Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 40............මට අවශ්යයව තිබුනු සියලු දේවල් ගත්මා එලියට ගියෙමි....උවමනාකරන දේවල් තිබුනද....පියතුමා මා දෙස බලා ඇසුවේය.....ඔව් පාදර්...මා පැවසූවිට ඕව මීටපස්සෙ මෙහෙ තියාගෙන වැඩක් නෑ....වැඩක්ගන්න පුලුවන්නම් කාමරේ තියෙන ඔක්කොම ටිකහරි අරන්යන්න...පැවසුවේ පියතුමා මේ සියල්ල මගේම ඒවාබව දන්නා නිසාය.....අම්මෙ අක්ක ප්රියන්ත අයියගෙ ලැප් ටොප් එකත් ගත්ත.....මල්ලී කීවේය.... මොකටද ඒක ගත්තෙ...ඔයාට එකක් තියෙන්නෙ.....අම්මා ඇසුවේය.....මෙකෙ මට අවශ්යය දේවල් තියෙයි කියල ගත්තෙ.....වැඩක් නැත්නම් ගෙනත් දෙනව....මා කීවිට......කමක් නෑ මිසිස් මැටිල්ඩා....දැන් ඕව පාවිච්චි කරන්න කෙනෙක් නෑ......ඕව ආපහු ගේන්න ඕනැත් නෑ වැඩක් නැත්නම් නැති බැරි ලමයෙකුට දෙන්න.....පියතුමා පැවසීය.....අම්මා කමරය තුලට පැමින වටපිට බලන්න විය...... තව පොත් තියෙනව නේද....... .....ඔව් අම්මෙ මේ ඇති ඕව ඕනැවෙන එකක් නෑ.....අනේ මට හරියට දුක හිතෙනව මේ කාමරේ දැක්කම....ඉගෙනගෙන ලොකු තැනකට යන්නනෙ හිතාගෙන ඉදල තියෙන්නෙ. අන්තිමේදි ලමයට සිද්දවුනේ හිතාගන්නවත් බැරිදෙයක් නෙ.....අම්මා දුක්බරව පවසන විට..... ලමයට මොකුත් වුනේ නෑ අම්මෙ ඒලමය හිතාගෙන හිටිය තැනට හිටියටත් වඩා හොදට යයි......මා ගැන සිතමින් සිතින් පැවසුවෙමි.....අක්කෙ සිහිවටනයක් හැටියට මේ ඇදුම් ටිකත් අරන්යන්න....මල්ලී සිනාසෙමින් කීවේය....අනේ යනව මල්ලි යන්න....ඕව අදින්න මම කොල්ලෙක්යෑ.....මා තරහක් පෙන්වා කීවෙමි.....නෑ මම කිව්වෙ ඔක්කොම ටික අරන්යන්න කියල පාදර් කිව්ව හින්ද....ඔයාට ඔන්නන් අරන්යන්න මට ඕව ඕනැනෑ....මා කීවිට.....මේ ලමයගෙ ඔලුව හොද නැද්ද ....අක්කට කියන්නෙ කොල්ලන්ගෙ ඇදුම් ගෙනියන්න කියල....විකාර කියවන්නෙ නැතුව ඔය අක්කගෙ බෑග් එක පුලුවන්නම් ගිහින් දෙන්න.....අම්මා මල්ලීට සැරෙන් මෙන් කියන්ට විය. .....ඕනැ නෑ අම්මෙ මට ගෙනියන්න පුලුවන්......පැවසූ මා....බෑගය ඉස්සුවෙමි....අම්මෝ මේකෙ බර.... කී මා ආපසු බිමින් තැබුවෙමි.... මේ පොත්ටික මෙච්චර බරද.......ඉස්සර මම මේ බෑග් එකේ මීටවඩා බර ගෙනිහින් තියනවනෙ.....අද මොකද මේතරන් බරවුනේ.....මා එය දෙස බලා කල්පනා කලෙමි......මොකද අක්කෙ ඕකවත් උස්සගන්න බැරිද .....කී මල්ලී එය කිසි ගනනක් නැතුව උස්සන්ටවිය......මට හිතෙන්නෙ දැන් තියෙන්නෙ බෑග් එකේ බර නෙවෙයි.....මාව කෙල්ලෙක්වෙලා හින්ද ඉස්සර කොල්ල කාලෙ මට තිබුනු ශක්තිය  නැතිවෙලා. මල්ලි කොල්ලෙක් හින්ද ඒබර ලේසියෙන්ම ඉස්සුව.....අම්ම ඕක දන්න හින්ද තමයි මල්ලිට කිව්වෙ බෑග් එක ගිහින්දෙන්න කියල....මම දැන් ඉස්සරවගේ හැඩිදැඩි ශක්තිමත් පිරිමියෙක් නෙවෙයි. සියුමැලි ගැහැනුලමයෙක් ....මගේ අත්දෙක දෙස බලා කල්පනා කලෙමි. මා පරිඝණකය දැමූ බෑගය සහ මා භාවිතා කල උපකරන කිහිපයක් ඉටි බෑගයකට දමා අතට ගත්තෙමි.....හරිද දුවේ.....අම්මා ඇසුවාය......හරි අම්මෙ මට ඕනැ ඒව ගත්ත.....කී මා ඇය සමඟ එලියට ගියෙමි. අපි එලියට යනවිට පියතුමා තාත්තා සමඟ එතුමාගේ නිවස අසල සිටිනු දුටුවෙමි......අපි එතුමා අසලට ගියෙමු......ඕනැකරන ඔක්කොම ගත්තද....එතුමා මගෙන් ඇසුවේය......මම පාදර් මේව ගන්න කිව්ව හින්ද මොකුත් කිව්වෙ නෑ..ඒත් මෙයාට මේව ඔනැ නෑ......ඕනැ දෙයක් ගන්න බැරි ලමයෙක් නෙවෙයිනෙ....තාත්තා පැවසූ විට......එහෙම කියන්න එපා මිස්ට විජේසිරිවර්දන....ප්රියන්ත කියන්නෙ බොහෝම දක්ෂ බොහොම ගුනගරුක ලමයෙක්.....එයා පාවිච්චි කරපු පොත්පත්වලින් මේ දරුවට හොද දේවල් ගන්න පුලුවන්.....එයා මේ ලමයට ජීවිතය පරිත්යාග කරල ශුවර්ගස්තවුනා.... එයාට කරන ගරුකිරීමක් වශයෙන් මේ දරුව ඊටත් වඩා හොද දරුවෙක් වෙලා මේ සමාජයට සේවයක් වෙන්න ඕනැ....පියතුමා අපිට අවවාද දෙන්ටවිය.
             නිවසට ගිය මා රැගෙන පැමිනි ප්රියන්ත කල  පවිච්චිකල මගේම පොත්පත් සහ උපකරන වෙනම තබා ගත්තෙමි.මේ අතර මා ප්රියන්ත ලෙස ගත් චායා රූප කිහිපයකුත් තිබුනු අතර ඒවා සිහිවටනයක් ලෙස රැගෙන ආවත් කිසිවෙකුටවත් නොපෙනෙන ලෙස තබාගත්තේ ගැටලුවක් ඇතිවේ යැයි සැකයක් ඇතිවූ නිසාය. මම දැන් ඉස්සර වගේ කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්....කෙල්ලෙක් ගාව කොල්ලෙක්ගෙ පින්තූර තියෙන එකත් ගැටලුවක්නෙ....ඒත් මෙයා දැන් මේ ලොකෙ නෑ....ඒවුනාට කමක් නෑ හන්ගගෙන තියාගන්නව....මා කල්පනා කරන්ට වුනෙමි.
             ටිකවෙලාවකින් කාමරය අසලට පැමිනි මල්ලී අක්කේ යනුවෙන් අමතනු ඇසුනි....ඇයි මල්ලි මොකද... මා ඔහුට කාමරය තුලට පැමිනෙන ලෙස දන්වමින් ඇසුවෙමි....අක්ක ප්රියන්ත අයියගෙ  ලැප් එක ගෙනාව නේද.....ඔහු බයෙන් මෙන්  අසන බව දුටුවෙමි....ඔව් ඇයි.....මා ඇසුවෙමි....ඒත් ඔන්න ඔහේ ඕනැ නෑ....කී ඔහු ආපසු ගියේය......මොකක්ද මේ මල්ලි බයෙන් වගේ අහන්න

No comments: