Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 32..............අපේ හදිසි අන්තුර සිදුවී සති දෙකකට ආසන්නවිය. මේ වනවිට මම දේශානිගේ ගැහැණු ජීවිතයට හුරුවෙමින් සිටියෙමි.පාසැලේදී මෙන්ම මායන පුද්ගලික පන්ති වලදීද එතරම් ගැටලුවලට මුහුන පෑමට සිදුනොවුනේ ඉශානී ඇතුලු අනිකුත් යෙහෙලියන් මට කරන ලද උදවු උපකාර නිසාය.මේ අතර තවමත් රෝහලේ සිටින මගේ පිරිමි ශරීරයට වරින් වර සුලු වෙලවක් සිහිය එනබවත් වෙලාව තුල දේශානිගේ සහ ඇයගේ නිවසේ තොරතුරු....විටින් විට කියන බවත්...තාත්තා අපි සමඟ පවසන්විට මගේ ගැටලුව එලිවෙයිද යන බියකින් පසුවුනෙමි. මේ කතා අසනවිට දැන් මගේ සිරුර තුල සිටින්නේ දේශානීම බව සැකය තව තවත් තහවුරුවන්ටවිය....මාව දෙශානිගෙ ශරීරෙට ආව වගේ දේශානි මගේ ශරීරෙට යන්න ඇති....මා කල්පනා කලෙමි.මගේ සිරුරතුල සිටින දේශානිට කොයි මොහොතේ හෝ සම්පූරන සුවය ලැබෙන බව මාතුල විශ්වාසයක් ඇතිවිය..... ලමයට හොදවුනාට පස්සෙ ආයෙත් අපේ ශරිර දෙක මාරුවෙනවනම් හොඳයි. නැත්තම් මේවගේ සුඛෝපබෝගි ගැහැණු ජීවිතයකට හුරුවුනු ලමය කාත් කවුරුවත් නැති අබ්බගාත ජීවිතයක් ගතකරන්නෙ කොහොමද...මා දුක්මුසුව කල්පනාකරන්ට වුනෙමි......අපිට ආයෙත් සිරුරු මාරුකරගන්න බැරිවෙලා අපේ ඇත්ත තත්වය හෙලිවුනාට පස්සෙ ඒයා මෙයාලගෙ හිටපු දුව හැටියට පිලිඅරගෙන මෙහෙ එක්ක ඇවිත් ලමයට සැලකුවොත් හොදයි. මම දේශානිගෙ ශරීරෙ හිටියත් මම ඇත්ත දේශානි නෙවෙයි කියල දැනගත්තොත් මේ අම්මයි තාත්තයි මට මොකක් කරයිද....සමහර විට මාව ආපහු පල්ලියට බාරදෙයි. එහෙම වුනොත් පල්ලියෙ කන්යාරාමෙට යනව.....අනාත වෙලා හිටිය මට දැන් කොයි එක වුනත් එකයි.....දේශානිට හොදක් වෙනවනම් ඇති...මා තවදුරටත් කල්පනාකරන්ට වුනෙමි.
            පල්ලියට ගොස් පියතුමා මුනගැසී මෙම ගැටලුව ගැන පැවසීමටනම් හෙට ඉරිදා දින යොදාගත හැකිබව කල්පනාවූ මා හෙට පල්ලි යායුතු දිනය බැවින් අම්මාට මතක්කලෙමි....මම හිතුවෙ ගිය ඉරිදයින් පස්සෙ ආයෙත් පල්ලි යන එකක් නෑ කියල.....අම්මා කීවේය....ඇයි අම්මෙ එහෙම හිතුවෙ.....මා ඇසුවෙමි.....ඇයි සමහරුන්ට දෙවියන් වහන්සේ සිහිවෙන්නෙ මොකක් හරි කරදරයක් ආවහම විතරනෙ....ඇනුම් පදයක් මෙන් පැවසුවාය......මට ආයෙත් දෙවියන් වහන්සේ අමතක වෙන්නෙ නෑ අම්මේ..... පැවසුවෙමි.....අමතක වෙන්නෙ නැත්නම් හෙට යමුකෝ.....සිනාසෙමින් කී ඇය ....මම තාත්තට කියන්නම්....පැවසුවාය.
            පසුගිය ඉරිදා මෙන් අපි තාත්තා සමඟ පල්ලියට ගියෙමු. සුපුරුදු පරිදි පල්ලියේ පූජාවලට සහභාගී වීමෙන් අනතුරුව පියතුමා සමග තනිවම කතා කරන්ට ලැබුනි. එතුමාද මා සමග මේ ගැටලුව සාකච්චා කිරීමට සිටිබව සාකච්චවේදී තේරුනි.... ලමයත් එක්ක මාත් කතාකලා....එයාගෙ කියන දේවල් වලින් මට හොදටම තේරුනා ඉන්නෙ.... ගැහැනු ලමය කියල.....දැන් ගැටලුව තියෙන්නෙ ඒලමයට හොදට සිහිය ආවොත් මොකද වෙන්නෙ කියන එකයි......එහෙම වුනොත් ඇත්ත එලිවෙයි...ඒත් අපි මොකුත් කියන්න යන්න ඕනැ නෑ...ඔය ලමයත් කිසිදෙයක් මතක නැති විදියටම ඉන්න. එතකොට මේක කාගෙවත් වැරද්දක් වෙන්නෙ නෑනෙ.....අනිත් එක මේක ඔය ලමය හිතාමතා කල දේකුත් නෙවෙයිනෙ....පැවසූ පියතුමා....අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු මේකට හොද විසදුමක්....අවසානයේදී එතුමා පැවසුවේය......මාද නැවත වතාවක් ජේසුතුමාගේ පිලිරුව ඉදිරියට ගොස් මගේ ගැටලුවට හොද විසදුමක් ලබාදෙන ලෙස යාච්ඤා කලෙමි.
               දැන් අපේ දුව අපිටත් වඩා භක්තිවන්තියෙක් වෙලානේ....අපි ගෙදර එන අතරතුර අම්මා තාත්තාට ඇසෙනලෙස පැවසුවාය.....ඒක තමා මාත් මේ කල්පනා කලේ....අන්තිමේදි කන්යාරාමෙටත් යයිද දන්නෙ නෑ....තාත්තා සිනාසෙමින් කීවේය.....දේශානිට හොදවුනාම ඇත්තටම මට වෙන්නෙ ඒක තමා....මා දුක්බරව කල්පනා කරන්ටවුනෙමි.

                  ගෙදර පැමිනි පසු තාත්තා වියාපාර වැඩවලට පිටත්වූ අතර මල්ලී චිත්රපටයක් බලන්ට විය....වෙනදිනවලට චිත්රපට බැලීමට ආශාකල මා මට ඇතිවී තිබුනු ගැටලු සහගත තත්වය නිසා සියල්ල එපාවුනාක් මෙන් දැනෙන්ට විය....ඇදුන් මාරුකරගත් මා ඇදේ ඇලවී මෙම ගැටලුව ගැන කල්පනා කරමින් සිටින අතරතුර.....අක්කේ....යනුවෙන් මල්ලී කතාකරනු ඇසුනි.....ඇයි මල්ලි මම කාමරේ....කීවෙමි.....එල ෆිල්ම් එකක් තියෙනව බලනවද ඇසුවේය.....මට දැන් පිල්ම් නෙවෙයි පේන්නෙ ...දවල් තරු....කිසිවක් නොකියා කල්පනා කල මා ....මල්ලි බලන්න මගෙ හිස ටිකක් රිදෙනව.....කීවෙමි.....ඇයි දුවේ...මගේ පැවසූදේ ඇසුනු අම්මා කාමරයතුලට ආවාය.....නෑ අම්මෙ හිස පොඩ්ඩක් රිදෙනව මහන්සියට වෙන්න ඇති ටිකවෙලාවකින් හරියයි.....කීවිට මා අසලින් වාඩිවූ ඇය මගේ හිස අතගාමින්....දුව ඔහොම පොඩ්ඩක් ඇලවෙලා ඉන්න....රෙස්ට් එකක් ගත්තාම අඩුවෙයි....කීවාය.....මට ඇතිවෙලා තියෙන ඇත්තම හිසේ කැක්කුම මෙයාලට කියන්නෙ කොහොමද....ඇය මට ආදරය කරන අතරතුර සිතන්ට වුනෙමි......දේශානිට ලැබෙන්න තියෙන ආදරේනෙ මම මේ අම්මගෙන් ගන්නෙ.... කෙල්ල අරහෙ හොස්පිටල් එකේ දුක්විදිනව මම මෙහෙ එයාගෙ සැප ඇදේ ඇලවෙලා එයගෙ අම්මට තුරුලුවෙලා ඉන්නව...දෙවියනි......ඔබ වහන්සේ මොකක්ද මේ දෙශානිට කලේ...මම කොහොමත් අනාතයෙක් ඒත් දේශානී.....ඔබවහන්සේ දැන්වත් මේ ගැටලුව විසදලා දෙන්න.....මා සිතින් යාච්ඤා කරන්ටවුනෙමි.

No comments: