අනතුරේ
පෙරලිය
36............ප්රියන්තත්
දේශානිත් අතර ආදර සම්භන්ධයක් තිබෙන්ට ඇතිබවත් එය දැන් මට අමතක වී ඇතිබවත් අම්මා සැක කරනබව මට තේරුනි. ඒත් ඇයට ඒ ගැන කිසිවෙකුගෙන් දැන ගැනීමට නොහැකිබව දන්නේ අපේ අතර එවැනි සම්භන්දතාවයක් නොතිබුනු නිසාය. ඒ කෙසේ වෙතත් නොදුරේදීම ප්රියන්ත ට සුවයලැබුනහොත් අපී දෙදෙනාගේ ශරීර මාරුව ගැන නම් ඔවුනට අසුවීමට බැරි නැත.
එදින සවස තාත්තා ගෙදරට පැමිණියේ දුක් මුසු ආරංචියක් රැගෙනය. එම ආරංචිය ඔවුන්ට දුකක් ලෙස දැනුනද මට එය දුකද සතුටක්දැයි සිතාගැනීමට නොහැකිවිය.....අනේ අපරාදෙ ඒ අහිංසක ලමය....කනගාටුවෙන් කී අම්මා......කොයි වෙලාවෙද විජේ නැතිවෙලා තියෙන්නෙ....තාත්තාගෙන් ඇසුවාය.....පාදර් කිව්වෙ දැන් ටික වෙලාවකට ඉස්සෙල්ල කියල.....ආරන්චිය ආවගමන් පාදර් හොස්පිටල් එකට ගියාලු. මාත් දැන් හොස්පිටල් එකට යන්න ආවෙ....ඒ දරුව වෙනුවෙන් අපි ඒ වැඩ කටයුතු ටික කරල දෙන්න ඕනැ...පැවසූ තාත්තා කාමරය තුලට ගිය අතර අම්මාද ඔහු පසුපස ගමන් කරන්ට වූවාය....යන්තම් ඇති අපේ මේ මාරුව සදහටම රහසක් විදියට තියාගන්න පුලුවන්....සිතුනු මට....ඒත් ඇත්තටම දේශානිනෙ මැරිල තියෙන්නෙ....කල්පනා කල මට ඇය ගැන දුකක් ඇතිවිය. එහෙත් මෙම සිදුවීම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදුවූ දෙයක් බැවින් ඇයට සුවර්ග රාජ්යය පතනවා හැර වෙනත් කලහැකි දෙයක් නොතිබුනි. සව්ල්ප වෙලාවකින් තාත්තා පිටවී ගිය අතර මා කාමරයට ගොස් මට අයිතිවූ ඇගේ ජීවිතය ගැන කල්පනා කරන්ට වුනෙමි.....එක අතකින් ඔහොම උන එක හොදයි....බැරිවෙලාවත් ප්රියන්තට හොදවුනානම්....ආයෙත් අපේ ශරීර මාරුවුනාට කමක් නෑ......කකුල් දෙක නැතුව හරි මට ජීවත්වෙන්න පුලුවන්....එතකොට දෙශානිටත් මේ ශරීරෙ ලැබෙනවනෙ එතකොට කිසි ගැටලුවක් නෑ....ඒත් දේශානිට කකුල් දෙක නැතුව කොල්ලෙක් වගේ ජීවත්වෙන්න උනානම් මොනව වෙයිද...ඒ හින්ද දේශානිට මැරෙන්න සිද්ද වුනත් මේ සිද්දිය මෙයින් අවසන් වුන එක හොදයි.....මා කල්පනා කරන්ට වුනෙමි.
තාත්තා
නැවත ගෙදර පැමිනෙන විට රාත්රී දහය පමන විය....මිනීය අරගෙන මල්ශාලාවට බාර දීල ආවෙ....හෙට උදේවෙනකොට පල්ලියට ගෙනෙයි....හෙට පල්ලියට ගිහින් ඒ වැඩටිකත් බලන්න ඕනැ....ඔහු පැමිණි විගස අපි සමග පවසන්ට විය.....අවසන් කටයුතු කවදද දෙන්නෙ නෑ කරන්නෙ....අම්මා ඇසුවාය......සමහර විට හෙටම කරයි.....මොකද ඒ ලමයගෙ කියල නෑදෑයො එහෙම නැහැල්ලුනෙ......තාත්තා පිලිතුරුදුන්නේය. ....ඒක නම් ඇත්ත ඒදවස්වල මගේ කියල හිටියෙ මාව බලාගත්ත පාදර් විතරනෙ.....සිතූ මම.....එත් දේශානී කියන්නෙ ඔයවගේ කාත්කවුරුවත් නැතුව අවසන් ගමන් යන්න ඕනැ කෙනෙක් නෙවෙයි.....ඒ වුනාට මේව ගැන කාට කියන්නද....කිව්වත් කවුරු විශ්වාස කරයිද....මා කල්පනා කලෙමි.
.......දුවේ
දැන් ඒ ලමය ගැන කල්පනා කර කර ඉදල වැඩක් නෑ.....දෙවියන් වහන්සේගේ කැමත්ත අනුව වෙන්න ඕනැ දේ වුනා......මා ඇදේ වාඩිවී මේ ගැන කල්පනා කරමින් සිටිනවිට පැවසූ අම්මා....හෙට උදේ පල්ලිට යමු නේද දුවේ.....ඇසුවාය.....මගේ ශරීරයේ මිනීය මටම බලන්න උනානෙ.....කල්පනා කල මා...යමු....කීවෙමි....පසු දින පාසැල් දිනයක් වූවද. අම්මා සහ තාත්තා ඔහු වෙනුවෙන් එයට සහභාගී වීම යුතුකමක් ලෙස සලකන බැවින් මටද මට තිබුනු ශරීරයේ මියගිය දේහය බැලීමට යෑමට සිදුවී ඇත.
උදෑසන නවය පමන වනවිට අපි පල්ලිය බලා පිටත්වූවෙමු. මේ වනවිට දේහය පලියට ගෙන ඇවිත් තිබුනි.අම්මත් තාත්තත් දේහය දෙසට ගමන් කලත් එය බැලීමට මගේ සිතේ තිබුනු චකිතය නිසා මා එලියේ නැවතුනිමි.....මොකද දුවේ නැවතුනේ.....අම්මා ඇසුවාය.......මට ටිකක් බය හිතුන අම්මෙ....මා කීවත් මා ප්රියන්ත වශයෙන් සිටිකල මෙවැනි අවමංගල වලට බියකින් සැකයකින් තොරව සහභාගී වූ බව සිහිවිය. එහෙත් අද මට බැලීමට සිදුව ඇත්තේ මා ජීවත්වූ මගේම සිරුර බැවින් සිත තුල ඇතිවූ බිය සහගත තත්වය නිසාය.....වෙනදට ඔහොම බයවෙන්නෙ නෑනෙ...අම්මා මාදෙස බලා පුදුමයෙන් මෙන් පැවසුවේය......අම්මල යන්නකො මම තව ටිකකින් එන්නම්......මොනවද දුවේ ඔයාව බේරගත්ත ලමය නේද...ඒ ලමයට ආසීර්වාද කරන එක නේද ඔයාගෙ යුතුකම.....අම්මා මට දොස් කියන්ටවූවාය.....කිසිවක් කියගැනීමට නොහැකිවූ මට එම දේහය තැන්පත්කර තිබුනු ස්තානයට ලඟාවීමට සිදුවිය....කලු පැහැති කලිසමකින් සහ කෝට් එකකින් සරසා තිබුනු දේහයේ මුහුන දෙස බියපත්ව බැලුවෙමි....මායි දේශානියි මාරු නොවුනනම් අද මමනෙ මෙතන මේවිදියට පෙට්ටිය ඇතුලෙ වැතිරිලා ඉන්නෙ.....මා කල්පනා කරන්ට වුනෙමි.
No comments:
Post a Comment