Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 50............ පසු දින උදෑසන ගේ අවට පරිසරය හිමවලින් වැසී තිබෙන ආකාරය දක්නට ලැබුණි. හිම අදින ඇදුමක් ඇදගෙන සිටි මල්ලී එලියට යන ආකාරය දුටු මා මේ සිතලේ කොහේද මල්ලි යන්නෙ.....ඇසුවෙමි....මේක ඇන්දම සීතල නෑනෙ අක්කෙ.....අක්කත් ඇදගෙන එන්න.... ඔහු කීවේය....ඔහු එසේ පැවසූවිට මටද හිම මත ඇවිදීමට කැමැත්තක් ඇතිවිය. එහෙත්  දැන් මම ගැහැණු ලමයෙකි. ගැහැණු ලමයෙක් උනාම ඉස්සර පිරිමි ලමයෙක් වෙලා හිටියවගේ නෙවෙයි...අම්මගෙන් අහන්නෙ නැතුව කොහේවත් යන්න හොද නෑ....සිතූ මා....ඉන්න මල්ලි අම්මගෙන් අහල ඇදුම ඇදගෙන එන්නම්.....කීවෙමි.....අයියෝ අක්කෙ අපි දුරකට යන්නෙ නෑනෙ....මිදුලටනෙ යන්නෙ...ඉතින් ඕක අම්මට කියන්න දෙයක්ද...කී ඔහු....ඉස්සර අක්ක හැමදේම අම්මට කියනවයෑ......සෙමින් පවසනු ඇසුනි. එහෙත් ඔහු කිව්ව දේ නොඅසා අම්මා අසලට ගියමා....අම්මෙ මම මල්ලිත් එක්ක හිමේ පොඩ්ඩක් ඇවිදල එන්නද ඇසුවෙමි....දුර යන්න එපා.....කී ඇය එයට අවසර දුන් නිසා සිතලට අදින ඇදුම් ඇදගැනීමට පටන්ගත්තෙමි.....මල්ලී දිගකලිසමක් ඇදගත්තද. මා ගැහැනු ලමයෙකු බැවින් මගේ කකුල් දෙක ආවරනය කිරීමට තිබුනේ මේස් දෙකක් වැනි ඇදුමකි....ලා දුඹුරූ පැහැති එම ඇදුම ඇදගත්විට තුනී බව පෙනුනත් සීතල අඩුවෙනබව තේරුනි....එයට උඩින් කොටගවුමක් ලෙස සකසා තිබුනු හිම කබාය ඇදගත් මා මල්ලී සමඟ එලියට ගියෙමි. මල්ලී පැවසූ දේ සත්යයකි. හිමට අදින ඇදුම ඇදගත්විට එතරම් සිතල නොදැනෙන බව තේරුම්ගත්තෙමි.....හිම යනු අපේ රටේ ශීතකරන තිබෙන අයිස් කැට මෙන් නොවන බවත් ඒවා පිටිමෙන් සිනිදු බවත් අතගානවිට තේරුනි. මා සතුටින් ඒවා අතට ගෙන උඩදමන්ට වුනෙමි...මල්ලීද හිම උඩදමමින් විනෝදවෙන ආකාරය දක්නට ලැබුනි. හිම අහුරක් ගත් මා ඔහු දෙසට විසි කලෙමි....ඔහුගේ ඇගපුරා හිම තැවරුනු නිසා මා ඔහු දෙස බලා හයියෙන් සිනාසුනිමි.....ඔයා මට හිමවලින් ගහන්න හොඳයි මම ගැහුවොත් තමයි තදවෙන්නෙ.....ඔහු අමනාපයෙන් මෙන් මා දෙස බලා පවසනු දුටුවෙමි....කොයිවෙලාවෙද මට තදවුනේ.....මා ගැටලු කාරීලෙස ඇසුවෙමි......අපෝ ඉස්සර මෙහෙ අවම මෙහෙම කරනකොට අක්ක මට බනිනවනෙ....ඔහු කීවිට.....මම මල්ලිට කියල තියෙනවනෙ.... ඉස්සර හිටිය අක්ක නෙවෙයි දැන් ඉන්නෙ කියල....පැවසූ මා තවත් හිම අහුරක් ඔහු දෙසට විසිකලෙමි.....එවර ඔහු හිම අහුරක් ගෙන මා දෙසට විසිකර බයෙන් මෙන් බලන්ටවිය.....මා එයට සිනාසෙන විට ඔහුද සිනාසෙන්ටවිය...ඔහු නැවතත් හිමවලින් ගසන්ටවිය...මාද ඔහුට හිමවලින් ගැසුවෙමි...මා ඔහුව තුරුලු කරගෙන හිම මත....ඇද වැටී හිම මත පෙරලුනේ.....මා සැරයි කියන ඔහුගේ මතය දුරු කිරීම සදහාය.......අපි දෙදෙනා හිම මත සෙල්ලම් කරන විට අම්මා ගේ ඇතුලේ සිට අපිදෙස බලා සිටින අයුරු දැකගැනීමට ලැබුනි......සෙල්ලම් කලා ඔය ඇති දරුවගේ එන්න කෑමකන්න......අම්මාගේ කටහඩ නිසා අපි නිවස තුලට ගියෙමු......හිමකබා ඉවත්කල අපි කෑම ගන්නා ස්තානයට යනවිට....දෙන්න එක්ක හොදට සෙල්ලම් කලා නේද......පුන්චි අම්මා සිනාසෙමින් ඇසුවාය.....මගේ ලොකුම සතුට නන්ගියෙ.... ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මේ දෙන්න මේතරම් ආදරෙන් ඉන්න එක ගැනයි .....ඒකනම් ඇත්ත අක්කෙ....දේශානි දුව දවස්වල හිටිය හැටියට දැන් කොයිතරම් හොද ලමයෙක්ද කියල මටත් දැන් තේරෙනව.........පුන්චි අම්මා අපි දෙදෙනාගේ හිස් අතගාමින් පැවසුවාය.....දේශානි හින්ද මෙයාල කොච්චර දුකෙන්ද ඉදල තියෙන්නෙ....මා කෑම ගන්නා අතරතුර කල්පනා කලෙමි.
                 ටිකවෙලාවකින් තාත්තා පොඩි තාත්තා සමග කොහේද යෑමට පිටත්වූ අතර . අයියාද ඔහුගේ වාහනයෙන් පිටත්වූවේ යහලුවෙක් හමුවීමට යනබව පවසමිනි........අම්මා පුංචි අම්මා සමග දහවල් කෑම පිලියෙල කිරිමට සූදානම් වන විට මාත් ඔව්න් අසලට ගියෙමි.....අක්කාද අපිට එකතුවිය. මල්ලී රූපවාහිනී යන්ත්රයෙන් චිත්රපටියක් නරබන අයිරු දක්නට ලැබුනි.......දැන් දුවටත් උයන්න හිතිල වගේ.....පුන්චි අම්මා මා ලූනු සුද්ද කරන දෙස බලා කීවාය.....එහෙම හිතිල තියෙන එකත් ලොකු දෙයක් නන්ගියෙ....ඉස්සර මෙයා ඕව කරනව තියා කුස්සිය පලාතෙවත් එන්නෙ නෑනෙ.....අම්මා පැවසූ විට.....මාත් දැන් කෙල්ලෙක්... කෙල්ලෙක් උනාම මේව ඉගෙනගන්න ඕනැ......දේශානි කොල්ලෙක් වගේ හිටිය හින්ද මේවට කැමති නැතුව ඇති.....මම දැන් දෙශානි වගේ වෙන්න ඕනැ නෑ කෙල්ලෙක් උනාම කෙල්ලෙක් වගේ ගතිගුන හදාගන්න ඕනැ.....එහෙම ඉන්නකොට තමයි කෙල්ලන්ගෙ සුන්දරත්වය ඉස්මතුවෙන්නෙ.....මා කල්පනා කරන්ට වුනෙමි.
                   කෙතරම් දහවල් උවද හිරු එලියක් නොපෙනෙන බැවින්.....අක්කෙ මේ දවස්වලට ඉර පායන්නෙම නෑ නේද....අක්කාගෙන් ඇසුවෙමි.....මේ දවස්වලට මෙහෙට හිර මුදුන් වෙන්නෙ නෑනෙ නංගි ඉර අරපැත්තෙ ඈතින් පායල බැහැල යනව.....සමහර වෙලාවට ඉර පේනව වෙලාවට බලන්නකො....ඇය කීවාය. මෙම රටවල් පිහිටා ඇත්තේ උත්තරත් ද්රවයට ආසන්නව නිසා ලන්කාවට මෙන් ඉරමුදුන්වීමක් නොවන බව මට සිහිවිය. අපි උයමින්සිටිනවිට තාත්තලා ආපසු පැමිනි බව දුටු අතර අයියා තවමත් පැමින සිටියේ නැත.


No comments: