අනතුරේ පෙරලිය
30.......කෑම ගැනීමෙන් අනතුරුව මල්ලී පන්ති බලා ගිය අතර ඉශානී
සමඟ පන්ති යාමට සූදානම් වීම සදහා කාමරයට ගිය මා පන්තියට ඇඳගෙන යෑමට සුදුසු ඇඳුමක් තෝරන්ටවුනෙමි.ඇයගේ ගවුන් සහ සාය බ්ලවුස් අතර ගැහැනු ලමුන් අදින කලිසම්ද තිබෙන බව දුටුවෙමි. මෙතෙක් කලක් කලිසම් ඇද පුරුදුවී සිටි මට මේ දින කිහිපයේදී එසේ කලිසමක් ඇදගැනීමට නොහැකිවිය. මේ නිසා ඇගේ කලිසමක් ඇදගැනීමට කැමැත්තක් ඇතිවූ බැවින් ඉන් එකක් ඇඳ බැලීමට කල්පනා කලෙමි.එය අඳිනවිට පිරිමියෙකුගේ කලිසමක් මෙන් නොව කකුල්වලට හිර බවදැනුනු නිසා ලෙහෙසියෙන් ඇදගැනීමට නොහැකිවිය. ඇඳගත්විට
ඇඟට තද බවක් දැනෙන්ට විය. දැන්
මට පිටට නෙරා ආ පොට්ට්ටනියක් වැනි පුරු ලිංගික පද්ධතියක් නොමැති බැවින් ඉකිලි ප්රදේසය හොඳට හිරවී පවතින බව දැනෙන්ට විය....පිරිමින්ගෙ කලිසම් වගේ නෙවෙයි මේක ඇන්දහම හරි ෆිට්...ඇඟේ ගැහැනු හැඩෙත් ලස්සනට පේනව......මා එය හැඩබලමින් කල්පනා කලෙමි....පිරිමි වගේ නෙවෙයි ලස්සන ගැහැනු ළමයි මොන ඇදුම ඇන්දත් ලස්සනයි.....ම්ට සිතුනි. එය ඇදගත් මා බ්රෙසියරයක්ද ඇද බ්ලවුසයක් ඇඳගත්තෙමි....සූදානම් වී කාමරයෙන් පිටතට ගියමා....අම්මා දෙස බැලුවේ ඇය කුමක් හෝ අඩුපාඩුවක් පවසාවී යන සැකයෙනි....එහෙත් ඇය මා දෙස බැලුවා මිස කිසිවක් කීවේ නැත...මගේ ඇඳුන් ටිකයි පීරපු කොන්ඩෙයි හරි ඇති....සිතුනු මට....දැන් මට හොඳට කොන්ඩෙ පීරගන්න පුලුවන් ඇති ඒකයි අම්ම ඒ ගැන මොකුත් කිව්වෙ නැත්තෙ...මා සතුටින් කල්පනා කලෙමි. ටිකවෙලාවකින් පැමිනි ඉශානී...මාගේ කාමරයට පැමින....පොත්ටිකයි ටියුට් යිකයි ගත්තද ඇසුවාය......කොයි ඒවද කියල මතක නෑ අනේ....කියමින් දේශානිගේ පොත්ටික ඇවිස්සුවෙමි.....මේ තියෙන්නෙ....ඇය එම පන්තියේ පයිල් එක පෙන්නුවාය....එය රැගෙන බෑගයේ දාගන්නා විට .....පෝන් එකත් දාගන්න දුවේ...කාමරය තුලට පැමින පැවසූ අම්මා....අනේ ඉශානි දුවේ දේශානිව හොදට බලාගන්න.....මම අද මෙයාව පන්ති අරින්නෙ ඔය දෙන්න හොද යාලුවො හින්ද.....කියන්ට වූවාය....ඇන්ටි කිසි දේකට බයවෙන්න එපා මම දේශානිව ගෙදෙට්ට ගෙනත් බස්සන්නම්.....ඉශානී කීවාය.
අපි පන්තිය අසලින් බසිනවිට මා කලින් ගිය පන්තියම බව දුටුවෙමි.....මේ සර්ගෙ ඔක්කොම මම කරල තියෙනවනෙ..මේකට නාව කියල මට පාඩුවක් නෑ.....ඒත් පාඩම් ටික තියෙන්නෙ පල්ලියෙ බෝඩිමේනෙ ඒව ගේන්නෙ කොහොමද.....කල්පනා කල මා.....කමක් නෑ ආයෙත් මෙහෙට එනකොට ඒ පාඩම් හොදට මතක හිටියි... සිතූ මා දිගටම පන්ති පැමිනීමට තීරනය කලෙමි.....මෙම පන්තියට අපේ පන්තියේ ලමුන් කිහිපදෙනෙක්ද පැමින සිටිනු දක්නට ලැබුනි....ඒ අතර තරුසිකාද සිටිනු දක්නට ලැබුනේ ඔව්න් අපි අසලට පැමිනි පසුව්ය.ටියුශන් ගුරුවරයා පාඩම් කියා දෙනවිට මට ඒවා රිවිසන් පන්තියක මෙන් නැවත මතක් වන්ටවිය....ඒහෙත් මා මේවා ඉගෙන ගෙන තිබෙනබව කිසිවෙකුට පැවසීමට නොහැකිය. මා මෙම පන්තියට ඒමට වඩාත්ම කැමත්තක් ඇතිවූවේ වැඩි වැඩියෙන් ගැහැනු ලමුන් ඇසුරු කිරීමට ලැබෙන නිසා බව මගේ යටි හිත කියන්ට විය.....කොල්ලො ආසරේ කරනවට වඩා මේව්ගෙ කෙල්ලො ආස්සරේ කරනකොට මොකක්දෝ අමුත්තක් දැනෙනව....ඒ අමුත්ත හරිම සුන්දරයි....මා යෙහෙලියන් දෙස බලා කල්පනාකලෙමි.පන්ති අවසන්වූ පසු ඉශානී මාව ගෙදරට ගෙනවිත් ඇරලූ පසු ආපසු ගියාය.මේ වනවිට මල්ලීද ගෙදර පැමින සිටි බව දක්නට ලැබුනේ ඔහුගේ ස්පෝට් බයිසිකලය රැගෙන මිදුල පුරා රවුන් ගසමින් සිටිනබව දුටුවිටදීය.....මල්ලිට යාලුවො නැද්ද දන්නෙ නෑ...ඔහු හමුවීමට ඔහුගේ වයසේ පසුවන කිසිවෙක් මේ නිවසට නොපැමිනි නිසා මා කල්පනා කලෙමි.....පොඩි පුතේ රෑවීගෙන එනව ගෙට එන්න ඔය සෙල්ලකලා මදෑ....අම්මා මල්ලිට කියනු ඇසුනි.
රාත්රී අට පමන වනවිට තාත්තා ගෙදර පැමිනියේය....මාව දුටු ඔහු වෙනදාමෙන් මාව ඔහුට තුරුලු කරගෙන....දුවට ගැටලුවක් උනේ නෑනේද
...ඇසුවේය....නෑ තාත්තෙ යාලුවො ටික ඉන්නවනේ....මා පැවසූවිට ඔහුගේ මුවට සතුටු සිනාවක් ඇතිවූ බව දුටුවෙමි....අපි රාත්රී ආහාරගෙන සියලු දෙනා සැටියේ වාඩිවුනෙමු.....මම අර ලමයව බලන්න හොස්පිටල් එකට ගියානෙ මැටිල්ඩා....තාත්තා අම්මාට කීවිට....දැන් ඒ දරුවට කොහොමද....අම්මා උනන්දුවෙන් ඇසුවාය....ඒදරුවට විටෙන් විටේ සිහිය ඇවිත් සිහි නැති වෙනවලු.....ඒ හින්ද තාම ඉන්නෙ අයිසීයූ එකේ.....කී තාත්තා ඒක නෙවෙයි මැටිල්ඩා....සිහිය ආපුවහම ඒලමය කියන ඒව මාත් එක්ක නර්ස් කෙනෙක් කිව්ව.....තාත්තා පැවසූ විට ඒ මොනවද....අම්මා ඇසූ අතර....දැන් ඉතින් අපේ රහස එලිවෙයි වගේ....මගේ සිතට බියමුසු බවක් ඇතිවිය.
No comments:
Post a Comment