අනතුරේ
පෙරලිය
37............මා චකිතයෙන් මෙන් මුර්ත දේහයේ මුහුන දෙස බැලුවෙමි..... මේ එදා හිටිය මමමද..... හැඩි දැඩි කොල්ලෙක් ලෙස සිටි මගේ සිරුර කෙසගවී කලු පැහැගැන්වී ඇතිබවක් දක්නට ලැබුණි.....හොස්පිටල් එකේ ඉන්නකොට කොච්චර දුක් විඳින්න ඇද්ද.....ඒත් ඒ දුක් වින්දෙ මම නෙවෙයිනෙ .....මට හිතෙන හැටියට දේශානි වෙන්න ඇති..... මම වෙනුවෙන් ඒ දුක් විදින්න ඇත්තෙ...මට සිතුනි.....ඈ දුවේ මේ ළමයගෙ කකුල් දෙක කැපුව කිව්වට ඒ බවක් පේන්න නෑනෙ....මා අසලට පැමිණි අම්මා සෙමින් කීවාය.....මිනීය හදනකොට අඩුපාඩු තියල හදන්නෙ නෑනෙ අම්මෙ.....කකුල් වෙනුවට කුමක් හෝ දමා ඇතිබව සිතුනු මා කීවෙමි.....මා පලියේ සිටින දිනවල මාත් සමඟ හිතවත්ව සිටි කිහිපදෙනෙක් දුක්මුසු මුහුනුවලින් යුක්තව සවසට පවත්වන අවමංගල උත්සවයට සූදානම් වනබව දක්නට ලැබුනත් මට ඔව්න් සමග කතා කිරීමට නොහැකි වූයේ මට දැන් ඇති දේශානිගේ රුව ඔව්න් කිසිවෙකුත් හදුනන්නේ නැති නිසාය.
දේහයට ආචාර කල අපි පියතුමා හමුවට ගියෙමු. ....හැම වැඩක්ම මිස්ටර් විජේසිරිවර්ධන භාරගත්ත හින්ද අපිට පහසුවක් උනා.....හවස දෙක විතර වෙනකොට අවසන් කටයුතු කරමු....එතුමා පැවසීය.....ඒක හොඳයි පාදර්.... තියාගත්ත කියල ඒ ලමයගෙ කවුරුවත් නෑනෙ.....තාත්තා පැවසීය.....මේ සිරුරෙ හිටිය මට කවුරුවත් හිටියෙ නැතිවුනාට. අන්තිමට හිටිය දේශානිට කොයි තරම් පිරිසක් ඉන්නවද.....ඒත් කාටද මේ ගැන කියන්නෙ.....මාත් පියතුමත් පමනක් දන්නා මෙහි සත්යයය කිසිවෙකුට පැවසීමට නොහැකිව කල්පනා කලෙමි.....ටික වෙලාවකින් මා දන්නා හදුනන කිහිපදෙනෙක් මාගේ දේහට ගවුරව කිරීමට පැමිනෙන අයිරු දුටුවෙමි. එහෙත් මට ඔවුන්ව හදුනන ආකාරයක් පෙන්වීමට නොහැහැකිවී සිටියෙමි. ....එම පැමිනි කිහිපදෙනෙක් අතර අම්මා දන්නා හඳුනන අයද සිටිනබව ඔව්න් අම්මා සමග කතා කරන ආකාරයෙන් සිතාගැනීමට හැකිවිය.......තාත්තා අවමංගල්‍ය කටයුතු ගැන කිහිපදෙනෙක් සමග කතාකරමින් සිටිනබව දක්නට ලැබුනි.....මා තනිව කල්පනා කරමින් සිටින විට මා අසලට පැමිනි පූජකතුමා .....ඒ ලමය ගැනනම් කනගාටුයි එත් ඔයාගෙ ගැටලුවනම් විසදුනා නේද..... මුවගේ සිහින් සිනාවක් රදවාගෙන පවසනු ඇසුනි......දේශානී ගැනනම් මටත් කනගාටුයි පාදර් ඒත් මේක මේ විදියට සිද්දවුන එක ගැනනම් සතුටුයි....නැත්නම් දේශානි ගොඩක් අසරන වෙනව......මා කීවෙමි.....ඔව් ඒකනම් ඇත්ත කී එතුමා.....ඒත් මට කනගාටු පිරිමි ලමයෙක් වෙලා හිටිය ඔය ලමය ගැහැණු ළමයෙක් වුන එකට......එතුමා කනගාටුවෙන් මෙන් පැවසූ විට.....අනේ එහෙම එකක් නෑ පාදර්....මට හිතෙන්නෙ මේ ගැහැනු ජීවිතේ ඊටවඩා හොදයි කියල.....මා කීවිට.....මා දෙසබලා සිනාසුනු එතුමා....ගැහැනු ළමයෙක් උනාම පිරිමි ලමයෙකුට වගේ නිදහස් ජීවිතයක් නෑනෙ... කරදර කාරී ජීවිතයක් නේද.....ඇසුවේය....අනේ එහෙම එකක් නෑ පාදර් පොඩ්ඩක් නිදහස අඩුවුනත්....මටනම් හිතෙන්නෙ ඉස්සරට වඩා මේ ජීවිතේ ගොඩක් හොදයි කියල......මා කීවිට.....සිනාසුනු එතුමා සතුටින් ඉන්න පුලුවන්නම් ඒ ඇති ....පැවසුවේය.
සැහෙන වෙලාවක් පල්ලියේ ගතකල අපි අවමංගල උත්සවයට සහභාගී වීම සඳහා නැවත පැමිනීමේ අදහසින් ගෙදර ගියෙමු.....දැන් මගේ ශරීරය මැරුන ඒ එක්කම දේශානිත් මැරෙන්න ඇති.දැන් ඉතින් හැමදාම මට දේශානි වගේ තමයි ඉන්නවෙන්නෙ.මීටපස්සෙ මම ඇත්තටම ඒ දෙශානී නෙවෙයි කියල කාටවත් කියන්න බෑ.මේ ගැන පියතුමා දැන ගත්තත් මේ රහස කාටවත් කියන්නෙ නෑ කියල මම දන්නව. ඒ හින්ද බයවෙන්න දෙයක් නෑ....මා ඇදුන් මාරුකරන අතරතුර කල්පනා කලෙමි.
දහවල් ආහාරය ගත් අපි පල්ලියට ගියෙමු. මේ වනවිට සෑහෙන පිරිසක් අවමංගල්යට සහභාගී වීම සදහා පැමින සිටිබව දක්නට ලැබුණි.....මගේ හිතවතුන්ද ඒ අතර සිටියත් දැන් මට ඔවුන් සමග කතා කිරීම ගැටලුවක් බැවින් කිසිවකු සමග හැදුනුම් කම පෙන්වමින් කතා කිරීමට නොගියෙමි. මේ අතර ඔව්න් මගේ වියෝව ගැන දුක්වෙන ආකාරයත් මගේ ගුන කියන ආකාරයත් දැක ගැනීමට ලැබුනි.මා කාත් කවුරුවත් නැති අනාතයෙක් වුවද මා නොසිතූ පිරිසක් අවමංගල්යට සහභාගී වනබව දක්නට ලැබුනි.....මේ ගරුකරනේ ප්රියන්ත වසයෙන් මාතුලින් ප්රකටවුන හොද ගතිගුනවලට මිසක් නෑදෑ කමට නෙවෙයි නේද....කල්පනාකල මට සතුටක් ඇතිවිය.....කවුරු හරි හොදින් ජීවත්වුනොත් එයාටත් මේවගේ ගරුබුහුමන් ලබන්න පුලුවන්....මට සිතුනි.
සවස දෙකහමාර පමන වනවිට පාසැල නිමවූ මල්ලී කෙලින්ම පල්ලියට පැමිනියේය. ඔහුට කෑම රැගෙන ඇවිත් තිබුනු බැවින් ඔහුගේ කෑම වේල ගැන ගැටලුවක් නොතිබුනි.....අපී අක්කව බේරගත්ත මේ අයිය අනිවාර්යයෙන්ම සුවර්ගයට යන්න ඕනැ....කෑමෙන් පසු මා සමග දේහය අසලට ගිය මල්ලී එසේ කියනු ඇසුනි....එහෙත් බේරාගත් අයියා ඔහු අසල සිටිනබවත් ...අක්කා මියගොස් ඇතිබවත් මොහුට පවසන්නේ කෙසේද..
ටිකවේලාවකින්
පසුව පූජකවරු දේව යාඥාව පටන්ගත් අතර අවසානයේදී මා අනාතයෙකු වුවත් පල්ලියට සහ සමාජයට මගෙන් වූ සෙවාවන් ගැන කතාකරන්ට විය.....මේව මම කලේ මේවගෙ හොද කියවගන් බලා ගෙන නෙවෙයි ඒත් මෙයාල ඒව ගැන කියනව.....මා එම කතා අසමින් කල්පනා කලෙමි.
No comments:
Post a Comment