Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 45.............දෙසැම්බර් නිවඩුව ලබනවිට මා ගැහැණු ලමයෙකු බවට පත්වී මාස කිහිපයක් ගතවී තිබුණි. මා ගැහැණු ලමයෙකු වු නිසා මසකට වරක් සිදුවන අපහසුතාවයට මුහුනදීමට සිදුවුනත්  මේ ගැහැනු ජීවිතය ඉස්සර ගතකල පිරිමි ජීවිතයට වඩා යම්කිසි සුන්දරත්වයක් සැහැල්ලුවක් ඇතිබව තේරුම් ගත්තෙමි. පෙර සිටි දේශානිට වඩා පියකරු බවක් කරුනාවන්ත බවක් මගෙන් දිස්වෙන බැවින් සැමගේ ආදරය රැකවරණය ලබාගත හැකිවිය. ප්රියන්ත ලෙස ගතකල කාලයේ මටතිබුනු ගැටලු කිසිවක් දැන් නොමැති බැවින් සතුටින් කාලය ගතකිරීමට හැකිවිය.
                          අපේ විදේශ ගමන නිවාඩුවේ මුල්සතියේදීම යොදාගෙන තිබුණි. දේශානී භාවිතාකල විදේශ ගමන් බලපත්රය දැන් මට භාවිතා කිරීමට හැකිවීම නිසා ගැටලුවක් ඇතිනොවුනි.....මේ දවස්වල එහෙ හිම වැටෙනව කියල දුවට මතකයි නේද....අපි ඇදුම් තෝරනවිට අම්මා ඇසුවාය.....මටනම් මතක නෑ අම්මෙ ඒත් මේ දවස්වලට යුරෝපයට හිම වැටෙනව කියලනම් දන්නව....මා පිලිතුරු දුන්නේ පින්තූරවලින් හිම වැටී තිබෙනු දුටුවත් ඇත්තට දැක නොතිබුනු නිසාය..... එහෙත් දෙශානි ඕනැතරම් හිම දැකල ඇති...මට ඉතින් එහෙ ගිහින් තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ.....සිතුනු මට.....එදා හිටිය දේශානි ලබාගත් අත්දැකීම් දැන් මටත් ලබාගන්න පුලුවන්.....සතුටින් කල්පනා කලෙමි......දුවගෙ සීතලට අදින ඇදුම් ටිකත් මතක ඇතුව දාගන්න....අම්මා කියනවිට දෙශානිට එවැනි ඇදුම් තිබෙන බව තේරුම් ගත් මා...ඒවා සොයන්ට වුනෙමි....එහෙත් ඒවා කුමන ඒවදැයි එකවර සොයා ගැනීමට නොහැකි නිසා ...ගැටලුවක් ඇතිවිය.....එවැනි කබායක් අතට ගත්මා....මේක හරිද අම්මේ....ඇසුවෙමි....දුවට ඇදුම් ටිකත් මතක නැද්ද.... ඇසූ අම්මා....කෝ ඉන්න මම හොයල දෙන්න....කී ඇය අල්මාරිය බලන්ටවිය...සුලු වෙලාවකින් එහිතිබුනු ඇදුන් කිහිපයක් පිටතට ගෙන....මේ තියෙන්නෙ මේ ටික දාගන්න..... කීවාය......එම ඇදුම් දෙස බලනවිට සීත රටවල කාන්තාවන් මෙවැනි ඇදුම් ඇඳගෙන සිටින අයුරු පින්තුරවලින් සහ චිත්රපට වලින් නරබා තිබුනු බව සිහිවිය. .....මටත් ඕනැ මේකක් ඇදල බලන්න...සිතූ මම එකක් ගෙන ඇදගෙන හැඩබලන්න වුනෙමි.....මෙහෙ සීතල නෑ එහෙයි සීතල....මා ඒවා ඇද සිටිනු අයුරු දුටු අම්මා කීවාය.....නෑ අම්මෙ හරිද කියල බැලුවෙ....ගිය අවුරුද්දෙ ඕව ගන්නකොට ටිකක් ලොකුවට තිබුන නේද දැන් ගානට ඇති... ඇය කීවාය......ඔව් අම්මෙ දැන් ගානට තියෙනව....මා හැඩ බලමින් පැවසුවෙමි....කැඩපතින් නරඹන විට මාවද සීත ඇදුම් ඇදගත් සුදු ජාතික යුවතියක් මෙන් දිස්විය.....මගේ මුහුනත් ගොඩක් පැහැපත් හින්ද එයාල හිතයිද දන්නෙ නෑ මාත් සුද්දියෙක් කියල.... කල්පනා කලෙමි.
                අපිට නිවාඩු ලැබුනු මුල්සතිය තුලදීම විදෙස් ගමනට සූදානම් වුනෙමු.....මේ දවස් වල එහෙ හිම වැටෙනව නේද මල්ලි....මම මල්ලිගෙන් ඇසූවිට ....හිමේ ඇවිදිනකොට මාර ජොලිනෙ අක්කෙ.....ඇයි අක්කට මතක නැත්ද අපි හිමවලින් ගහගන්නව......ඒත් අක්කටනම් මම හිමවලින් ගැහුවෙ නෑ.....ඔහු බයෙන් මෙන් පැවසුවේය..... මොකද මා ඇසුවෙමි....අක්කට පොඩ්ඩ ඇත්නම් මාත් එක්ක තද වෙනවනෙ.... හින්ද මම අක්කත් එක්ක සෙල්ලම් කරනවත් විහිලු කරන්නවත් යන්නෙ නෑ......ඔහු කීවේය...... ඉස්සර අක්කනෙ මල්ලි.... දැන් එහෙම නෑ.....මම කීවිට......බැරිවෙලාවත් අක්කගෙ අතීතය මතක්වුනොත්......ඔහු සෙමින් පැවසුවේය.....ඒත් දැන් අක්ක එහෙම වෙන්නෙ නෑ.....මා කීවෙමි.....අක්කට ඒව මතක නැතිවෙනවනම් හොදයි......ඔහු කිවේ මගේ කීම ගැන සැකයෙන් බව තේරුනි.
                       ගෙදර බලා ගැනීම සඳහා සේවකයෙකු පත්කල තාත්තා සියලු අතයාවශ්  උපකරන රැගෙන අපිසමඟ  ගුවන් තොටුපල බලා පිටත්විය. ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබුනේ රාත්රී කාලයේදී බැවින් ඊට පැය කිහිපයකට පෙර ගුවන්තොටුපලට ලඟාවුනෙමු. අපිට මුලින්ම යායුතුව තිබුනේ පැරිසියට විය.මේ ගමන් ප්රන්සයත් බලා ගතහැකි බව දැනගත් මට සතුටක් ඇතිවූවද මගේ පලමු ගුවන් ගමන නිසා තරමක බියක් සහ චකිතයක් හටගන්ට විය.

ප්ලේන් එක හුගක් උඩින්ද මල්ලි යන්නෙ....මගේ හිතේ තිබුනු බිය නිසා මල්ලීගෙන් ඇසුවෙමි.....කම්මුලට අත තබාගෙන පුදුමයෙන් මෙන් මා දෙස බැලූ මල්ලී.....අක්ක මෙච්චර කල් ප්ලේන් එකක් නොගියවගේනෙ අහන්නෙ....කීවේය....එක්කට දැන් ඒව මතක නැතුව ඇති පුතේ.....එය ඇසුනු අම්මා පැවසුවාය.....ඒකත් ඇත්තනෙ කී ඔහු ....ඇයි අක්ක බයද....ඇසුවේය.....මා කිසිත් නොකියා සිනාසුනේ බිය යයි පැවසීමට ලැජ්ජා සිතුනු නිසාය. ගුවන් යානයට ගොඩවුනු පසු මට ලැබී තිබුනේ කවුලුව අසල ආසනයකි.....අපෝ මෙතන ගිහින් බිම බලන්න බය හිතෙයි....සිතුනු මා මගේ ආසනය අසල සිටි මල්ලීට ආසන මාරු කිරිමට කතාකලෙමි.....ඇයි අක්ක අද බයවෙලා ඔයා වෙනදට යන්නෙ ඔතැනනෙ.....මල්ලී කීවේය..... උනාට අද බය හිතෙනව මල්ලි....මා කීවිට......උඩට ගියාම බලන්නකො....බිම බලනකොට හරි ලස්සනයි....හරියට ගූගල් මැප් එක වගේ....මල්ලී පැවසූ නිසා මගේ සිතට බිය ඇතිවී තිබුනට එම ආසනයේම සිටියේ රාත්රී කාලය නිසා කිසිවක් නොපෙනෙන නිසාය. ගුවන් යානය ක්රමයෙන් උඩට නන්වන්න විය. සෑහෙන වෙලාවකට පසු මා නිකමට මෙන් කවුලුවුනිඑන් පිටත බැලුවෙමි.....පොලවේ දැල්වෙන විදුලි බුබුලුවල ආලෝකය අහසේ තරු පායා ඇත්තාක් මෙන් දක්නට ලැබුනි.....බලන්නකො මල්ලි බිම පේන්නෙ හරියට අහසෙ තරු පායලා වගේනෙ...මා මල්ලිට කීවෙමි.....දැන් අක්කට බය හිතෙන්නෙ නෑ නේද.....ඔහු ඇසුවේය.

No comments: