අනතුරේ පෙරලිය
34..........සුදු පැහැති දුහුල් යටකලිසමේ රතුපහැති පැල්ලමක් දුටු මා ඒ දෙස හොඳින් බැලුවෙමි....මේ ලේ නේද .....එහෙනම් කෙල්ලන්ට මාසෙකට සැරයක් වෙන එක මටත් වෙලා වගේ.....කල්පනාකල මා ඉක්මනින්ම නානකාමරයට ගොස් ලින්ගික පෙදෙස පරීක්ෂා
කරනවිට පිටවී තිබුනු රුධිරය ගෑවීතිබුනු ආකාරය දුටු මා ඒවා සෝදාගත්තෙමි......දැන් ඉතින් මෙහෙම ඉන්න බෑ මේවෙලවට කෙල්ලො පාවිච්චිකරන පෑඩ් පාවිච්චිකරන්න වෙනව....සිතූමට....මා ගැහැනු ලමයෙකු වශයෙන් පාසැල් යෑමට පිටත්වුනු පලමු දින අම්මා මගේ බෑගයට දාගැනීමට දුන් තුවා පාර්සලය මතක් විය....ඒකෙ තියෙන පුලුන් වලට ලේ උරාගන්නව ඇති සිතූ මා.....එම පාර්සලය දිගහැර ඉන් එකක් පිටතට ගෙන එය භාවිතා කරන ආකාරය පරීක්ෂා කරන්ට උනෙමි.....එවිටම අම්මා කාමරය තුලට පැමින මා දෙස බලා.....මොකක්ද දුවේ ඕක දිහා බලාගෙන කල්පනා කරන්නෙ....ඇසුවාය.....පාවිච්චි කරන විදිය මතක නෑ අම්මෙ....මා මින් පෙර මේවා පාවිච්චිකර දැන් අමතකවූ ආකාරයට පැවසුවෙමි.....ඉන්පසු ඇය මට එය භාවිතා කරන ආකාරය කියාදීම මේවා ගැන කිසිවක් නොදන්නා මට පහසුවක් විය.....හොදවෙලාවට අම්ම ආවෙ මම හිතාගෙන හිටිය විදියට තියාගත්තනම් රෙදිවලත් ගෑවෙනව....මා ඇය ඉගැන්වූ ආකාරයට ඇඳගනිමින් කල්පනා කලෙමි.....පැය හතර පහකින් මාරුකරන්න දුවේ....දැන් ඒකත් මතක නැතුව ඇතිනෙ ඒකයි කිව්වෙ....මා ඇදුම් ඇඳගෙන ඇඳේ හාන්සිවූ පසු අම්මා පැවසුවාය....අනතුරෙන් පසු අම්මා මාගාව නිදා ගැනීමට පැමිනීම නිසා ඇයද මා අසලින් ඇලවුනාය.
මේ ගැටලුව නිසා පසුදින පාසැල් යෑමට නොහැකිවේ දැයි කල්පනාකල මා. ....හෙට මට ඉස්කෝලෙ යන්න බෑනේද අම්මෙ....ඇසුවෙමි......පෑඩ් තියනවනෙ ළමයො ඉතින් මොකටද බයවෙන්නෙ....ඕක උනා කියල ඉස්සර ඔයා ගෙදර හිටියෙ නෑනෙ....ඇය කීවාය.....මසකට වරක් සෑම ගැහැනු කෙනෙකුටම වන දේ දැන් මටත් සිදුවී ඇත. එහෙත් ඔව්න් ඒබවක් කිසිවෙකුටවත් නොකියා සගවාගෙන තමගේ වැඩකටයුතු සුපුරුදු පරිදි කරගන්නා බව මට සිහිවිය.....මෙහෙම වෙනකොට හැම මාසෙකම දවස් කීපයක් කෙල්ලන්ට ඉස්කෝලෙ යන්න බැරිවෙනවද...ඒත් කෙල්ලො එහෙම කරන්නෙ නෑනෙ....මා කල්පනා කලෙමි.
පසුදින උදැසන පාසැල් යෑමට සැරසුනු මා....අම්මා කියාදුන් පරිදි අලුත් පෑඩයක් ඇඳගත්තෙමි. එහෙත් පාසැලේදී ගවුමේ ලේගෑවී ඇද්දැයි ඇතිවූ සැකය නිසා නිතර පරීක්ෂා කරන්ට වූයේ සුදු පහැති ගවුම නිසා කුඩාහෝ ලේ පැල්ලමක් තිබුනොත් හොදට පෙනෙන නිසාය.....ගැහැනුලමයි දහස් ගානක් ඉන්න මේ ඉස්කෝලෙ කී දෙනෙකුට අද මට වගේ වෙලා ඇද්ද.....ඒත් එයාලට එහෙම දෙයක් වෙලා නෑ වගේ ඉන්නව....මාත් දැන් ඒවිදියට ඉන්න ඕනැ යනුවෙන් සිතාගත්තෙමි.....මෙච්චර කාලයක් කොල්ලෙක් වෙලා හිටිය මට මේ කරදරේ තිබුනෙ නෑනෙ.....මාව කෙල්ලෙක් උනාට පස්සෙ දැන් තවත් කරදරේකට මුහුනදෙන්න වෙලානෙ....කල්පනාකරන්ට වුනෙමි.
මා
මෙලෙස පසැල් ගියත් පාසැලේදී කිසිම ගැටලුවක් ඇති නොවීම මගේ වාසනාවක් විය......දැන් ඉතින් මට මේවගෙ දෙයක් වුනා කියල බයවෙන්න දෙයක් නෑ....ඕනැ දිහාක යන්න පුලුවන්....මා සතුටින් කල්පනාකලෙමි.
මම අර ළමයව බලන්න හොස්පිටල් එකට ගියානෙ මැටිල්ඩ...රාත්රියේ ගෙදර පැමිනි තාත්තා කෑමගන්නා අතරතුර අපිත්
සමග පැවසුවේය......දැන් ඒ ලමයට කොහොමද විජේ.....අම්මා සුපුරුදු ප්රශ්නයම ඇසුවාය.....සමහර වෙලාවට සිහිය එනවලු සමහර වෙලාවට නැති වෙනවලු....මට හිතෙන්නෙ සිහිය ආවත් ඒ ළමය අසිහියෙන් වගේ දොඩවනව කියල.....තාත්තා දුකෙන් මෙන් පැවසූවිට.....ඒ මොකද එහෙම කියන්නෙ....අම්මා ඇසුවාය.....මම ගියවෙලාවෙ සිහිය තිබුන.....නර්ස් කිව්ව ඒ ලමයට සිහිය ආවම නිතරම අම්මයි තාත්තයි අහනව කියල......ඒත් ඒ ලමයගෙ අම්ම තාත්ත නෑනෙ....තාත්තා පැවසූ විට....අනේ පවු....කල්පනාව නැතුව කියනව ඇති...කී අම්මා....ඉතින්....යනුවෙන් ඇසුවාය....මම ගියා ඒලමය ගාවට....මට තාත්තෙ කියල කතාකරල කෝ අම්ම ආවෙ නැද්ද කියල ඇහුවනෙ....ඉතින් ඔයා මොකද කිව්වෙ.....අම්මා ඇසුවාය.....එයා පස්සෙ එයි කියල කිව්ව....තව මොන මොන ඒව කිව්වද දන්නෙ නෑ...ඒව ඇත්ත කියල ඔප්පුවුනොත් ඔක්කොම එලිවෙනව..මා බත් අනන ගමන් කල්පනා කරන්ට වුනෙමි....එත් එයා අසිහියෙන් වගේ දොඩෝනව කියල හිතාගෙන හිටියොත් හොදයි....මට සිතුනි....ඊට පස්සෙ මොනවද කිව්වෙ....අම්මා ඇසුවාය.....ඊට පස්සෙ මොනව හරි කිව්ව ඒත් මට තේරුන්නෙ නෑ.....මට හිතෙන්නෙ කල්පනාව නැතිවෙන්න ඇති.....කී තාත්තා.....ඒක නෙවෙයි මැටිල්ඩා....ඒ වාට්ටුවෙ ඉන්න නර්ස් කියනව සිහිය ආපුවම ඒලමයගෙන් නම ඇහුවම දේශානි කියන ගැහැණු ලමයෙකුගෙ
නමක් කියනව කියල...මම කියන්න ගියෙ නෑ ඒ අපේ දුවගෙ නම කියල.....තාත්තා පැවසූ විට....බියටපත්වූ මගේ සිහිය විකල් වී කෑමට ගත් බත්පිඩ උගුරේ හිරවන්ට විය.
..........මා
බත්පිඩ හිරවී කහිනවිට... මොකද දුවේ....පැවසූ අම්මා මගේ පිටට සෙමින් තට්ටු කරන්ටවිය.....මොකද ඉස්පොල්ලෙ ගියාද.... ඇසූ තාත්තා...වතුරටිකක් බිව්වම හරි.....පැවසුවේය. ...අපහසුව අවසන්වූ පසු තවත් බත්කටවල් ටිකක් ගත්මා බත්කෑම නිමාකලෙමි....මොකද දුවේ ඔච්චරද කන්නෙ....අම්මා ඇසුවාය....ඇති අම්මේ පිලිතුරුදුන් මා....අත සෝදාගෙන කාමරයට ගිය මා මගේ රහස ඉක්මනින්ම අසුවේවි යනුවෙන් බියපත්ව කල්පනාකලෙමි.
පසුදිනද සුපුරුදු පරිදි පාසැල් ගිය මා ගෙදර පැමිනීමෙන් පසු ඉෂානී සමග උපකාරක පන්ති ගොස් ගෙදර පැමිණ ටිකවෙලාවක් ගතවිය....දුවගෙන් පොඩි දෙයක් අහන්න කියල හිටියෙ.....ඒත් දුවට දැන් පහුගිය දේවල් අමතකද දන්නෙ නෑ....ඒත් මේකනම් දුවට අමතක නැතුව ඇති....සමහර දේවල් අමතක වෙන්නෙ නෑනෙ....අම්මා මා අසලට පැමින ඇසුවාය.....ඒ මොකක්ද අම්මෙ....මා ගැන මොකක් හෝ සැකයක් ඇතිවී ඇතැයි සැකයෙනුත් හිතට ඇතිවූ බියෙනුත් ඇසුවෙමි.....අර ඔයාව බේරගත්ත ලමය ඔයා අදුනනවද.....ඇසුවාය.....දැන් මොකද කියන්නෙ....ඒ මමයි කියන්නත් බෑ...අදුනන්නෙ නැහැයි කියල බොරුකියනත් බෑ....සිතූ මා.....මතක නෑ අම්මේ....කීවෙමි...ඊයෙ රෑ ඒ ළමය දුවගෙ නම කියනව කියල තාත්ත කිව්වම දුව බයවුනා වගේ උනා ඒකයි ඇහුවෙ......දන්නවද කියල මට මතක නෑ අම්මෙ......මා අමතක වී ඇති ස්වභායය තවදුරටත් රඟපාමින් පැවසුවෙමි. මා එසේ පැවසූ විට ....දුවට අමතකනම් කමක් නෑ....පැවසූ ඇය සුලුවෙලාවක් කල්පනාවක නිරතවෙන බව දුටුවෙමි.....ඉන්පසු ඇය කිසිවක් මගෙන් නොඇසූ බැවින් මා ඒ ගැන කතා නොකලෙමි.
No comments:
Post a Comment