
ගමනට අවශ්‍යය ඇදුම් සහ උපකරන බෑග් වලටදමා සූදානම් කරගත් අපි උදෙන්ම සූදනම් වීම සදහා වේලාසනින් නින්දට ගියෙමු. මාලන් අයියාගේ කාමරයේ නිදා ගන්නා බව දක්නට ලැබුනි.මාලන්ගේ රූපවිලාසයත් ඔහුගේ ප්‍රියමනාප හැසිරීමත් නිසා මා ගේ සිත ඔහු කෙරෙහි ඇදී යන බව තේරුනි. කොලෙක්වෙලා කාලයක් හිටිය මට කෙල්ලෙක් උනාට පස්සෙ කොල්ලෙක්ගැන මේතරම් හිත ඇදෙන්නෙ මටත් දැන් තියෙන්නෙ අනිත් ගැහැනු ලමයින්ට තියෙන හිතුවිලි හින්දද.....මා ඔහු ගැන කල්පනා කරමින් සිතුවෙමි....මම මොනවද මේ කල්පනාකරන්නෙ මාලන් අයියට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඇති . මේතරම් හැන්ඩ්සම්
කොල්ලෙක්ට ගැහැනුලමයෙක් නැතිවෙන්න බෑනෙ....ඒත් කමක් නෑ එයා නිකන් යාලුකමට හරි මාත් එක්ක කතාකරනවනම් ඒ ඇති....මා කල්පනා කරන්ටවුනෙමි....එහෙත් දේශානිගේ තිබුනයි කියන අහන්කාර ගති හින්ද දැන් මට තමයි විඳවන්න වෙන්නෙ.....මට දේශානි ගැන තරහක් ඇතිවිය.
පසුදින ගමන සදහා අපි සැමටම යෑමට හැකිවෙන වෑන් රථයක් සූදානම් කර ඇතිබව දැකගැනීමට ලැබුනි.....සියලු උපකරන පටවාගත් අපි උදෙම්ම ගමන පිටත්වුනෙමු.....එහි රියදුරු මහතා මැදිවියේ කෙනෙක්වූ අතර පෙනුමෙන් ආසියානු පුද්ගලයෙක් ලෙස දැක ගැනීමට ලැබුනි....ඔහු කතා කලේ ඉංග්‍රීසියෙන් බැවින් සින්හල ජාතිකයෙකු නොවන බව පැහැදිලිවිය.....මෙයත් ලන්කාව කිට්ටුව රටක එක්කෙනෙක් වෙන්න ඇති....මා සිතුවෙමි....මාලන් අපේ අයියා සමග මාත් මල්ලිත් වාඩිවූ ආසනයේ පිටුපස වාඩිවී සිටීම සිතට සතුටක් ඇතිවූවද ඔහු මාව ගනන් නොගැනීම හිතට වදයක් ලෙස දැනෙන්ට විය.
No comments:
Post a Comment