අනතුරේ
පෙරලිය 48.........ලෝකෙ එක එක රටවලින් හම්බවෙලා තියෙනව පෙර ආත්ම ගැන කියවන ළමයි. එයාල දැකලවත් නැති අහලවත් නැති අයගෙ නම් කියකියා විස්තර කියනවලු....ඒ ලමයි ගැන තමයි මේ මහාචාර්යවරයා පරීක්ෂණ කරල තියෙන්නෙ....ඒ ලමය කියන පලාත්වලට ගිහින් හොයල තියෙනව ඒව ගොඩක් හරිගිහින් තියෙනව....හරි පුදුමයක්නෙ අක්කෙ....මා කීවෙමි.....අපේ රටෙත් ඉන්නව ග්‍රැන්විල් ධර්මවර්ධන කියල මහාචාර්ය වරයෙක් එයත් මේ ගැන පර්යේෂණ කරනව.....ඒ හින්ද නංගි බයිබලයේ මොනව තිබුනත් ආයෙත් උපදින්න පුලුවන් කියල සැකකරන්න වෙනව.....ඇය පැවසුවාය.....සැක කරන්න දෙයක් නෑ අද මට වෙලා තියෙන දෙයින් ඒවගෙ දේවල් වෙන්න පුලුවන් කියල හිතාගන්න පුලුවන්....ඒත් අක්කට මා ගැන කියන්නෙ කොහොමද....මේක ගෙදර අය දැනගත්තොත් මට කොහොම සලකයිද....සැකයෙන් කල්පනා කරන්ට වුනෙමි.....එතකොට අක්කෙ පිරිමි ලමයෙක් ගැහැණු ලමයෙකුගෙ ශරීරෙ උපදින්න පුලුවන්ද.....මා ඇසූවිට.....එයට සිනාසුනු අක්කා... ඇයි නංගිත් ආසද පිරිමි ලමයෙක් වෙලා උපදින්න ඇසුවාය.....අපෝ මටනම් ඕනෙ නෑ..කීමා....අක්ක ආසද...ඇසුවෙමි...ඔය කොල්ලො වෙනවට වඩා මේ විදිය හොදයි නංගි......කී ඇය....එහෙමත් වෙන්න පුලුවන්.....පවසා ඔය ඉයන් ස්ටීවන් කියන මහාචාර්ය වරයා මීට අවුරුදු ගනනාවකට ඉස්සෙල්ල ලංකාවේදී ඔයගැන පර්යේෂණයක් කරල තියෙනව.....නැවත උපන් දැරිය කියන පොතේ තියෙන්නෙ ඒ පරීක්ෂණය ගැන විස්තර.ඒකෙ තියෙන්නෙ තිලකරත්න කියන පීරිමි ලමයෙක් ටික
කාලයක් ඉදල මැරිල ඤාණතිලකා කියන ගැහැනු ලමයෙක් විදියට උපන්න කතාවක්.ඒ ගැහැනු ලමය මැරුන පිරිමි ලමය ගැන හුගක් විස්තර කියල තියෙනව ඒව ගොඩක් දේවල් හරි කියල ඔප්පුවෙලා තියෙනව....අක්කා කියනවිට.....ඒව හරි තමයි දැන් මට වෙලා තියෙන්නෙත් ඒවගෙ දෙයක්නෙ.....මම මේක රහසක් විදියට තියාගෙන හිටියට...මටත් ඕනෙනම් පුලුවන් මැරුන ප්‍රියන්ත ගැන ඔක්කොම විස්තර කියන්න....මමත් ප්‍රියන්ත කියන පිරිමි ලමය වෙලා හිටිය හින්ද.....කල්පනා කල මා.....ඒ ලමයත් කැමති වුනාද ගැහැනු ලමයෙක් වෙලා උපන්නට....ඇසුවෙමි....ඔව් ඒ ගැනත් අහල තියෙනව....ඔයා කැමති මල්ලියෙක් වෙන්නද නන්ගියෙක් වෙන්නද කියල ඇහුවම කියල තියෙන්නෙ නන්ගියෙක් වෙන්න කියල.....ඇය පැවසුවාය.....එතකොට ඒලමයත් කෙල්ලෙක් වෙලා ඉන්න එක ඉස්සරට වඩා හොදයි කියල තියෙනව....මටත් දැන් හතිල තියෙන්නෙ ඉස්සර තිබුන පිරිමි කමට වඩා දැන් හොදයි කියල...කවදාවත් පිරිමියෙක් නොවුන අක්කත් කියන්නෙ ගැහැනු කම හොදයි කියල......එක අතකට බලනකොට ගැහැනු ජීවිතේ හොදයි තමා....ගැහැනු ලමයෙක් වෙන එක හොද නෑ කියල ඉසර මාත් හිතාගෙන හිටිය....ඒත් දැන්නම් එහෙම හිතෙන්නෙ නෑ....ගැහැනු ලමයෙක් වීමේ අගේ තේරුම් ගන්නනම් ගැහැනු ලමයෙක් වෙන්නම ඕනැ........මා කල්පනා කරන්ට වුනෙමි....අපි දන්නෙ නැති හුගක් දේවල් මේ ලෝකෙ වෙනවනෙ නේද අක්කෙ....මා පැවසුවෙමි.
දැන් නන්ගිට ඉස්සර ඒව කිසිම දෙයක් මතක නැද්ද....ටික වෙලාවකින් අක්කා ඇසුවාය....මතක නෑ අක්කෙ...මා පිලිතුරු දුන්නෙමි.....එහෙනම් නන්ගිත් මැරිල උපදින්න ඇති......ඇය එසේ කීවිට මට බියක් ඇතිවිය....එහෙනම් එදා මාව මැරුනද අක්කෙ.....මා ඇසුවෙමි....එයට සිනාසුනු අක්කා මැරුනනම් ඔයා ඉන්නවද නංගි ඇසූ ඇය.....මම කිව්වෙ අර මම කියාපු රුසියන් භාශාව කතා කල කෙල්ලට සිද්දවුනා වගේ දෙයක් ඔයාටත් වෙලාද කියල. ....ඒ කියන්නෙ මාවත් දැන් වෙන කෙනෙක් කියලද....මම කවුරුද කියා දැනගත්තා දැයි පරීක්ෂා කිරීම සඳහා ඇසුවෙමි...මට එහෙම දෙයක් කියන්න බෑ....ඒත් ඔයා දැන් ඉස්සර හිටිය දේශානි නංගි නෙවෙයිද
කියල මට නිකමට හිතෙනව.....ඇය පැවසූවිට....මේ අක්කට මගේ ඇත්ත තත්වෙ තේරිලා වගේ.....දැන් මොකද කරන්නෙ.....මා ගැටලු කාරී ලෙස කල්පනා කරන්ට වුනෙමි.....ඇයි අක්කෙ එහෙම කියන්නෙ.....මම මෙහෙ එක්කෙනෙක් නෙවෙයිද....මා දුකෙන් සහ බියෙන් යුතුව ඇසුවෙමි.....අනේ නංගි මම එහෙම කිව්වම නන්ගිට දුක හිතුනද.....ඇසූ ඇය මාව තුරුලු කරගෙන මගේ මුහුන සිපගන්ට විය......නංගි දැන් ඉස්සර නංගිට වඩා ගොඩක් හොදයි හරිම අහිංසකයි.....ඉස්සර ඔයා මෙහෙම නෙවෙයි නෙ හිටියෙ.....ඇත්තටම ඔයා වෙන කෙනෙක් උනත් හරිම හොද කෙනෙක්නෙ.....මම ගොඩක් ආදරෙයි නන්ගි ඔයාට.....කී ඇය නැවත සිපගන්ටවිය.....එතකොට දේශානි එච්චර නරක දරදඩු කෙල්ලෙක්ද.....එයා අම්මටත් බනිනව කියල මල්ලිත් කිව්වනෙ....කිසිම ආගමක් දර්මයක් විශ්වාශ නොකර ඒවට ගරහන අය එහෙම වෙන එක සාමාන්‍යය දෙයක්.....මා කල්පනා කරන්ට උනෙමි......ඔයා කවුරු උනත් අපේම නන්ගියෙක්නෙ....ඒ හින්ද මම කිව්ව දේවල් අමතක කරල නිදාගම්මු ඇය මාව තුරුලු කරගත්තාය.....ඇගේ උනුසුම නිසා ඇගේ තිබුනු සීතල ගතිය නැතිවී උනුසුම දැනෙන්ට වූ අතර ජීවිතයේ පලමු වරට කෙල්ලෙකුට තුරුලුව නිදාගැනීමට ලැබීම ගැන සතුටක්ද ඇතිවිය.
No comments:
Post a Comment