අනතුරේ
පෙරලිය 47.........මට වෙලා තියෙන දේ මේ අක්කට තේරිලාද.....ගැටලුවක් ඇතිවූ මා ඇය දෙස බියෙන් මෙන් බැලුවෙමි......ඉස්සර නන්ගිට උයනව කියන කොටත් තරහ යන එක්කෙනාට දැන් උයන්න ඉගෙනගන්න ඕනැකියන්නෙ.....මෙයාගෙ ඉස්සර තිබුන පිරිමි ගති නැතිවෙලානෙ නැන්දෙ.....අක්කා පැවසූ විට ඒකනම් මටත් පේනව දුවේ.....අම්මා සිනහසෙමින් කීවාය....මටනම් හිතෙන්නෙ නැන්දෙ ඇක්සිඩන්ට් එකෙන් නන්ගිගෙ මොලේ හැදිල තිබුන පිරිමි පැත්ත නැති වෙන්න ඇති.....අක්කා විහිලු කරන විලාශයෙන් කීවාය...සමහර නරක දෙවල් වෙන්නෙ හොදටයි කියනවනෙ....අම්මා පැවසුවාය.....එතකොට දේශානි පිරිමියෙක් වගේද ඉදල තියෙන්නෙ....ඒත් එයාගාව ජින්ස් තුනහතරක් ඇරෙන්න පිරිමි ඇදුම් තිබුනෙ නෑනෙ....අනිත් ඔක්කොම ගැහැනු ඇදුම්නෙ.....මා කල්පනා කරන්ට උනෙමි....මම කොල්ලෙක් වගේ හිටියනම් කොල්ලො අදින ඇදුම් මා ගාව තියෙන්න එපායෑ....මා කීවේ මේ ගැන තව දුරටත් පැහැදිලි කරගැනීම සදහාය.....කොල්ලෙක් වගේ ඇන්දෙ නැතුවට....අක්කා කියන්ට යනවිට.....දැන් ඕව ගැන මතක් කරන්න ඕනැ නෑ දිශ්නි දුවේ....දැන් දේශානි නංගි හොද ගැහැනු ලමයෙක්නෙ.....අම්මා කියන විට අක්කා නිස්සබ්දව ඉවීම සදහා මස් ටික කපන්ට වූවාය....අම්මා ලූනු සුද්ද කරනවිට ඇට්ය අසලට ගිය මා ඇයට උදවු කරන්ට වුනෙමි.....දුව අහකට යන්න ඇස්දෙක දැවිල හැදෙයි ඔයාට මේවගෙ වැඩ හුරු නෑනෙ.....අම්මා කීවාය......කමක් නෑ නැන්දෙ දැන්වත් ඔය වැඩ වලට හුරු කරන්න.....අපිත් හුරු වුන හින්ද තමයි මේ විදියට උයාගන්න් පුලුවන්වුනේ.....අක්කා කියන්ට වූවාය.
අක්කා පිලියෙල කල රාත්‍රී ආහාරගත් අපි නින්දට සූදානම් උනෙමු....අම්මාට සහ තාත්තාට වෙනම කාමරයක් පිලියෙල කරදුන් ඇය....මට අක්කා සමඟ ඇයගේ
කාමරයේ නිදා ගන්නා ලෙස පැවසුවාය. මල්ලී
අයියාගේ කම්මරයට ගිය අතර මා අක්කාගේ කමරයට ගියෙමි.....අද මට සිදුවූවේ අක්කාගේ ඇදේ ඇය සමග එකට නිදාගැනීමටය.....ජීවිතයේ පලමුවරට ගැහැනු ලමයෙකු සමග නිදාගැනීමට ලැබීම අමුතුම අත්දැකීමක් ලෙස දැනෙන්ට විය. මාව ප්‍රියන්ත උනානම් මෙහෙම කෙල්ලො එක්ක එකට ඉන්න පුලුවන්ද....ඒ අතින් බලනකොට මාව කෙල්ලෙක්වුන එක කොයිතරම් වාසනාවක්ද මා ඇදේ ඇලවී කල්පනාකලෙමි.
මට පේන හැටියට නංගි දැන් ගොඩක් වෙනස්වෙලා.....අක්කා ඇදේ ඇලවී පැවසුවාය.....ඇයි අක්ක එහෙම කියන්නෙ....මම කොල්ලොක් වගේද හිටියෙ....මා ඇසුවෙමි....කොල්ලො තව හොදයි....කී ඇය...ඒව මතක් කරන්න එපා කියල නැන්දත් කිව්වනෙ...ඒ හින්ද ඒගැන මතක් කරන්නෙ නෑ....කී ඇය දැන් ඔයාට ඉස්සර වෙච්ච කිසි දෙයක් මතක නැද්ද....ඇසුවාය....නෑ අක්කේ.... කී මම......මම නරක කෙනෙක් වෙලා හිටියනම් ඒව අමතක වුනාට කමක් නෑ.....කීවෙමි.....මට හිතෙනව... නංගි දැන් අලුත්ම කෙනෙක් කියල...මේවගෙ දේවල් ලෝකෙ කලාතුරකින් වෙනව. මම පිලොසොපියි සයිකොලොජියි
කරනහින්ද ඒගැන දන්නව.....අපි නොදන්නව උනාට නංගි මේලෝකෙ අපිට හිතාගන්න බැරි දේවල් වෙනව.....ඒව විද්‍යාවෙන් ඔප්පුකරන්න බෑ ඒත් නංගි ඒව නැහැයි කියල කියන්නත් බෑ....ඇය එසේ පවසනවිට......අක්ක මේ මොකක් ගැනද කියන්න හදන්නෙ....මම දැන් වෙන කෙනෙක් කියල මෙයාට තේරිලාද.....එහෙම උනොත් හරිවැඩේ වෙන්නෙ......මා කිසිවක් නොකියා බියෙන් මෙන් අහගෙන සිටියෙමි....ඔයා දන්නවද නංගි මීට අවුරුදු ගානනකට ඉස්සර පින්ලන්තෙ කෙල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා සිහිය නැතුව ඉදල සිහිය ආවලු....ඊටපස්සෙ එයා කතාකලේ රුසියන් භාශාවලු....එයා මීට ඉස්සර ඒ භාශාව ගැන දන්නෙවත් නැතිලු.....මේක ගැන පරීක්ෂණ කල විද්‍යාඥයන්ටත් මේක පුදුමයක් උනාලු....මේක සත්‍යය සිද්දියක් නන්ගි...ඇය කීවිට....එහෙම උනේ කොහොමද මා ඇසුවෙමි....රුසියාවෙ මැරුන ගැහැනු ලමයෙක් මැරුන හැටි තමයි මෙයා කියල තියෙන්නෙ....එයාගෙ විස්තර අහනකොට ඒ ලමය තමයි මෙයාගෙ ඇඟට ඇවිත් තියෙන්නෙ....එහෙනම් මට විතරක් නෙවෙයි මේවගෙ දේවල් වෙන්න පුලුවන්.....මා කල්පනා කල අතර මම ප්‍රියන්ත කියල මේ අක්ක දැනගනියිද ....කල්පනා කරන්ට වුනෙමි.....අපි ක්‍රිස්තියානි හින්ද මේව ගැන විස්වාස කරන්නෙ නෑ....අපි හිතාගෙන ඉන්නෙ කෙනෙක් මරුනට පස්සෙ ආයෙත් මෙහෙ උපදින්නෙ නෑ කියල....ඒත් නංගි සමහර දේවල් දැනගන්න කොට ඒව ඇත්ත වෙන්න පුලුවන් කියල මටත් දැන් තේරෙනව....බුදු දහම හින්දු දර්මයෙත් තියෙන්නෙ නැවත උපත්තියක් තියෙනව කියල.....ඒ කොහොමද අක්කෙ එහෙම වෙන්නෙ....මට සිදුවී ඇති දෙයින් මෙවැනි නැවත ඉපදීම් වනබව ඔප්පුවී ඇතිබැවින් තවදුරටත් පහැදිලි කරගැනීම සඳහා ඇසුවෙමි......ඒක කොහොම වෙනවද කියල තේරෙන්නෙ නෑ නන්ගි....ඒත් මැරුනම වෙන කෙනෙකුගෙ ඇගට යනව කියල හිතන්න පුලුවන්. ...ඒ කියන්නෙ අපි මැරුනම වෙන අම්ම කෙනෙක්ගෙ කුසේ ඉන්න බබාගෙ ඇගට යන්න පුලුවන්....ඊට පස්සෙ එයා ඒ බබා විදියට ආපහු උපදිනව.....ඇය පැහැදිලි කරන්ට වූවාය....එහෙනම් මාව මේ දෙශානිගෙ සරීරෙට ආවෙ නැත්නම් වෙන අම්ම කෙනෙකුගෙ බඩට යන්න තිබුන....දැන් දේශානිට එහෙම වෙලා ඇති....කල්පනාකල මා.....එතකොට අක්ක කියන්නෙ අපි මැරුනට ආපහු උපදිනව කියලද....මා ඇසුවෙමි....එහෙම හිතන්න පුලුවන්....පැවසූ ඇය....ඔයා අහල තියනවද දන්නෙ නෑ....මහාචාර්ය ඉයන් ස්ටීවන් ගැන...එයා ඇමරිකාවෙ වර්ජිනියා විශ්වවිද්‍යාලෙ මහාචාරිය වරයෙක් එයා මේ ගැන ලොව පුරා ගොඩක් පර්යේෂක කරල තියෙනව.....ඇය පැවසූ විට ඒ කොහොමද.....මා පුදුමයෙන් යුතුව ඇසුවෙමි.
No comments:
Post a Comment