Monday, May 13, 2019

අනතුරේ පෙරලිය 51............තාත්තා සහ බාප්පා පැමිනි පසු අපි දිවා ආහාරය ගන්නා අතරතුර මේ දවස් ටිකේ අපි යන ගමන් ගැන කතාවෙනු ඇසුනි. මේ මස නත්තල් නිවාඩු බැවින් මේ ගමනට සියලු දෙනාටම සහභාගී විය හැකි බව දැනගන්ට ලැබුනි. අපි කෑමගෙන සුලු වෙලාවකින් අයියා පැමිනියේය. පුතා නැති හින්ද අපිනම් කෑම කෑව... පුතත් කන්න....අම්මා කීවාය.....සොරි නැන්දෙ ටිකක් පරක්කුවුනා....කී ඔහු කාමරයට ගියේය.
          අපි සාලයේ සිටිනවිට අයියාව සොයාගෙන පැමිනි ඔහුගේ යහලුවන් කිහිපදෙනෙක් අයියා සමග කතා කරන්ට විය.... අතර සුදු ජාතිකයන් දෙදෙනෙක් වූ අතර එක් අයෙක් ඉන්දියන් ජාතිකයෙක් වියයුතුයයි මට සිතුනු අතර ඔහුගේ හැඩහුරුකම ඉන්දියන් නලුවකුවන අමිර් කාන්මෙන්විය.....ඔවුන් ඉංග්රීසි භාශාවෙන් කතාකරන බැවින් ඔහු ඇත්තටම ඉන්දියන්ද යන සැකය ඇතිවූ අතර ඇත්තටම අමීර්කාන්ද යන සැකයද ඇතිවිය.....ඒවගෙ නලුවෙක් මෙහාට එයිද....මා කල්පනාකලෙමි....මේ ගැන කාගෙන්ද අහන්නෙ.....අක්කගෙන් අහන්න පුලුවන් ඒත්මම කෙල්ලෙක් හින්ද අක්ක මොනව හිතයිද මන්ද.....සිතුනු මා....මල්ලී අසලට ගොස්.....මල්ලි හින්දි ෆිල්ම් බලනව නේද.....ඉද හිට බලනව....ඇයි අක්කෙ ඔහු ඇසුවේය.....ඔයාට මතකද අමීර්කාන් කියන නලුව.....මට හරියට මතක නෑ.....පින්තූරයක් දැක්කොත් හදුනන්න පුලුවන් වෙයි......කී ඔහු.....අක්කාත් වැඩිය හින්දි බලන්නෙ නෑනෙ ඉතින් මොකටද නලුව ගැන හොයන්නෙ.....ඇසුවේය.....හෙවුවෙ නෑ මල්ලි....අර අතන ඉන්න අයියගෙ යාලුව හරියට අමීර් කාන් වගේ ඒකයි ඇහුවෙ .....මා කීවෙමි..... දෙස බැලූ මල්ලී.....අක්කට අයියව මතක නැද්ද එයා අමීර් කාන් නෙවෙයි ....මාලන් අයියනේ....මාදෙස බලා සිනාසෙමින් කීවේය.......මල්ලීගේ මෙම කතාවෙන් ඔහු මේ ගෙදරට අමුත්තෙක් නොවන බවත් නිතර ඇසුරුකරන පුද්ගලයෙක් බවත් මා තේරුම්ගත්තෙමි.....මට ඇතිවූ ලැජ්ජාව නිසා මින්පසු කිසිවක් ඇසුවේ නැත.
                  ටික වෙලාවකට පසු සුදු ජාතිකයෙන් දෙදෙනා ආපසු ගිය අතර ඔහුගේ යහලුවා නතරවිය. ආපසු පැමිනි මාලන් අක්කාට සහ නැන්දාට විහිලුවක් කරමින් අපි අසලින් වාඩිවී....අම්මා සමග සහ මල්ලී සමග කතා කලත් මා දෙසවත් බැලුවේ නැත.....කෝ ඇන්ටි අන්කල්ල දෙන්න....වටපිට බැලූ ඔහු පුන්චි අම්මාගෙන් ඇසුවේය.....එයාලට සීතල හැදිලනෙ පුතේ කාමරේ ඇති......අපිටත් සීතලයි නේද විශල්.....අයියා දෙස බලා කී ඔහු......ඇන්ටිලාට එහෙම සීතල නැද්ද ....ඇසුවේ තාත්තලා මත්පැන් පානය කරනබව තේරුනු නිසායයි මට හිතුනි....මේ එයාලට සීතල තිබුනට ඔය ජරාව බොන්න තරම් අපිට සීතල නෑ නේද පුතේ.....පුන්චි අම්මා අයියා දෙස බලා කීවාය....අයියාගේ යහලුවකු වන මාලන් විහිලු තහලු කරමින් කතාකරනවිට ඔහු ප්රියමනාප පුද්ගලයෙක් බව පෙනෙන්ට තිබුනි. ඔහු කා සමග කතා කලත් මා දෙස බැලුවේවත් නැත්තේ ඔහු ගැහැණු ලමයින්ට අකමැතිනිසාද එසේ නොමැතිනම් ලැජ්ජාව නිසාදැයි ගැටලුවක් ඇතිවිය....එහෙත් මා ඔහු කියන සමහර විහිලු කතාවලට සිනහසුනිමි......මා එසේ සිනාසෙනවිට ඔහු මා දෙස අමුතු ලෙස බලන බව දුටුවෙමි....එහෙත් ඔහු මාව එතරම් ගනන්ගත්තේ නැත.....අපේ ගමන්වලට ඔහුද එකතුවෙන බව ඔව්න්ගේ කතාවලින්  තේරුම්ගත්තෙමි......දැන් ගොඩක් වෙලා කතාකරකර හිටියනෙ ඇන්ටි.....මම ගිහින් එන්නම්.....වෙලාව දෙස බලා කී ඔහු යන්ට නැගිට්ටේය......එහෙනන් පුතා අනිද්ද එනවනෙ.....පුන්චි අම්මා ඇසූවිට....උදෙම යනහින්ද හෙට රෑට මෙහෙ ඉදලම යන්න පුලුවන්නෙ... හින්ද හෙට හවස්වෙලා එන්නම් ඔහු කීවේය.
               මාලන් අපිත් එක්ක යනකොට අපිට පාලුවක් නෑ අක්කෙ ඒකයි එන්න කිව්වෙ....ඔහොම විහිලු තහලු කලාට හරිම හොඳ කොල්ල....ඒක ඉතින් මාත්දන්නවනෙ.....අම්මා ඔහුව හොදින් හදුනන ලෙස කීවේය..... කවුද අම්මෙ මා අම්මාගෙන් ඇසුවෙමි..... දැන් ඔයාට ලමයව මතක නැතුව ඇතිනෙඅම්මා කීවිට.....ඒක තමයි නංගි දේශානි දුව  මාලන් කියන ඒවට හිනාවෙවී හිටියෙ......නැත්නම් හිනාවෙනව තියා ලගවත් ඉන්නෙ නෑනෙ.....අක්කා කියන්ටවිය..... කියන්නෙ දේශානියි මාලනුයි තරහයිද....කල්පනාකල මා ... මොකද මට මතක නෑ.....ඇසුවෙමි......එදා දෙන්න ලොකු වලියක් දාගත්තනෙ....අක්කා කියනවිට.....ඕව දැන් වැඩක් නෑ දුවේ....දැන් ඒවගැන දේශානි දන්නෙ නෑනෙ.....එම අතීතය මට සිහිවේවි යන බියෙන් අම්මා පැවසුවාය....අක්කා කිසිවක් නොකියා නවතාගත්තාය.

                එහෙත් මට මාලන්ගැන අක්කාගෙන් දැනගැනීමට උවමනාව තිබුනු නිසා අක්කා සමග නින්දට ගිය අවස්තාවේදී මෙය ඇසීමට හිතාගත්තෙමි.....රාත්රී නිදා ගැනීම සදහා ඇදේ ඇලවුනු මා.....මොකක්ද අක්කෙ මාලන්ගෙයි මගෙයි අතර තිබුනු වලිය.....අක්කාගෙන් ඇසුවෙමි......ඕව දැන් වැඩක් නෑ නංගි පුංචි අම්මත් මට කිව්ව ඕවගෙ දේවල් නන්ගිට මතක්කරන්න එපා කියල.....ඇය පැවසූ නිසා එය ඇයගෙන් අසා ගැනීමට නොහැකිබව දැනගත් මා....කවුද අක්කෙ ඔය මාලන් කියන්නෙ.....මා ඇසුවෙමි....මාලන් කියන්නෙ හරිම හිත හොද කොල්ලෙක්.....එයාගෙ අම්මයි තාත්තයි ඉන්නෙ මේ ලග.....ඒත් මාලන් ඉගෙනගනෙ කොළඹ මැඩිකල් කොලේජ් එකේ......එයාට මෙහෙ ඇවිත් ඉගෙනගන්න කිව්වට එයාට මේ රට අල්ලන්නෙ නැතිලු..... හින්ද කවදාවත් එන එකක් නෑ......ඒත් නිවාඩු ආපු ගමන් මෙහෙ ඇවිත් ඉදල යනව..... ආපු ගමන් මෙහාටත් නිතර එනව.....මාලන් ඉන්නකොට අපිට පාලු නෑ....හරිම විනෝදයි.....ඒත් එයා නරක අදහස් තියෙන කෙනෙක් නෙවෙයි.... උනාට ඔයත් එක්ක.....කියන්න ගොස් නවතාගත් ඇය....ඒව දැන් වැඩක් නෑ...කීවාය.

No comments: