Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 44.............මින් පෙර දෙශානී විදුහලේ බාස්කට් බෝල කන්ඩායමේ සිටියත් මා මුහුන පෑ අනතුරෙන් පසුව ඔවුන් මාව එයට සහභාගී නොගත්තේ මට තවමත් අසනිප තත්වයෙන් සිටිනබව සැකකල නිසාබව තේරුනි. පන්තියේ මිතුරියන් එම ක්රීඩාවකරන විට මා මෙයට පෙර සිටම මෙයට කැමත්ත දැක්වූ නිසා ඔවුන් සමග එකතුවීමට ගියත් ඔව්න් මාව එයින් වලක්වන්ටවිය....ඔයා මහන්සිවෙලා මොකක් හරිවුනොත් ආයෙත් හොස්පිටල් එකට යන්න වෙයි.....ඔව්න් පවසන්ට විය. .....ඔයාල බයවුනාට මට දැන් අසනිපයක් නෑ බන් තියෙන එකම දේ පරන දේවල් අමතක වෙලා තියෙන එක විතරයි.....මම ඔවුන්ට පැවසුවෙමි. මා මෙසේ ප්රකාශ කිරිමෙන් පසු විවේක අවස්තාවලදී සහ ක්රීඩා කරන අවස්තාවලදී එම ක්රීඩාවේ යෙදීමට ඉඩ දුන්නත් ඔව්න් මා ගැන දැඩි අවධානයෙන් පසුවනබව තේරුනි.....මහන්සිනම් කියන්න දේශානි....මගේ හොදම යෙහෙලියවන ඉශානී නිතර කියන්ට විය.....මොකුත් අමාරුවක් නෑ බන් ඔයාල බයවෙන්න එපා....මා ක්රීඩාවේ යෙදෙන අතරතුර කීවෙමි..... මා මින් පෙර මෙම ක්රීඩාවේ යෙදුනේ පිරිමි ලමයෙකු ලෙසය. අද මා ගැහැනු ලමයෙකු ලෙස ගැහැනු ළමුන් සමඟ ක්රීඩා කරනවිට අමුතුම සුන්දරත්වයක් දැන්ට විය.....අපි හිතාගෙන හිටියෙ දේශානිට මේවත් අමතක වෙලා කියලනෙ.....දැන් බලන කොට හොදට මතකනෙ...යෙහෙලියන් මාව වටකරගෙන කියන්ට විය....සමහර ඒව මතකයි ඒත් ගොඩක් ඒව මතක නෑ....මම කීවිට....උවමනා ටික මතක තියනවනම් ඇතිනෙ.....යෙහෙලියක් කියන්ටවිය
             මා හොදින් ඉගෙනගන්නා නිසාත් වෙනත් අඩුපාඩුවක් පෙනෙන්ට නොතිබුන නිසාත් පාසැලේ ක්රීඩා ගුරුවරිය නැවත බාස්කට් බෝල කන්ඩායමට එකතුවෙන ලෙස මගෙන් ඉල්ලා සිටියාය....මට දැන් කිසිම ප්රශ්නයක් නෑ ටීච.....මම එන්නම්....මා සතුටින් කීවෙමි. එහෙනම් ගෙදර ගිහින් අම්මගෙනුත් අහල ලබන සතියෙ ඉදන් පුහුනුවෙන්න එන්න....ඇය කීවාය. ගෙදර ගියමා මේ බව අම්මාට පැවසුවෙමි....දුවට දැන් අමාරුවක් නැත්නම් කමක් නෑ....ඩොක්ටස්ලත් කිව්වනෙ මොකුත් ලෙඩක් නෑ කියල.....අම්මා පැවසුවාය. මී ලඟට මගේ ගැටලුව වූවේ දේශානී ඇන්ද ක්රීඩා ඇදුම් සොයාගැනීමය. මා ඇගේ ඇදුම් එකින් එක පරීක්ෂා කරන්ටවුනෙමි....ගැහැනු ළමුන් ක්රීඩා  කරනවිට අදින සායක් සහ ටී සර්ට් එකක් අතර තිබී සොයාගත හැකිවිය......මම මීට ඉස්සර මේවගේ සායක් ඇදල නැති හින්ද ඇදල බලන්න ඕනැ.....සිතූ මා එම සාය ඇදගත්තෙමිඑය කොට සායක් උවද කලිසමක් ආකාරයට මැදින් මූට්ටුකර තිබුනු නිසා නිරුවත දැකීම ගැන බියවිමට කරුනක් නොමැතිබව වැටහුනි. එහෙත් මගේ කලවා දෙක හොදින් දිස්වීම නිසා යම්කිසි ලින්ගික ආකර්ශනයක් ඇතිබව දැනුනි. මම මෙහෙම ඉන්නකොට කෙල්ලො දැක්කටනම් ගානක් නෑ. ඒත් කොල්ලො දැක්කොත්නම් උන්ටික කෙල හල හලා මා පස්සෙන් එයි....සිතුනේ මාත් කොල්ලෙක් වීසිටිනිසාය. මා එම සාය සහ ටීසර්ට් එක වෙනම තබා ගත්තේ ලබන සතියේ ක්රීඩා පුහුනුවීම සදහා රැගෙන යාමටය.
                 දේශානිගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හොද දක් ලමයෙක් වෙලානෙ.....මා ක්රීඩා කරන දෙස බලා සිටි ගුරුවරිය පැවසුවාය......ස්පොර්ට් වලට විතරක් නෙවෙයි මිස් මෙයා දැන් ඉගෙන ගන්නත් ඉස්සරට වඩා දක්ෂයි අපිත් නොදන්න දේවල් අහගන්නෙ දේශානිගෙන් තමා.....මා අසල සිටි ඉශානී පැවසුවාය.....එහෙමද එහෙනම් හොදයිනෙ.....ඇය සිනාසෙමින් කීවාය. මා පෙරසිටි පාසැලේ පිරිමි ලමයෙකු ලෙස බාස්කට් බෝල සහ පාපන්දු ක්රීඩා කන්ඩායමේ සෙල්ලම් කලද  අද මා ගැහැනු ලමයෙකු ලෙස බාස්කට් බෝල කන්ඩායමේ සෙල්ලම් කිරීමට ලැබීම ගැන සතුටුවුනෙමි.

                 මාස කිහිපයකට පසු දෙසැම්බර් නිවාඩුකාලය සහ නත්තල් මාසය ලගාවෙමින් තිබුනි.....දුවගෙ අතීත තොරතුරු මතක්වෙන්නත් එක්ක මේ දෙසැම්බර් නිවාඩුවට එන්ග්ලන්ඩ් වලට ගිහින් එමු.....දිනක් තාත්තා පවසනවිට මා මෙහෙට පැමිනි මුල් දිනවල මල්ලී පැවසූ දේ මතක්විය.....අපි හැම දෙසම්බර් වලදිම එන්ග්ලන්ඩ් වල ඉන්න පුංචි අම්මලාගෙ දිහෑ යනවනෙ අක්කෙ....මේ දෙසැම්බර් වලදිත් යයි.....ඔහු එසේ පැවසූ අයුරු සිහිපත්විය.....දුවට තාම මතක නැද්ද එංගලන්තේ ඉන්න පුංචි අම්ම ගැන....තාත්තා එසේ පැවසූවිට අම්මා ඇසුවාය......එන්ග්ලන්ඩ් වල ඉන්නව කියල මතකයි ඒත් හරියට මතක නෑ.....මම කීවත් මල්ලී පෙන්වූ පින්තූර නිසා ඔවුන් හදුනාගැනීමට හැකිවේවි යැයි කල්පනා කලෙමි.....යමුකො එහෙ ගියාම මතක් වෙයි..අම්මා පැවසූවිට...ඒගමන්ම ස්විඩන් වලටත් යනවද.....මා ඇසූවිට....දුවට හොටෙල් එක මතකද..... තාත්තා පුදුමයෙන් මෙන් ඇසුවේය.....යන්තම් වගේ මතකයි තාත්තෙ මහප්පනෙ එහෙ ඉන්නෙ....මම කීවිට ....දුවට දැන් ටික ටික මතක් වීගෙන එනව වගේ.....අම්මා සතුටින් පවසන අයුරු දුටුවෙමි.....තව ටික දවසකින් හරියයි මැටිල්ඩා.....තාත්තා කියනු ඇසුනි.

No comments: