අනතුරේ
පෙරලිය
43...........දිනපතාම
දේශානිගේ යෙහෙලියන් දේශානිගේ අතිතය මට මතක් කිරීමට උත්සාහකලත් මා නොදන්නා ඇගේ අතීතය සිහිකරන්නෙ කෙසේදැයි ඔවුන් නොදැනීම ගැන කනගටුවක් ඇතිවූවද ඔවුන් පැවසූ ඇයගේ අතීත සිද්ධීන් මතක තබා ගත්තෙමි. මා ප්‍රියන්ත වසයෙන් සිටියානම් මගේ උසස් පෙල විභාගයට තව මසකට වඩා කාලයක් නොතිබුනි. එහෙත් දැන් මට තවත් අවුරුද්දකට වඩා කාලයක් බලා සිටීමට සිදුවන අතර ඒකාලය තුල නැවත පාසල් යෑමට සිදුවී ඇත. මා එදා පිරිමි ලමයෙකු ලෙස පාසැල් යෑමට වඩා අද ගැහැණු ලමයෙකු ලෙස පසැල් යෑමට හැකිවීම ගැන දැඩිලෙස කැමැත්තක් ඇතිවූ අතර එදා මිතුරන් ඇසුරුකලාට වඩා මිතුරියන්
ඇසුරුකිරීමෙන්ද සතුටක් ලැබූනිසා නැවත පාසැල් යෑමට සිදුවීම සම්බන්ධව කිසිම
කනගාටුවක් ඇතිනොවුනි.
ඉරිදා දේව මෙහෙයෙන් පසු මට පියතුමා සමඟ තනියම කතාකිරීමට අවස්ථාවක් ලැබුනි......පදර්ට ගොඩක් ස්තූත්යි මට ඒ පොත්ටික ගෙනියන්න දුන්නට....මා ස්තුතිපූර්වකව පැවසුවෙමි.....වෙන කවුරුවත් දන්නෙ නැතිවුනාට ඒව ඔය ලමයගෙම ඒවනෙ.....ඒකයි මම ඒ ටික ගෙනියන්න කිව්වෙ.....එතුමා පැවසූවිට.....ඒක මට තේරුනා පාදර්....මා සිනාසෙමින් කීවෙමි....දැන් කොහොමද අලුත් ජීවිතේ....මොකුත් ගැටලුවක් එහෙම නැද්ද....ඇසුවේය.....අනේ නෑ පාදර් මම මේ අලුත් ජීවිතේට ගොඩක් කැමතියි....මා කීවිට....මම හිතාහිටියෙ ඔයා ගැහැනු ලමයෙක්වුන හින්ද පොඩ්ඩක් හරි දුකක් ඇති කියල.....පැවසුවේය.....මාත් මුලදි හිතාගෙන හිටියෙ ගැහැනු ලමයෙක් විදියට ජීවත්වෙන එක කරදරයක් කියල.....ඒත් එහෙම එකක් නෑ පාදර්....මට හිතෙන්නෙ මේ ජීවිතේ ඊටවඩා හොදයි කියල.....මා සතුටින් පවසන විට....එහෙම සතුටින් ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්.....පැවසූ එතුමා ඔයලමයට ජේසුපිහිටෙන් කිසිම කරදරයක් නොවේවා කියල ආශීර්වාද කරනව.......පැවසීය.
මල්ලී ඔයාගෙ ලැප් එක හරි ඒකෙ තිබුන ඒව මගෙ ලැප් එකට
දාගත්ත.... වැඩක් නැති ඒව ඩිලිට් කලා..... දැන් ඒක ඔයාට පාවිච්චි කරන්න පුලුවන් ..... ගෙදරදී මල්ලීට කීවෙමි....ඔය ඇත්තමද අක්කේ ....අක්කට ගොඩක් ස්තූතියි.... කී ඔහු මගේ කම්මුල සිපගත්තේය.....මේ මල්ලි කවදාවත් දේශානිගෙ කම්මුල මේවගෙ සිපගෙන නැතුව ඇති.....මම දැන් එයාගෙ ශරීරෙ හිටියට ඒ දේශානි නෙවෙයිනෙ....මා කල්පනා කලෙමි.....මා ඔහු සමග කාමරයට ගියෙමි......මේක ලොක් කරල තිබුනෙ නැද්ද අක්කෙ.....මා එය ක්‍රියාත්මක කිරීමේ බොත්තම ඔබනවිට ඇසුවේය....මේක මගෙ කොම්පියුටර් එකනෙ මම දන්නෙ නැද්ද මේකෙ පාස්වර්ඩ් එක...සිතූ මා.....හොද වෙලාවට ප්‍රියන්ත අයිය මේක ලොක්කරල තිබුනෙ නෑ.... පැවසුවෙමි.....අපේ වාසනාව...කී ඔහු එය අසලින් වාඩිවිය.....දැන් මල්ලි මේකෙන් මොනවද කරන්නෙ....මා ඇසුවෙමි.....හොද ගේම් ටිකක් තියෙනව අක්කෙ... යාලුවෙක් ගාව ඉල්ලගෙන එන්න ඕනැ.... කීවේය....ඔන්න ඉතින් මල්ලිත් ගේම් වලට පුරුදු වෙන්නද හදන්නෙ....මේ ඕව කරන්න නෙවෙයි මම මේක දෙන්නෙ.... වැදගත් දේවල් කරන්න.... ඉස්කෝලෙදි අයිටී වලට කරන ඒව කරන්න....වෙන ඒව කරන්න ගියොත් මම නරක අක්ක කියන්න එපා.....මම කීවිට....මෙයත් අපේ අම්ම වගේ නීති දනවනෙ....අක්ක කියන්නෙ අම්ම වගේ තමයි....මා කීවෙමි.....හරිහරි එහෙනම් මම ඒව කරන්නෙ නෑ....ඔහු දුකෙන් මෙන් කීවිට මගේ සිතට කනගාටුවක් ඇතිවිය... ටිකවෙලාවක් ගේම් එකක් සෙල්ලම් කලාට කමක් නෑ ඒත් හැමතිස්සෙම බෑ හොදද...මා පැවසූ විට ඔහු මා දෙස බලා සිනාසුනේ ඒත් මදෑ කියන හැඟීමෙන් යයි මට සිතුනි.
දිනපතා මට
අයිතිවූ ගැහැනු ජීවිතයට පුරුදුවෙමින් සිටි මා මට
සිදුවූ සත්‍යය සිද්දිය රහසක් ලෙස තබා ගැනීමට පරිස්සම් වුනු අතර මා මෙන්ම පියතුමාද මෙය රහසක් වසයෙන් තබාගන්නා බව දක්නට ලැබුනි......දැන් මම තමයි මේ ගෙදර දේශානි....මා සතුටින් කල්පනා කරන්ට වුනෙමි. දිනෙන් දින මල්ලීද මා සමග තවතවත් හිතවත් වන්ට වූ නිසා අපි අතර තිබෙන සහෝදර බැම්ම තවතවත් වැඩිවන්ටවිය. දැන් ඔහු මගේම මල්ලී ලෙසත් අම්මා සහ තාත්තා මගේම දෙමාපියන් බවත් දැනෙන්ට විය. ...මට දැන් ඉස්සර ගතකල ප්‍රියන්තගෙ ජීවිතේ සම්පූරනයෙන්ම අමතක කරන්න පුලුවන්....මේ ජීවිතේ එක්ක බැලුවම ඒ ජීවිතේ වැඩක් නෑ.... නිතර කල්පනා කරන්ට වූ මා එම ජීවිතය ගැන කල්පනා කිරීම පවා අතහැරීමට උත්සාහ ගත්තෙමි...... මට ඇත්තටම ඒ අතීතය අමතක වෙලාම යනවනම් .....සමහර වෙලාවට සිතුනි.
දිනෙන් දින දවස් ගෙවුනු අතර මේ කාලය තුල ජීවිතේ කිසිම දිනක නොලැබූ සතුටකින් ජීවත්වීමට වාසනාව ලැබුනි. මෙ කාලය තුල මා ප්‍රියන්ත වසයෙන් සිටියනම් උසස් පෙල විභාගයට මුහුන දී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින්ට ඉඩ තිබුනි. එහෙත් අද ඒ බලා පොරොත්තුව ලබන වසර දක්වා කල් දැමීමට සිදුවී ඇත. මෙවර ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කිරීමට ලැබුනු අතර ඒවායේ අසා තිබුනු ප්‍රස්න එතරම් අමාරු නොවන බව දුටු නිසා මෙවර පිලිතුරු ලිව්වේනම් විභාගයෙන් සමත්වීමටද ඉඩ තිබුනි. එහෙත් මට අද ලස්සන ගැහැනු ලමයෙකු බවට පත්වී මෙම නිවසට ඒමට හැකිවීම ගැන ඊට වඩා සතුටක් ඇතිවීතිබුනි.
No comments:
Post a Comment