Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 24..................අර ළම්යට ටිකක් හොඳයි කියල පාදර් කෝල් කරල කිව්ව.....ඒත් තාම අයි සී යූ එකේලු..තාත්තා කියනවිට..එහෙනම් හොඳයි විජේ... ජේසු පිහිටෙන් ඒලමයට හොදවෙන්න ඕනැ.....අම්මා කියන්ට විය.....අපිටත් බලන්න යන්නතිබුන ඒත් අයි සී යූ එකේ හින්ද බෑනෙ....ඇය කීවාය....පාදර් නම් ගිහින් ආශීර්වාද කරල ඇවිත් තියෙනව......පාදර් එක්ක මොනවද වචනයක් දෙකක් කතා කරල තියෙනව....ඒත් මොනවද කියල කිව්වෙ නෑ....තාත්තා කියනවිට....මගේ ශරීරෙට ආයෙත් සිහිය ඇවිත්ද දන්නෙ නෑ....හරියට සිහිය ආවොත් මට ආයෙත් ඒ ශරීරෙට යන්න වෙනව...තාම හරියට සිහිය ඇවිත් නැතුව ඇති ඒකයි තාම මම මෙහෙම ඉන්නෙ.....කල්පනාකල මා...කමක්නෑ....ඒත් කකුල්දෙක නැතුවනෙ ජීවත්වෙන්න වෙන්නෙ....මට කනගාටුවක් ඇතිවිය.
       දැන් කොයිවෙලාවෙ ඒ ශරීරෙට යන්න වෙයිද දන්නෙ නෑ යන සැකයෙන් යුක්තව අද රාත්‍රියේ නින්දට ගියෙමි. පසුවදා උදෑසන අවදිවූ මට තවමත් දේශානිගේ කාමරය තුල ජීවත්වෙන බව දුටුවිට සතුටක් ඇතිවිය. පල්ලි යෑම සඳහා සූදානම් වීමට අම්මා සොයා ගියෙමි....පල්ලි යන්නෙ කීයට විතරද අම්මෙ....මා අම්මාගෙන් ඇසුවෙමි...තාත්ත කිව්වෙ නවයට විතර යමු කියල.....කාල ලෑස්තිවෙන්න....ඇය කීවිට .....මල්ලිටත් කිව්වද අම්මෙ.... මා ඇසුවෙමි.....ඊයෙ කිව්වනෙ.....ඇය පිලිතුරු දුන්විට....මතකද දන්නෙ නෑ....කී මා ඔහුගේ කාමරය අසලට ගොස් කතාකලෙමි.....එන්න අක්කේ....ඇතුලින් ඇසුනු නිසා මා දොර ඇරගෙන ඇතුලට ගියෙමි.....ඔහු ඇදේ ඇලවී සිටිනබව දුටු මා.....ඇයි මල්ලි පල්ලි යන්න ලෑස්තිවෙන්නෙ නැද්ද....ඇසුවෙමි.....ආ පල්ලි යන්නත් ඕනැ නේද ඇසූ ඔහු...කීයටද අක්කෙ යන්නෙ ඇසුවේය.....නවයට යනව කිව්ව..මා කීවිට...අපෝ තාම හතයිනෙ වෙලාව තාම බෙඩ් ටී එක ලැබුනෙත් නෑ....ඔහු පැවසුවේය.....මම ඒක අරන් එන්නම් මල්ලි නැගිටල මූනහෝදගන්නකො.....කී මා කාමරයෙන් පිටවුනෙමි.
            උදෑසන ආහාර ගත් අපි පල්ලි යෑම සඳහා සූදානම් වුනෙමි.....දේශානි ගාව තිබුනු ලස්සන ගවුමක් ඇදගත් මා කොන්ඩය සකස් කරගැනීම සඳහා අම්මා සොයාගෙන ගියෙමි.....අනේ මන්දන්නෙ නෑ මේ විදියට හැමදාම පීරන්න වෙයිද කියල ....කියමින් ඇය කොන්ඩය පීරන්ටවූවාය.....ඉතින් අම්මෙ මම කොහොම පීරගත්තත් අම්මට හරිනෑනෙ.....මා ඇයට දොස් කියන විලාශයෙන් කීවෙමි....දුවේ ඔයා ඉස්සර කොච්චර ලස්සනට කොන්ඩෙ පීරගත්ත කෙනෙක්ද....ඔයා කොච්චර මේකප් කරගෙන ලස්සනට හිටියද.....දැන් දුවට ඒව මතක නෑනෙ.....ඇය කනගාටුවෙන් මෙන් කියන්ටවිය....මේ විදියට දිගටම ඉන්න වුනොත් මාත් දේශානී වගේ ඒවට කොහොමහරි හුරුවෙන්න ඕනැ....මා සිතාගත්තෙමි.
            පල්ලිය කරා පිටත්වනවිට නවය පමන විය.....වෙනදා මෙන් දේවමෙහෙය සදහා විශාල පිරිසක් පැමින සිටිනබව දක්නට ලැබුනි.ඒ අතර ලස්සන ඇදුම් ඇඳගෙන සිටින මගේ වයසේ පසුවන තරුනියන්ද සිටිනබව දක්නට ලැබුනි....එදා මා ප්‍රියන්ත වසයෙන් මේ ගැහැනු ලමයින් දෙස ආශාවෙන් බැලූ ආකාරය සිහිපත්විය. එහෙත් අද මාත් මෙවැනිම ගැහැනු ලමයෙක් බැවින් එදා බැලූ සිතුවිල්ලෙන් නොබලන බව තෙරුනු අතර අද මා බලන්නේ ඔවුන්ගේ ඇදුම් විලාසිතාබව වැටහුනි.....ඔවුන් කෙතරම් ලස්සනට ඇදගෙන ඉන්නවද....එයාල මොන මොන විලාසිතාවන්ද කරගෙන ඉන්නෙ....එයාලගෙ කොන්ඩ මෝස්තර මොනවද...මා ඔවුන් දෙස බලා සිතන්නවූ කාරනා විය.....එදා මෙන් නොව අද ඔව්න් දෙස හොරෙන් නොව කෙලින්ම බැලිය හැකිවූයේ මා දැන් එදාමෙන් නව යොවුන් වියේ තරුණයෙකු  නොව තරුනියෙකු වීඇති නිසාය. මේ නිසා මා මෙලෙස තරුනියෙකු වීම ගැන බෙහෙවින් සතුටුවුනෙමි. මා හොදින් දේව මෙහෙයට සහභාගී වනබව දකින අම්මා සහ තාත්තා සතුටු වනබව දුටුවෙමි
               දේව මෙහෙය අවසානයේ අපි පිය තුමා මුනගැසුනෙමු.....ප්රියන්තගේ තත්වය ගැන කතාකල පියතුමා....පොඩ්ඩක් මට ඔය ලමයත් එක්ක පුද්ගලිකව කතාකරන්න ඕනැ...මේ දෙස බලා පැවසුවේය.....මා ඔහු සමග අපේ කතාව කිසිවෙකුට නොඇසෙන ස්තානයකට ගියෙමු......ඔයලමයගෙ දැන් නම දේශානි නේද..ඇසූ එතුමා..දැන් මොකුත් ගැටලු එහෙන්ම තියෙනවද... ඇසුවේය....තාමනම් නෑ පාදර්.... අතීතය අමතක වෙලා වගේ ඉන්නව....මම කීවිට කොහොමත් ඉතින් ඔය ලමයට දේශානිගෙ අතීතය කියන්න දන්නෙ නෑනෙ....සිනාසෙමින් පැවසූ එතුමා... නිකමටවත් හගවන්න එපා ඔයා මෙහෙ හිටිය ප්රියන්ත කියල.....පැවසුවේය.....ඊයෙ ඒ ළමයට තරමක්කට සිහිය ඇවිත් තිබුනනෙ....මට ඩොක්ටර් කෝල් කරල කිව්ව ඇවිත් කතාකරන්න කියල ඉතින් මම ගියා.....හරිවැඩේනෙ ලමයො වුනේ.....එතුමා පැවසුවේය.

No comments: