අනතුරේ
පෙරලිය
38............මා කලක් ජිවත්වී ප්රානය නිරුද්දවූ පිරිමි සිරුර නැවත නොදකින ලෙස භූමදානය කරනවිට සිතතුල යම් තරමක දුකක් ඇතිවූවද මට දැන් ලැබි ඇති ගැහැණු සිරුර මීටවඩා හොඳයයි හැගීමක් ඇතිවිය. මා වැරදි ක්රියවන් කිසිවක් නොකර සෑම දෙනාටම උදවු උපකාර කරමින් හොද දේව භක්තිකයෙකු ලෙස ජීවත්වීම නිසා දෙවියන් වහන්සේගෙන් මට ලැබුනු තෑග්ගක් ලෙස මේ සුන්දර ගැහැනු ජීවිතය ලබාදී ඇතිබව මා කල්පනා කරන්ටවූ අතර මාව මෙවැනි තත්වයකට පත්කිරීම ගැන දෙවියන්වහන්සේට ස්තූති කලෙමි.එහෙත් දෙවියන් කෙරෙහි කිසිම ආදර භක්තියක් නැතිව සියලුම අගම් විවේචනය කරමින් ඒවාට අපහාස කරමින් දරදඬු ජීවිතයක් ගතකල දේශානිට දෙවියන් වහන්සේගෙන් දඩුවමක් හිමිවුනාදැයි මට සැකයක් ඇතිවිය. එහෙත් ඇයව අපායට නොදමා ඇයට සමාව දී ඔබවහන්සේ අසලට කැදවා ගන්නා මෙන් මා සෙමින් යාඥා කරන්ටවුනෙමි.
අවමගුල් කටයුතු නිමා කිරීමෙන් අනතුරුව අපි ටිකවෙලාවක් පියතුමා සමග කතාකරමින් සිටියෙමු....ප්රියන්ත දරුව අපේ පල්ලියට ලොකු ශක්තියක් වෙලා තිබුනෙ දැන් ඒ දරුව නැති එක ලොකු අඩුවක්...දුකෙන් මෙන් පැවසූ එතුමා.....ඒ දරුව නැතිවුනේ මේ දරුවව බේරගන්න ගිහින්නෙ.....නැත්නන් ප්රියන්තට සිද්දවුන දේ සිද්දවෙන්න තිබුනෙ මේ දරුවට.....ඔය දරුවගේ ජීවිතය බේරගත්ත එකට ප්රියන්තට කරන ගරුකිරිමක් වසයෙන් මම මේ දරුවගෙන් ඉල්ලා සිටිනව පල්ලිය වෙනුවෙන් කරන්න පුලුවන් හැම උපකාරයක්ම කරන්න කියල......එතුමා පැවසූවිට....ඕනැ උදවුවක් කියන්න පාදර් මම ඒ හැම දෙයක්ම කරල දෙන්නම්.....තාත්තා පොරොන්දුවිය.....බොහොම ස්තූතියි මිස්ට විජේසිරිවර්දන....ඒත් මම ඉල්ලා සිටින්නෙ ඔයාලගෙන් උදවු නෙවෙයි...කොහොමත් මිස්ට විජේසිරිවර්දන පල්ලියට උදවු කරනවනෙ....සිනාසෙමින් කී එතුමා.....මේ දරුවගෙන් මම ඉල්ලන්නෙ පල්ලිය වෙනුවෙන් කරන්න පුලුවන් යුතුකම් කරන්න කියල.....ප්රියන්ත තරම් බැරිවුනත් හැකි උදවුවක් කරන්න කියල ඉල්ලනව.....පාදර් එසේ කීවිට....කියන්න පාදර් මම ප්රියන්තට කරන ගරුකිරීමක් වශයෙන් ඕනැ උදවුවක් කරන්නම්.....මා සතුටින් කීවෙමි.....ඔව් පාදර් අපිත් ඉන්නවනෙ....අම්මා කීවාය......ඔව් ඒක හොදයි...එතකොට තමයි දෙවියන් වහන්සේගේ ආශීර්වාදය හොදට ලබාගන්න පුලුවන්වෙන්නෙ.....පියතුමා පැවසුවේය.
පාදර් අපිව දන්නව වුනාට අපේ දුවව අදුනන්නෙ නෑනෙ සමහර විට මීට ඉස්සර දැකලවත් නැතුව ඇති.....ඒකයි පාදර් දුවට එහෙම කිව්වෙ....අපි ගෙදර යන අතරතුර කී තාත්තා... ඒ දරුව දෙවිකෙනෙක් වගේ දුවගෙ ජීවිතය බේරල දුන්න හින්ද අපි මීටවඩා යමක් පල්ලිය වෙනුවෙන් කරන්න ඕනැ දුවේ..... පැවසුවේ මීට පෙර දේශානී පලියේ වැඩකටයුතු කිරීම තබා ඒ පැත්තේවත් නොගියබව දන්නා නිසා බව මට සිතුනි. .....ඔව් තාත්තේ මගේ පුලුවන් කැපවීමක් මම කරන්නම්......ඉස්සර පටන් මාතුල තිබුනු දේව භක්තිය නිසා පැවසුවෙමි.....දුවට දැන්වත් දෙවියන් ගැන විශ්වාස කරන්න පුලුවන් වුන එක ගැන මට ගොඩක් කැමතියි.....අම්මා කීවිට....ඔය කොච්චර කාලෙකටද දන්නෙ නෑ.....මල්ලී සෙමින් කියනු ඇසුනු අම්මා....ඒ මොකද එහෙම කියන්නෙ.....ඇසුවාය......අක්කට ඉතින් දැන් පරන දේවල් අමතක වෙලානෙ තියෙන්නෙ....ආයෙත් මතක්වුනොත් එහෙම.....මල්ලී කියනු ඇසුනි.....අයෙත් මගේ අතීතෙ මතක්වුනත් ආයෙ ඒ නරක වැඩ කරන්නෙ නෑ මල්ලි...මගෙ ජිවිතේ බේරුනෙත් උන්වහන්සේගේ කරුනාව හින්ද කියල දැන් මම විස්වාසකරනව අම්මේ......මම කීවෙමි.
මගේ සිරුරෙන් හිටිය කියල සැකකරන දේශානි මියගියා....දැන් මම ඇරෙන්න දේශානී කියන්න වෙනකෙනෙක් නෑ.. ඒ හින්ද දැන් මට පුලුවන් කිසිම ගැටලුවක් නැතුව දේශානිගෙ හැමදෙයක්ම අයිති කරගන්න. දේශානිගේ සුන්දර ලස්සන ගැහැණු ශරීරය සමග ඇයට තිබුන හැම දෙයක්ම ඇයට තිබුනු සෑම උරුමයක්ම හැම වරප්රසාදයක්ම දෙවියන් වහන්සේ දැන් මටයි පවරලා දීල තියෙන්නෙ....දෙමවුපියන් නැතුව හිටිය මට අම්මා තාත්ත කියන්න දේශානිගේ දෙමවුපියන් දෙන්න දැන් මගේ දෙමාපියන් බවට පත්වෙලා. සහොදර සහෝදරියන් නැතුව හිටිය මට දැන් දේශානිගේ මල්ලි දැන් මගේම මල්ලි වෙලා....දෙශානිට හිටිය නැදෑයො යහලු යෙහෙලියො දැන් මගේ වෙලා ....දැන් මට තියෙන්නෙ මේ ඔක්කෝම භුක්තිවිඳීමින් ලස්සන ආදඅර්ශමත් ගැහැණු ජීවිතයක් ගතකරන්න විතරයි....ඒත් ගැහැනු ලමයෙක් විදියට ජීවත්වෙන්න තව ගොඩක් දේවල් දැනගන්න පුරුදු පුහුණු වෙන්න වෙනව......මට දැන් තියෙන්නෙ ඒ පැරනි පිරිමි ජීවිතය සම්පූරනයෙන් අමතක කරල නියම ගැහැනු ලමයෙක් විදියට ජීවිතය හුරුකරගන්න එකයි.....මට මේ ලැබුනු ගැහැනු ජීවිතයට හුඟක් කැමති හින්ද ගැහැනු ජීවිතයට හුරුවෙන එක ඒතරම් අමාරුවක් වෙන එකක් නෑ....මා කාමරයට ගොස් ඇදුම් මාරුකරන අතර තුර කල්පනා කරන්ට වුනෙමි.
No comments:
Post a Comment