Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 28......අපි පාසැල වෙත යෑමට පෙර ඉශාරිට දුරකථන ඇමතුමක් දුන් නිසා ඇය අපි පැමිනෙන තුරු බලා සිටිනබව දැනගත්තෙමු. පාසැල වෙත ළඟාවනවිට එය පටන්ගැනීමට ආසන්නවී තිබුණි. අපි කෙලින්ම ගියේ විදුහල් පතිනියගේ කාර්යාලය වෙතටය. කොහේදෝ සිට ඉශාරි සහ තවත් ගැහැණු ලමුන් කිහිපදෙනෙකු සමඟ අපි අසලට දුවගෙන එනබව දුටුවෙමි....මොකද දේශානි ඔයාට වුනේ...අනිත් ගැහැණු ලමුන් මා වටකරගෙන අසන්ට විය.....ඇක්සිඩන්ට් එකක් වුනා මතකයි ඊටපස්සෙ මොකුත් දන්නෙ නෑ.....මා ඔවුන්ව හදුනන්නේ නැතත් දේශානිගේ පන්තියේ යෙහෙලියන් යයි සිතාගෙන පැවසුවෙමි. ඔව්න් අතර මනෝජි සහ තරුශිකාද සිටිනබව දුටුවෙමි.....ඇයි දේශානි අමුතු විදියට අපි දිහා බලන්නෙ අපිව අදුනගන්න බැරිද එක් තැනැත්තියක් ඇසුවාය.....ඕකනෙ බන් මම උඹලට කිව්වෙ.....දැන් දේශානිට අතිතය අමතක වෙලා කියල....අනේ පවු බන්...තවත් තැනැත්තියක් මගේ උරහිසෙන් අල්ලා කනගාටුවෙන් මෙන් පැවසුවාය....සීනුව නාදවූ පසු ඔවුන් ආපසු ගිය අතර අපි කාර්යාලය තුල තිබුනු ආසනවල වාඩිවුනෙමු.....මොකද ඉස්කෝලෙන් අස්වෙන්නද.....ගුරුවරියක් යයි සිතිය හැකි ටිකක් වයසක තැනැත්තියක් මා දෙස බලා ඇසුවාය.....නෑ මිස් මෙයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා ඒක ගැන කියන්න ආවෙ.....අම්මා ඇයට කීවාය...මීටින් එක ඉවරවුනාට පස්සෙ ලොකු මැඩම් එයි ඔහොම ඉන්න....කී ඇය එතැනින් ගියාය....පැය බාගයක් පමන ගතවූ පසු ප්රධානාචාර්ය වරිය කාර්යාලයට ඇතුලුවුනාය.....සුලුවේලාවකින් අපි ඇය සමීපයට ගියෙමු..... මේ විජේසිරිවර්දන මහත්තයනෙ..කී ඇය අපිට වාඩිවනලෙස දැන්වූ අතර මා සිටගෙන සිටියෙමි...මොකද මේ පැත්තෙ....දුවව අස්කරගන්නවත් හිතුනද....ඇසුවාය....නෑ මැඩම්....දුවට ඇක්සිඩන්ට් එකක් වෙලා සිහිය නැතුව හොස්පිටල් එකේ හිටියනෙ.... ඔව් ඔව් දොලහ වසරෙ දරුවෙක් ඇක්සිඩන්ට් වෙලා හොස් පිටල් නවත්තලා කියල මටත් ආරන්චි වුනා ඒත් මේ දරුව කියල දන්නෙ නෑ....කී ඇය... ඉතින් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනැ....ඇය ඇසුවාය.....ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මෙයාට මොකුත් මතක නෑ.....අම්මා කිවිට.....ඒකනම් ගැටලුවක් තමයි.....ඇය මා දෙසත් අම්මා දෙසත් බලා කීවාය...නෑ මැඩම් මෙයාට පාඩම් වැඩ හොදට මතකලු....ඒත් අනිත් ඒව තමයි මතක නෑ කියන්නෙ......පාඩම් වැඩ මතක තියෙනවනම් ගැටලුවක් නෑනෙ.....දුව ලබන වසරෙ නේද ලෙවල් විභාගෙ කරන්නෙ.....ඔව් මැඩම්...මම කීවෙමි....එතකොට දුවට හොදට මතකද ඉස්කෝලෙ උගන්නපුව.....ඇය මගෙන් ඇසුවාය.....ඔව් මැඩම් මට ඒව මතකයි.....ඒත් මෙහෙ ඉන්න කිසි කෙනෙව මතක නෑ....මා කීවෙමි.....මේක පුදුම වැඩක්නෙ.....සිනාසෙමින් පැවසූ ඇය....මෙන්න මේ ගාන හදන්න බලන්න.....ඇය මට ගානක් ලියාදී එය හදන ලෙස පැවසුවාය....මා සුලුවෙලාවකින් එය හදා පෙන්නුවෙමි....මේ දරුවගෙ බුද්දියෙ අඩුවක් නෑ.....කී ඇය සීනුව නාද කර සහයක කාන්තාවට කතාකලාය....ගිහින් දොලහ වසරෙ පන්තියෙ නිර්මලා මිස්ට එන්න කියන්න ....කීවාය......නිර්මලා මිස් වෙන්න ඇති...පන්තිය බාරව ඉන්නෙ....මා කල්පනා කලෙමි....මේක පුදුම ලෙඩක්නෙ මම මේ ඇහුවමයි.....කල්පනා නැති කෙනාට මොකුත් මතක නෑනෙ.....ඒත් මෙයාට ඉගෙනගත්ත ඒව මතකනෙ....ඇය පුදුමයෙන් මෙන් කියන විට.....අපිටත් පුදුමෙ ඒක තමා මැඩම් මෙයාට සිහිය එනකොට මෙයා කවුද කියලවත් දන්නෙ නැතුව හිටියෙ.....දැන් ටිකක් දන්නව.....අම්මා කියන්ට වූවාය....ඒකට කමක් නෑ ඉස්කොලෙ වැඩටික හොදට කරගෙන යන්න පුලුවන්නම් ඇති.....ඇය කීවාය.

                   සුලු වේලාවකින් තරුණ ගුරුවරියක් අපි අසලට ආවාය. ඇය පැහැපත් පෙනුමක් ඇති තරමක් රූමත් තැනැත්තියක් බව පෙනෙන්ට තිබුනි....මුහුනේ සිනාවක් රදවාගෙන මා දෙස බැලූ ඇය.....ඇයි මැඩම් ....ප්රධානාචාර්ය වරියගෙන් ඇසුවාය....මේ දරුව මිස්ගෙ පන්තියෙ නේද....ඇසුවාය....ඔව් මැඩම් මේ දේශානිනෙ.....පහුගිය දවස් වල ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් කියල ආරන්චිවුනා....ඇය කීවාය....ඔව් දැන් දරුවට හොදයි කී ඇය....මා ගැන විස්තර කියන්ට වූවාය......දැන් දේශානිට මාවත් අදුනගන්න බැරිද....ඇය මාදෙස බලා ඇසුවාය....මතක නෑ මිස්...මා කීවිට පන්තියෙ වැඩටික මතක තියෙනවනෙ.... හින්ද ගැටලුවක් වෙන එකක් නෑ.....දැන් මෙයාට කිසිදෙයක් මතක නැති හින්ද ඔක්කොම කියල දෙන්න වෙනව.....ඇය කීවිට....ඉශාරි ඉන්නවනෙ මිස්....එයාගෙන් අහගන්න පුලුවන්....ඉශාරි ඔයාගෙ යාලුවනෙ.....එහෙනම් ගැටලුවක් නෑ....ඇය කීවාය.....එහෙනම් මිස් නිර්මලා මෙයාව බලාගන්න....මොකක්හරි ගැටලුවක් තියෙනවනම් මට කියන්න....ලොකු මැඩම් පැවසුවාය. ඉන්පසු මා ඇය සමග පන්ති කාමරයට යාමට යනවිට මට කතාකල තාත්තා....දුව මේක තියාගන්න පවසා දාහේ කොල දෙකක් මාවෙතට දිගුකලේය....ඇයි තාත්තේ මා ඇසුවෙමි....කැන්ටින් එකෙන් මොනව හරි අරන් කන්න....ඔහු කීවේය....උදේ එනකොට කෑම ගෙනාවනේ....මා කීවෙමි....ඒකට කමක් නෑ යාලුවන්ට මොනව හරි අරන්දෙන්න....කීවේය.....වෙනදට සල්ලි ඉල්ලල ගන්න ලමය අද දුන්නත් ගන්නෙ නෑනෙ....අම්මා සිනාසෙමින් කීවාය....මා නිර්මලා මිස් සමග පන්තියට ගිය පසු ......ලමයි පොඩ්ඩක් මේක අහගන්න කී ඇය.....මාගේ අමතක වීමගැන ඔව්න් දැනුවත් කල අතර ඔව්න්ගේ සහාය මා වෙත ලබාදෙනමෙන් ඉල්ලා සිටියාය....ඉශානි  දේශානි වාඩිවී සිටි ස්තානය පෙන්වූ අතර මා එම ස්ථානයේ වාඩිවුනෙමි.  

No comments: