Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 31........... ළමය කියන දේවල් වල හැටියට අපිව හොඳට දන්නව කියල මට හිතෙන්නෙ....මේ දුවගෙ නමත් කියනවලු..විජය එන්ටෙර්ප්රයිසස් ගැනත් කියනවලු.....තාත්තා එසේ කියන විට එහෙනම් කොයි වෙලාවෙ හරි එයා මෙහෙ කෙනෙක් කියල කියයි.....එයා කියයි එයා තමයි දෙශානි කියල.....එහෙම හරියට කියන්න ගත්තොත් මට මොකක්ද වෙන්නෙ.....මා බිය මුසුව කල්පනා කරන්ටවුනෙමි....අපි ලමයව අදුනන්නෙ නැතුවට ළමය අපිව අදුනනව ඇති....මොකද පල්ලියෙ ඉන්න ළමයෙක්නේ ඉතින් ගොඩක් අය අදුනනව ඇති.... අම්මා කියන්ට වූවාය....එහෙම තමා මාත් හිතන්නෙ.....පැවසූ තාත්තා ලමයගෙ ජිවිතේ බේරගන්න ඩොක්ටර්ස්ල හරියට මහන්සිවෙනව...... පැවසුවේය....එහෙනම් එයාට හොදවෙයි වගේ.....හොදවුනොත් මොනවගේ ගැටලුවක් වෙයිද.....මේ වැඩෙන් මාව වැරදිකාරයෙක් වෙයිද......ගැටලුවක් විය.....ඒත් මම වැරදි වැඩක් කලේ නෑනෙ....මේක මගෙ උවමනාවට සිද්ධ වුන දෙයකුත් නෙවෙයිනෙ....කල්පනා කල මා....ඒත් කුමකින් කුමක් වේවිදැයි....ගැටලුව ඇතිවිය...මට කකුල් දෙක නැතත් කමක් නෑ ජේසු පිහිටෙන් හොදවුනොත් ආපහු ශරීරෙට යන්න පුලුවන්නම් හොඳයි. එතකොට මේ ගැටලුව ඇතිවෙන්නෙ නෑ.....මා කල්පනාකරන්ට වුනෙමි.
              මා නින්දට ගියත් මේ ගැටලුව සිතතුල වැඩකල බැවින් නින්ද යෑමට ප්රමාදවෙන බව දැනුනු මා ඇදේ වාඩිවුනෙමි.....ඇයි දුවේ මොකද....අම්මා නැගිට ඇසූ විට ඇයටද තවමත් නින්ද ගොස් නොමැතිබව තේරුනි....නින්ද යන්නෙ නෑ අම්මෙ....මා කීවෙමි....ඇයි මොකද ඉස්කෝලෙදි මොකුත් ගැටලුවක් වුනාද....ඇසුවාය....අනේ නෑ අම්මෙ...මට අර හොස්පිටල් එකේ ඉන්න ලමයව මතක්වෙනව....අනේ පවු අම්මෙ....මා කීවෙමි....අපිටත් දුක තමයි...ඒත් දැන් මොනව කරන්නද.....තාත්ත කිව්වනෙ ලමයට සනීපවෙයි කියල...අම්මා කියන්ට විය....අපි දෙන්නගෙ ශරීර මාරුවුන හින්ද සනීපවුනත් සනීපවෙන්නෙ දේශානිටනෙ.....අනේ මන්ද ලමය මේ ගැටලුවට කොහොම මුහුන දෙයිද කියල....මා දුක්බරව කල්පනා කලෙමි...... ඕව කල්පනා කර කර ඉන්නෙ නැතුව දුව නිදාගන්නකො...දුවට නිදිමරන්නත් හොද නෑනෙ.....අම්මා මාව තුරුලට ගෙන පැවසුවාය....මා ඇයට තුරුලුව ඇදේ ඇලවුනෙමි....ශෑහෙන වෙලාවක් ගතවනතුරු නින්ද නොගියත් පසුව නින්ද ගොස් තිබුනි.
                 උදෑසන අවදිවූ මා ඊයේ මෙන් පාසැල් යෑම සඳහා සූදානම්වුනෙමි.....ප්රියන්ත වසයෙන් මා මේ වනවිට පාසැල් කාලය අවසන් කරමින් සිටියද ගැහැනු ලමයෙකු ලෙස පාසැල් යෑම ආරම්බ කිරීමට හැකිවීම ගැන සතුටක් ඇතිවූ නිසා තව අවුරුදු දෙකකින් පමන පාසැල් කාලය දිගුවුවද ගැටලුවක් නොමැතිවිය....එහෙත් ආරෝග්යය ශාලාවේ ඇති මගේ සිරුර දැන් අයිති කරගෙන සිටිනබව සැකකරන දේශානිට සනීප උනොත් කුමක් වේවිදැයි ඇතිවූ ගැටලුව නිසා එම සතුට අතරතුර බියක් සහ දුකක් ඇතිවිය. අද දිනයේ තාත්තා අපිසමග ඔහුගේ වාහනයෙන් අපිව පාසැල වෙත ගෙනගොස් ඇරලන්ටවිය. ඊයේ මගේ පන්තිය තිබෙන ස්තානය දැනගත් බැවින් දෙසට ගමන් කරනවිට පන්තියේ ගැහැනු ලමුන් කිහිපදෙනෙක් මාදෙසට පැමින මා සමඟ පන්තිය දෙසට ගමන් කරන්ට වීම නිසා මට කිසිම ගැටලුවක් ඇතිනොවුනි.මා පන්තියට ගිය පසු ඉශානිද ආවාය.ඊයේ මෙන්ම අද දිනද යෙහෙලියන්ගේ උදවු උපකාර නිසා ගැටලුවක් නොමතිව දවස ගෙවාගැනිමට හැකිවිය.ඔව්න්ගේ විහිලු තහලු නිසා මාද සතුටින් ගතකලෙමි.එහෙත් නැවත ගෙදර යනවිට මට අනාගතයේ මුහුන දෙන්ට සිදුවන ගැටලුසහගත තත්වය ගැන සිහිවන්ට වුනේ මගේ සිරුරේ සිටින දේශානිට සිහිය ආවොත් කුමක් වේවිදැයි සිතා ගැනීමට අපහසු නිසාය....පල්ලියට ගොස් පියතුමා හමුවී මෙම ගැටලුව සම්භන්දව කතාකිරීමට සිතුනත් අම්මාට සහ තාත්තාට කුමක් පවසා පල්ලියට යන්නේදැයි ගැටලුව ඇතිවිය.....කොල්ලෙක් නම් තනියම වුනත් ඕනැ තැනක යන්න පුලුවන් ඒත් දැන් මම කෙල්ලෙක්නෙ....පිරිමි ලමයෙකු මෙන් නොව ගැහැනු ලමයෙකු වූ විට තමන්ට ඕනැ විදියට ජීවත් වීමට නොහැකිබව වැටහෙන්ට විය.එසේ වූවද මට මේ ගැහැනු ජීවිතය ගැන කිසිදු කලකිරීමක් හෝ අපහසුතාවයක් ඇතිනොවුනි.
                        අද පන්ති නොමැති බැවින් ගෙදර සිටීමට හැකිවිය....මේ නිසා මා දෙශානි සම්බන්දව තව දුරටත් දැනගැනීම සදහා ඇගේ පේස් බුක් එක නරබන්ට වුනෙමි.....ටික වෙලාවකින් කාමරයේ දොර අසලට පැමිනි මල්ලී අක්කේ යනුවෙන් කතාකරනු ඇසුනි....ඇයි මල්ලියෙ....මා ඔහු දෙස බලා ඇසුවෙමි....මට අක්කගෙන් ඉස්කෝලෙ වැඩක් අහගන්න ඕනැ.....අක්ක කොයිවෙලාවටද ඔය වැඩේ ඉවරකරන්නෙ....ඇසුවේය.....ගැටලුවක් නෑ මල්ලි මෙහාට අරන් එන්න මට මතක නම් කියා දෙන්නම්.....මා කීවෙමි.....අපෝ අක්කගෙ කාමරේ ඇතුලට එන්න බෑ......ඔහු බයෙන් මෙන් කියනු ඇසුනි.....ඇයි ....මා පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....අපෝ මට ඔය කාමරේට ආවහම අක්ක බනිනවනෙ....ඔයාගෙ ඒව ගන්නව කියල.....ඔහු කියන්ට විය.....අනේ නෑ මල්ලි දැන් මේ අක්ක එහෙම කරන්නෙ නෑ.....මා ඔහුගේ බිය දුරුකිරීමේ අදහසින් කීවෙමි....එහෙනම් මම පොතත් අරන් එන්නද.... ඇසූ ඔහු ආපසු ගියේය.
                    මල්ලී ඔහුගේ පොතත් රැගෙන බයෙන් මෙන් කාමරයට ඇතුලුවන බව දුටු මා.... මොකද බයවෙලා වගේ....ඇසුවෙමි.....ඉස්සර අක්ක පොඩ්ඩ බැරිවෙනකොට බනිනවනෙ.....කි ඔහු මා අසලට පැමිනියේය.....මොකද මල්ලි...මම ඔහුගේ ගැටලුව බලා ඇසුවෙමි....එය විද්යාව ගැටලුවක් බව දුටු මා එය විසදා දුන්නෙමි....මල්ලි දැන් කිසිදේකට බයවෙන්න එපා ඔයාට මොනවහරි අහගන්න තියෙනවනම් බය නැතුව එන්න.....මා ඔහුගේ පිට අතගාමින් පැවසුවෙමි.....අක්කට ඔය කොම්පියුටරේ තියෙන ඒව මතකද...... මා පේස්බුක් එක බලනවිට ඇසුවේය....පාඩම් වැඩ මතක තිබුනට මේව ගොඩක් දේවල් මතක නෑ මල්ලියෙ....මමත් මේ කල්පනා කරන්නෙ ඒව තමයි...ඒත් මතක්වෙන්නෙ නෑනෙ....කී මා....ඉස්සර මම ජේසුස් වහන්සේව විස්වසකරන්නෙ නෑ නේද.... ඇසුවෙමි.....ආපෝ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පල්ලිය මතක් කරනකොටත් බනිනව....දැන් අක්කට ඒව මතක නැතිවිච්ච එක හොදයි......මම මෙව මතක් කරනකොට ආයෙත් පරනදේවල් මතක් වෙලා බනියිද දන්නෙ නෑ....ඔහු කියන්ට විය......මමනම් හිතන්නෙ නෑ මල්ලි.....මීට පස්ස්සෙ පරන ඒව මතක්වුනත් එහෙමවෙන්නෙ නෑ...මා කීවෙමි......මේ එෆ් බී එකෙත් තියනව ආගම් වලට අපහාස කරපුව මම ඒව හොයහොයා ඩිලීට් කරනව....මා කීවිට....කෝ බලන්න කී ඔහු ඒවා බලන්ට විය....මේව ඩිලීට් කරන්න අක්කෙ...ඔහු කීවේය......මල්ලි මේ පොටෝ වල ඉන්නෙ කවුද.....මා පොටෝ පෙන්වමින් ඇසුවෙමි....ඔහු එවායේ සිටින අය පෙන්වමින් ඔව්න්ව හදුනා දෙන්ටවිය....මේ අතර ලන්ඩන් වල සිටින පුන්චි අම්මා සහ ඇයගේ පවුලෙ අය ගැන දැනගත්තෙමි.....ස්විඩන් වල තිබෙන තාත්තාගේ හෝටලයේ පොටෝ පෙන්වමින් එහි ගොස් කල දේවල් මට මතක් කරමින් විස්තර කරන්ට විය...අපි එහෙ නිතරම යනවද මල්ලි....මා ඇසුවෙමි.....ඇයි අක්කට ඒවත් මතක නැද්ද.....අවුරුද්දකට සැරයක් විතර යනවනෙ....මේ දෙසැම්බර් නිවාඩුවටත් යයි....ඔහු කීවේය.......මල්ලි සමග කතා කල මේ කාල සීමාව තුල දෙශානිගේ අතීත කතාවේ සුලු කොටසක් සහ නෑදෑයෝ කිහිප දෙනෙක් ගැන දැනගැනීමට හැකිවිය

No comments: