අනතුරේ පෙරලිය
35.......... ...................... පසුදින
පාසැල් ගියපසු විවේක කාලයේදී මා අසලසිටි ඉශානී....ඒයි දේශානි උඹයි අර උඹව බේරගත්ත කොල්ලයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තිබුනද..... ඇසුවාය.......මොන සම්භන්දයක්ද ....මට ඕව මතක නෑ බන්......පැවසූ මා...ඇයි එහෙම ඇහුවෙ....ඇසුවෙමි.....උඹල දෙන්න අතරෙ ඒවගෙ සම්බන්ධයක් තිබුනනම් මම නොදැන ගන්නෙ නෑනෙ.....පැවසූ ඇය.....ඒත් සමහර කෙල්ලො ඕවගෙ දේවල් තමන්ගෙ හොඳම යාලුවටවත්
කියන්නෙ නෑනෙ....කී ඇය මගේ ප්‍රශ්නයට පිලිතුරු නොදී සැකමුසුව මාදෙස බැලුවාය.....මම ඒ ප්‍රියන්ත කියල මෙයාලට සැක හිතිලද....සැක හිතුනු මා....උඹ මොනව කියවනද කියල මට තේරෙන්නෙ නෑ......කීවෙමි......මම මෙහෙම කිව්ව කියල උඹ ගෙදර ගිහින් අම්මත් එක්ක රන්ඩුවෙන්න එහෙම එපා....ඇය කීවිට.....මට පිස්සුද බන් අම්මත් එක්ක රංඩු අල්ලන්න.....අම්ම මොනව හරි කිව්වද....ඇසුවෙමි...උඹලගෙ අම්ම මට කෝල් කලානෙ......ඇය කීවිට....ඉතින් මොනවද කිව්වෙ....මම ඇසුවෙමි.....උඹයි ඒ ලමයයි අතර මොකක් හරි සම්බන්ධයක් තිබුනද කියල දන්නවද කියල ඇහුව.....උඹ ඉතින් කොල්ලො ගැන මතක් කරනකොටත් බනින එකේ ඔහොම සම්බන්ධයක් තියෙනව කියල කොහොමද බන් මම විශ්වාසකරන්නෙ.....ඒ හින්ද මම කිව්ව මම දැනුවත්වනම් එහෙම එකක් නෑ කියල....පැවසූ ඇය....ඇත්තටම එහෙම දෙයක් තිබුනද බන්.......ඇසුවාය...නැතුව ඇතිව ඇති බන්.....මා කීවෙමි....කොල්ලෙක් තමාගෙ ජීවිතය පූජාකරල හරි කෙල්ලෙක්ව බේරගන්න ඉදිරිපත්වෙන්න...උඹට මතක නැතිවුනාට මොකක්හරි උබල දෙන්න අතරෙ කිට්ටු සම්භන්ධකමක් තියෙන්න ඇතිබන්.....ඇය කීවාය....තිබුනනම් මට මතක නැතිවුනාට ඔයාල දන්නව ඇතිනෙ....මා කීවිට.....ඒකනෙ මම කිව්වෙ සමහර දේවල් කෙල්ලො කාටවත් කියන්නෙ නෑ කියල....මේකත් ඒවගෙ එකක්ද කියල කවුද දන්නෙ.....ඇය කියන්ට විය....මම ඕව ගැන දන්නෙ නෑ බන්.....මා කීවෙමි.....නැත්නම් කමක් නෑ.....හැබැයි මගෙන් මේව ඇහුව කියල ගෙදර ගිහින් අම්මත් එක්ක රංඩුඅල්ලන්නෙ එහෙම නෑ හොදද..ඇය කීවාය .....නෑ බන්.... මම කීවෙමි.
මොකද අර ඉශානි මට කිව්වෙ..... අම්මත් එක්ක රංඩු අල්ලන්න එපා කියල...දේශානි වෙනදටත් අම්මත් එක්ක රන්ඩුවෙනවද....ගෙදර ගිය මා කල්පනා කරන්ටවුනෙමි.....මල්ලී සමග කතාකලහොත් මෙම ගැටලුවට විසදුමක් සොයාගත හැකිබව කල්පනා වූ මා මල්ලී ගේ කාමරයට ගියෙමි.......ඇයි අක්කෙ ...පොතක් කියවමින් සිටි ඔහු ඇසුවේය.....කම්මැලි හින්ද මල්ලිත් එක්ක කතාකරන්න ආවෙ.....මා කීවිට.....ඉස්සරනම් අක්ක මාත් එක්ක කතාකරන්නෙ නෑනෙ.....කතාකලොත් ඉතින් බනින්න තමා.....ඔහු පැවසූවිට මට අවශ්‍යය මාතෘකාව ඔහු විසින් පැවසූබව සතුටු වූ මා....ඔයාගෙ අක්ක ඒතරම් සැරට හිටියද....ඇසුවෙමි.....ඒව මතක්කරල වැඩක් නෑ අක්කෙ....දැන් අක්ක එහෙම නෑනෙ....පැවසුවේය.....ඔයාට විතරද බනින්නෙ අම්මටත් බන්නවද.....මට අවශ්‍යය දේ ඇසුවෙමි......දැන් අක්ක අම්මටත් බනින්නෙ නෑනෙ....ඒ හින්ද ඒ ගැනත් මතක් කරන්න එපා.....ඔහු කීවිට....ඇයි මල්ලි හැම එකක්ම මතක් කරන්න එපා කියන්නෙ....ඇසුවෙමි.......ඕව මතක්කරන්න ගිහින් අක්කට ඔක්කොම මතක් වුනොත්...ඒ හින්ද ඒව ඕනෙ නෑ....ඔහු පැවසීය....මල්ලිගේ කතාවෙන් දේශානි සැර තැනැත්තියක් වසයෙන් තේරුම්ගැනීමට හැකිවිය. .....එයා සැර වුනා කියල මම සැරවෙන්නෙ මොකටද....මා කල්පනාකලෙමි.
No comments:
Post a Comment