Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 22...................විකුම් අයියට කිව්වම කරගන්න පුලුවන්.....ඔහු කියන්ටවිය.....විකුම් අයිය කිව්වෙ....මා ඇසුවෙමි......ඇයි අක්ක විකුම් අයිය දන්නෙ නැද්ද......අල්ලපු ගෙදර විජිත අන්කල්ගෙ පුතා.....අක්කට එයාලවත් මතක නැද්ද.....දැන් කිසිදෙයක් මතක නෑ මල්ලි....මා කීවෙමි.....ඒ විතරක් නෙවෙයි මල්ලි.....මගේ එෆ් බී එකේ පාස්වර්ඩ් එකත් මතක නෑනෙ......මම කීවිට....ඇයි අක්කට මතක නැද්ද ඒකත් හදල දුන්නෙ විකුම් අයියනෙ.....ඔහු පැවසුවේය.....විකුම් ඇයිය ඒතරම් වැඩ්ඩෙක්ද....මා ඇසුවෙමි.....ඇයි අක්කෙ එයා සොෆ්ට් වෙයා ඉන්ජිනීරින්නෙ කරන්නෙ.....ඔහු පැවසූවිට එහෙනම් ඉතින් ගැටලුවන් නෑ.....සතුටින් පැවසූ මා....ඒත් මල්ලි....එයා කොහොම කෙනෙක්ද කියල දන්නෙ නෑනෙ......මාදැන් ඉස්සරවගේ කොල්ලෙක් නොව කෙල්ලෙක් බව මතක්වූ මා සැකයෙන් යුතුව කීවෙමි......ඇයි අක්කෙ අක්කට ඒ අයිය මතක නැද්ද.....හරි අහින්සක එක්කෙනෙක්නෙ.....කොච්චර මෙහෙ එනවද.....මල්ලී අසන්ටවිය.....එහෙනන් එන්න කියන්නකො....මා කීවෙමි.
             සවස් වනවිට සාලයට ගිය මා අම්මා අසලින් වාඩිවුනෙමි.....අම්මේ විකුම් අයියට කියලවත් මගෙ පෝන් එක හදාගන්න ඕනැ...මා කීවිට....ඉතින් හදාගන්නකො ඒ ලමයට නිවාඩුවෙලාවක ඇවිත් කරලදෙයි....ඇය පවසනවිට ඔහුගැන අහිතකින් කතානොකරනබව දැනුනු මට මල්ලී කියන්නේ ඇත්තක් බව තේරුනි....විකුම් කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි වගේ.....මා කල්පනාකලෙමි....එයාට කියල පෝන් එකයි පේස්බුක් එකයි හදාගත්තොත් දේශානිගෙ හුඟක් විස්තර හොයාගන්න පුලුවන්වෙයි.....මට සතුටක් ඇතිවිය.
                 පසුදින සෙනසුරාදා දිනයක් වුවද මල්ලී පන්ති යෑම සඳහා පිටත්වූ අතර තාත්තාද වැඩපලවෙත ගියේය......අම්මෙ තාත්තට සෙනසුරාද ඉරිදටවත් නිවාඩුවක් නෑ නේද....ඇසුවෙමි......බිස්නස් කරනකොට ඔහොමතමා දුවේ.....අම්මා පැවසූවිට....එහෙනම් මට හෙට පල්ලි යන්න බැරිවෙයිද.....ඇසුවෙමි.....ඇයි හෙට පල්ලි යන්න ඕනැද.....අම්මා පුදුමයෙන් මෙන් මා දෙස බලා ඇසුවාය.....හෙට ඉරිදනෙ අම්මෙ හෙටනෙ පල්ලියෙ පූජාව....දුව දැන්වත් පල්ලි යන එක හොදයි..සිනාසෙමින් කී අම්මා...මම තාත්තට කියන්නම්....එයා මොකක් හරිකරයි..... පොරොන්දුවුවාය.
                  මල්ලී පැමිනෙන විට දහවල් එකොලහ පමනවිය......විකුම් අයිය අද ඉන්නවද දන්නෙ නෑ අක්කේ...පන්තිගොස් පැමිනි වහාම මාදෙසබලා පැවසූ ඔහු දුරකතනය අසලට ගොස් ඔහුට කතාකරන්ට විය. ....ටිකවෙලාවක් කතාකල ඔහු ...අම්මේ....විකුම් අයියගෙ අම්ම... අම්මට කතාකරන්න ඕනැලු....ඔහු අම්මාට දුරකතනය දුන්නේය.....ටික වෙලාවක් කතා කරමින් සිටි අම්මා දුරකථනය තබා.....පුතේ විකුම් අයියගෙ ගෙදර කට්ටිය අපේ ලෙඩාව බලන්න හවසට මෙහෙ එනව කියනව....අක්කට එයාලව අදුනගන්නවත් පුලුවන්වෙයිද දන්නෙ නෑ....අම්මා සිනාසෙමින් කීවාය.....එහෙනම් මගෙ වැඩටිකත් කරගන්න පුලුවන්වෙයි.....මා සතුටින් කල්පනා කලෙමි.....දැන් හරිනෙ අක්කේ....මාදෙස බලා සිනාසුනු මල්ලී ඔහුගේ කාමරයට ගියේය......
                   ටිකවෙලාවකින් සාලයට පැමිනි මල්ලී රෝද දෙකක් ඇති උපකරණයක් මත නැගී ශාලය පුරා ගමන් කරන්ටවිය.....කොහෙන්ද පුතේ ඕක හොයා ගත්තෙ...අම්මා ඇසුවාය......මේක තිබුනයි කියල අක්ක ඉන්න වෙලාවට පදින්න දුන්නයෑ.....කියමින් ඔහු රවුමක් යන්ටවිය......දැනුත් අක්ක ඉන්නෙ.....අම්මා ඇසුවාය.....දැන් අක්ක ඉස්සරවගේ නෙවෙයිනෙ අම්මේ...සිනාසෙමින් කී ඔහු මගේ අසලට පැමිණ මගේ ඇඟට සෙමින් තට්ටුකර ඈතට යන්නවිය......අක්කට මොනව අමතක වුනත් කමක් නෑ ඔයාල දෙන්න මේවගේ සතුටින් ඉන්නව දකින එකත් ලොකුදෙයක්.....අම්මා සතුටින් පවසන අයුරු දුටුවෙමි.....අක්කත් පදින්නකෝ.....ඔහු මා අසලට පැමින කීවේය......මේ පුතේ ඔයා ඕක පදිනවනම් පදින්න අක්කට මේ වෙලාතියෙන ඒව මදිවට අතපයත් කඩලදාන්නද හදන්නෙ.....මල්ලිට දොස් කියන්ටවිය. අපි දහවල් කෑමගන්නාවිට මල්ලීද අපි සමග කෑමගන්ටවිය.....දේශානිගෙ ගැටලුව තමයි මෙයාට මෙච්චර කල් තිබිල තියෙන්නෙ....මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.
                             සවස හතර පමන වනවිට කවුදෝ පිරිසක් පැමිනෙන බව දුටු මා අම්මාට කීවෙමි....ඇයි දුවට අදුනන්න බැරිද මේ විජිත අන්කල්ගෙ ගෙදර අයනෙ.....පැවසූ ඇය දොර ඇරියාය.....මාව දුටු ඇන්ටී මාව බදාගෙන සිපගන්ට විය.....මදෑ ඔයින් ගියා...මාදෙසබලා කීවාය....ඔව්න් සමග පැමිනි අක්කා කෙනෙක්ද මාව බදාගෙන සිපගන්ටවූවාය.....වරුනි දුව කවද්ද ආවෙ....අම්මා ඇය දෙස බලා ඇසුවාය......ඊයෙ හවස ඇන්ටි.....ඇය කීවිට....දේශානි දුව ඇක්සිඩන්ට් උනා කිව්වම වරුනි දුව එන්න පොරේ....කැම්පස් එකේ වැඩ පාඩුවෙන හින්ද මම කිව්ව දැන් එයාට හොදයි කියල.....ඇගේ අම්මා පැවසුවාය.....එහෙනම් මේ වරුනි කියන්නෙ මෙයාලගෙ දුව....වරුනියි දේශානියි හොද යාලුවො වගේ.....මටත් දැන් ඒවිදියට ඉන්නවෙනව.....මට සිතුනි ......ඔව්න් වාඩිවූ පසු.....විකුම් අයියා අසලටගිය මල්ලී ඔහු සමග මොනවද කතාකරනු දක්නට ලැබුනි.....මගෙ පෝන් එක ගැන වෙන්න ඇති කියනව ඇත්තෙ.....මට සිතුනි.
                 දුවට මෙයාලව අදුනගන්න පුලුවන්ද....අම්මා ඇසුවාය...මතක නෑ අම්මෙ....අම්ම කිව්ව හින්ද දන්නව....මම පැවසූ විට ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ දුවට පහුගිය කිසි දෙයක් මතක නෑ......කොටින්ම කියනවනම් අම්ම තාත්තවත් අදුනගන්න බැරිවුනා කිව්වම....කී අම්මා....අපි ඩොක්ට කෙනෙක් අල්ලල මෙයාගෙ ස්නායු එහෙම චෙක් කලා ඒ කිසි ලෙඩක් නෑ කියල කියන්නෙ.....ශොක් එකටලු මෙහෙම වෙලා තියෙන්නෙ....තවදුරටත් විස්තරකරන්ටවූ වාය......අතීතය වැඩක් නෑනෙ දුව....ඉස්සරහ වැඩටික හොදට කරන්නකො....විජිත අන්කල් පැවසුවේය.    

No comments: