Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 23...................අක්කේ අර පෝන් එක දෙන්නකො....ටිකවෙලාවකින් මල්ලී පැවසූ නිසා එය මල්ලිට දුන් මා නැවත අම්මා අසලින් වාඩිවුනෙමි....බලන්නකො දිස්නා මෙයාගෙ පෝන් එකේ ලොක් එකවත් ඇරගන්න හැටිත් අමතක වෙලානෙ....අම්ම විජිත අන්කල්ගේ නෝනාට දිස්නා යනුවෙන් අමතමින් කීවාය.....මේ ඇන්ටිගෙ නම දිශ්නා ඒකත් මතක තියාගන්න ඕනැ....මා කල්පනා කලෙමි....අපේ පුතාට ඕක සුලුදෙයක් එයා ඇරලදෙයි.....විජිත අන්කල් පැවසුවේය.....වැඩේ හරි අක්කේ....මල්ලී පෝන් එක රැගෙන මා අසලට පැමින සතුටින් කී ඔහු......අක්කගෙ තව මොකක්ද කරවගන්න තියෙනව කිව්ව නේද....ඇසුවේය.....ඔව් මල්ලි මම ලැප් එක අරන් එන්නම්.....මා ඔහුට පරිඝණකය ගෙනැවිත් දුන්නෙමි.....එෆ් බී එකේ පාස්වඩ් එක මතක නෑ අයියෙ....මා විකුම් අයියාට කීවෙමි.....එෆ් බී එක හදල දුන්නෙත් මමනෙ.....කී ඔහු එය ඔන් කර කල්පනා කරන්ට විය.....මේකට දාපු පස්වඩ් එක මට මතක හැටියට නන්ගිගෙ නමයි...ඉලක්කන් වගේකුයි.....දේශානි යනුවෙන් ටයිප් කල ඔහු....කල්පනා කරමින් අන්ක එකතුකරන්ටවිය....හරි මට දැන් මතක්වුනේ.....මේ ගෙදර අන්කයනෙ දැම්මෙ......කී ඔහු එම අන්කය ටයිප් කරන්ට විය.....එවිට එම පිටුව පරිඝණකයේ දිස්වන්ට විය.....දැන් මගේ වැඩේ හරි දේශානිගෙ පෝන් එකත් තියෙනව එෆ් බී එකත් තියෙනව.....ඒ කෙල්ලගෙ තව තොරතුරු ටිකක් හොයාගන්න පුලුවන් මා සතුටින් කල්පනා කරන්න වුනෙමි.....අනේ ඔයාට ගොඩක් ස්තූතියි විකුම් අයියේ.....කී මම මල්ලි හින්ද තමයි මේ ඔක්කොම කරගන්න පුලුවන් වුනේ....මා මල්ලිගේ හිස සිපගනිමින් කීවෙමි.....ඒවා පසුව බැලීම සඳහා කාමරයේ තැබූ මා නැවත අම්මලා සිටින් ස්තානයට පැමිනියෙමි....මොකද වැඩේ කරගත්තද....අම්මා ඇසුවා...ඔව් අම්මෙ විකුම් අයියට ගොඩක් ස්තූති කරන්න ඕනැ.....මා කීවෙමි.
             විකුම් යනු උස මහත කඩවසම් පෙනුමක් ඇති කෙනෙක් උවද තරමක ලැජ්ජාසීලී තරුණයෙක්  බව ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්ට තිබුනි....මෙයා හොද කෙනෙක් හින්ද තමයි අම්ම දෙශානිට මෙයත් එක්ක ඇසුරු කරනවට මොකුත් කියන්නෙ නැත්තෙ.....මෙයා විතරක් නෙවෙයි මේ පවුලෙ අය ටිකක් වැදගත් අයවගේ පේන්නෙ.....ඔව්න්ගේ කතා විලාසයෙනුත් හැසිරීම් වලිනුත් මට හිතාගැනීමට හැකිවිය....වෙනදට මම ආවහම නන්ගිගෙ කාමරේට එක්ක ගිහිල්ල කතාකරන්නෙ.....අද නන්ගි අදුනන්නෙ නෑ වගේ ඔහේ ඉන්නව.....මා අසලට පැමිනි වරුනි අක්කා මගේ අතින් අදිමින් කීවාය......ඇයට වුවමනාවී ඇත්තේ මා සමග කාමරය තුලට ගොස් කතා කිරීමට බව දැන්ගත් මා ඇය සමග කාමරය තුලට ගියෙමි......ඉතින් නංන්ගි එදා නන්ගිට මොකද වුනේ කියන්නකො.....මගේ ඇඳමත වාඩිවූ ඇය ඇසුවාය.....මතක නෑ අක්කෙ.....කවුද තල්ලු කරනව වගේ මතකයි එච්චරයි.....දේශානිට සිදුවූ දේ මට සිදුවුනාක් මෙන් කීවෙමි....මම කැම්පස් එකේ ඉන්න කොට අපේ අම්ම කෝල්කරල කිව්ව නංගි ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ කියල.....මම බලන්න එන්න හදනකොට කිව්ව එච්චර අමාරුවක් නෑ කියල....ඒකයි ආවෙ නැත්තෙ....දවස් දෙකක් සිහි නැතුව හිටියලු නේද...අවසානයේ ඇසුවාය....ඔව් අක්කෙ....මා කී විට.....ඒ කොල්ල හින්ද යන්තම් ඔයා බේරුනා.....ඒ කොල්ලට අමාරුයිලු නේද....අනේ පවු අහිසකය....ඇය කියන්ට විය......දැන් නන්ගිට පරන දේවල් කිසිදෙයක් මතක නැද්ද.....අනතුරුව ඇසුවාය......පොත් බලනකොට ඉස්කෝලෙ වැඩනම් මතකයි.....ඒත් අනිත් ඒව මොකුත් මතක නෑ.....මා කීවෙමි.....ඒක ලොකු දෙයක් මොනව නැතත් පාඩම් ටික මතක තියෙනවනම් ඒ ඇති.....විභාගෙත් ලබන අවුරුද්දෙනෙ නේද.....ඇසුවාය....අනේ ඔව් අක්කෙ පාඩම් ටිකත් අමතක වුනානම් තමා හරිවැඩේ වෙන්නෙ....මා කිවෙමි....නන්ගිට මතක නැත්නම් ඔය පෝන් එකෙයි ලැප් එකෙයි ඇති අපි ට්රිප් ගිය ඒවයෙ ගත්ත පොටෝ.....ඔයාගෙ බර්ත් ඩේ එකෙත් පොටෝ ඇති ඒව බලන කොට මතක් වෙයි.....ඔයාට දැන් තියෙන්නෙ කම්පනයට සිද්දවුන අමතක වීමක් මිසක් වෙන ලෙඩක් නෙවෙයි....සමහර විට ටික ටික මතක් වෙයි ඔයා කිසි දේක්ට බයවෙන්න එපා......ඇය මාව තුරුලට ගෙන පවසන විට මට තරමක ලැජ්ජාවක් ඇතිවූවේ මා කොල්ලෙක් වසයෙන් කිසිම දවසක ගැහැනු ලමයෙකුට මෙතරම් සමීපවී නොසිටි නිසාය....ලැජ්ජාව කෙසේ වෙතත් මා මේ වෙලාවෙ කොල්ලෙක් උනානම්  ආශාවත් ඇතිවෙන්න තිබුන.....එහෙම උනානම් ලින්ගය ලොකුවෙලා ඉන්න බැරුව යනව.....ඒත් දැන් මට ඒවගෙ එකක් නෑනෙ....ඒහින්ද මොනව ලොකු වෙන්නද....සිතමින් ඇයට තුරුලු වුනෙමි....නන්ගිට මොනවහරි උදවුවක් තියෙනවනම් කියන්න අපි ඉන්නව ඕනැදේකට....ඇය පවසන්ටවිය.....ඇයට තුරුලුවී සිටිනවිට ඇඟට අමුතුම සනීපයක් දැනෙන්ටවිය....කෙල්ලෙක් වෙලා ඉනකොටත් සනීපයි ඒ වගේම කෙල්ලො ගාව ඉන්නකොටත් අමුතුම සතුටක්නෙ දැනෙන්නෙ....කවුරු කෙසේ පැවසුවත් ගැහැනු ජීවිතය යනු අමුතුම සුන්දර සැහැල්ලු ජීවිත්යක් ලෙස දැනෙන්ටවිය....මම කවදාවත් වින්දෙ නැති සුන්දර අත්දැකීමක් නේද මම දැන් විදින්නෙ.....කල්පනා කලෙමි.
               අපිත් සමග සෑහෙන වෙලාවක් ගතකල ඔවුන් පිටත්විය....ඉන් ටිකවෙලාවකට පසු තාත්තා ගෙදර පැමිනියේය.....අම්ම හෙට පල්ලි යන එක ගැන තාත්තට කියයිද දන්නෙ නෑ.....රෑවෙලා අහනව.....කල්පනාකල මා කාමරයට ගොස් පරිගනකය ක්රියාත්මක කර දේශානිගේ පේස් බුක් එක විවුර්ත කලෙමි...එහි යෙහෙලියන් විශාල සන්කයාවක් සිටිනු දක්නට ලැබුනි.....මෙයාල ඇත්තටම අදුනන අයද නැත්නම් එෆ් බී යාලුවොද....කල්පනා කරමින් තවදුරටත් බලන්ටවුනෙමි....ඇය යම් තරමකට ආගම් විරෝදී අදහස් දැරූ අයෙක් බව ඇගේ පිටුව පරීක්ෂා කරනවිට දැකගන්ට ලැබුනි...එතකොට මෙයාගෙ ආගම මොකක්ද...කිතුදහමට විරුද්ධ දේවල් දක්නට ලැබුනු බැවින් කල්පනාකලෙමි.
              දුවේ තාත්ත දුවට කතාකරනව.....අම්මා පවසනු ඇසුනු මා....එය නිවාදමා ඔහු හමුවීමට සාලය දෙසට ගියෙමි.....සැටියේ වාඩිවී සිටි තාත්තා රූපවාහිනිය නරබමින් සිටිනබව දක්නට ලැබුනි....ඔහු ලගින් වාඩිවූවිට සුපුරුදු පරිදි මාව තුරුලුකරගත් ඔහු....දුවට හෙට පල්ලි යන්න ඕනැද.... ඇසුවේය.....ඔව් තාත්තෙ හෙට ඉරිදනෙ....මා කීවිට මගේ හිස සිපගත් ඔහු....හෙට උදේට ගිහින් එමු නේද.... ඇසුවේය...හොදයි තාත්තෙ උදේට යමු....මා කීවෙමි.....අපි අසලසිටි අම්මාගෙ මුවට සිහින් සිනාවක් ආ බව දුටුවෙමි.

No comments: