අනතුරේ පෙරලිය
33..............ටිකවෙලාවක්
ඇදේ ඇලවී සිටිනවිට මා නොදැනුවත්වම නින්ද ගොස් තිබුනු බවතේරුනේ අම්මා මට තේ පානය සඳහා කතාකරන විටදීය. මා ඇඳෙන් නැගිටිනවිට බඩේ කොරයක් මෙන් දැනුනු නිසා යටිබඩ අතගාමින් අම්මා සිටිදෙසට ගමන් කලෙමි......මොකද දුවේ තාම හොද නැද්ද....ඇය ඇසුවාය.....බඩේ කොරයක් වගේ හැදිල අම්මෙ.....ආ ඕක හැදෙන්න තමයි ඇඟේ අමරුවත් හැදෙන්න ඇත්තෙ....සිනහවක් මුවතුල රඳවාගෙන කී ඇය....එහෙනම් බයවෙන්න දෙයක් නෑ....කිරි කෝපි එකක් බිව්වම හරි.....කීවාය......දේශානිට නිතර හැදෙන බඩේ අමාරුවක් තියෙනවද දන්නෙ නෑ.....ඒකයි අම්ම බඩ කොරවුනා කිව්වම ඒතරම් ගනන්ගත්තෙ නැත්තෙ....මා කල්පනා කලෙමි....ටික වෙලාවකින් ලැබුනු කිරිකෝපි එක පානය කල මා සාලය දෙසට ගියෙමි. මේ වනවිට ටී වී එක නිවාදමා තිබුනු අතර මල්ලී පෙනෙන්ට සිටියේ නැත. මල්ලි ෆිල්ම් එක බලල කාමරේට යන්න ඇති...සිතූ මම ඔහු සොයාගෙන කාමරයට ගියෙමි. කාමරයේ දොර ඇර තිබුනු බැවින් ඔහු කුමක් හෝ පාසැල් වැඩක් කරන බව දොර රෙද්ද තුලින් දැකගැනීමට ලැබුනි. මල්ලි වැඩක්ද මා දොර අසල සිට ඇසුවෙමි.....අද හවස ගනන් පන්තිනෙ අක්කෙ ගනන්ටිකක් තිබුන හදනව.....මා දෙස බලා පැවසූ ඔහු....එන්න අක්කෙ කීවාය.....මා ඔහු අසලට ගොස් ඔහු හදන ගනන් දෙස බැලුවෙමි....අක්කට මේව මතකද....ඔහු මගේ මුහුනදෙස බලා ඇසුවේය.....අයියෝ මල්ලී මේව මම හදල තියෙනවනෙ.....කීවෙමි....මේවට පන්ති යන්නෙ මොකටද මල්ලි මම කියාදෙන්නම්කො.....මම පැවසුවෙමි......පුදුමයෙන් මෙන් මාදෙස බැලූ ඔහු ඔය ඇත්තමද අක්කෙ....ඇසුවේය....ඔව් ඇයි....මා ඇසූවිට....එහෙනම් ලේසිනෙ...කී ඔහු.......මොනවදෝ මුමුනන බව තේරුනි.....මොකක්ද මල්ලි හිමින් කිව්වෙ....මා ඇසුවෙමි....අක්කට දැන් පරන දේවල් මතක නෑනෙ ඒ හින්ද හොදයි.....හදිසියෙවත් මතක් වෙයි කියල මට බයයි.....ඔහු කියන්ට විය....ඇයි මල්ලි කැමති නැද්ද මගේ අතීතය මතක් වෙනවට....අක්කට අතීතය මතක් වෙනවට කැමතියි...ඒත් සමහර ඒව අමතකම වෙලා අක්ක ඔය විදියටම ඉන්නවනම් හොඳයි....ඔහු කිවිට දේශානී මල්ලිට වදයක් වී සිට ඇතිබව තේරුම්ගත්තෙමි.....ෆිල්ම් එක බැලුවද මල්ලි....මා ඇසුවෙමි.....ඇසුවෙමි.....ටිකක් බැලුව....අක්කටත් සනීප නෑ කිව්ව හින්ද අක්කත් එක්ක පස්සෙ බලනව.....ඔහු පිලිතුරු දුන්නේය....කෝපි පානයෙන් පසු බඩේ තිබුනු කොරය තරමක් අඩුවුවද තවමත් තිබුනි.....දේසානිට මොකක් හරි ලෙඩක් තියෙනවද දන්නෙ නෑ....මම අහල තියෙනව මුත්‍රා අමාරුවට මේ වගේ බඩ කොරවෙනව කියල.....එහෙම ලෙඩක් තියෙනවනම් බේත් ගන්න ඕනැනෙ....මා මල්ලීගේ ඇදේ වාඩිවී බඩ අතගාමින් කල්පනාකලෙමි.
දහවල් කෑමෙන් පසු මල්ලී පන්ති පිටත්විය.මගේ බඩේ කොරයද විටින් විට වැඩිවන්ටවිය.... බඩේ කොරේ ඇරෙන්නෙ නෑ වගේ අම්මෙ.... ඩොක්ට කෙනෙක් ගාවටවත් යන්න වෙයිද දන්නෙ නෑ....අම්මට කීවේ වෛද්‍යවරෙක් ලවා පරීක්ෂා කරවා ගැනීමේ අරමුනෙනි.....ඕක ඉතින් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනෙ දුවේ......ඕකට දොස්තරල හම්බවෙන්න දෙයක්යෑ.....සිනාසෙමින් කී ඇය අමාරු වැඩිනම් පැනඩොල් දෙකක් බොන්න... කීවාය.....අම්මට ගානක්වත් නැතුව හිනාවෙනව.....මේක දේශානිට හැදෙන සාමාන්‍ය ලෙඩක් වෙන්න ඇති....සිතූ මා.....මේ කෙල්ලට තව මොන මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑ.... කල්පනා කලෙමි.
සවස නෑමට සිතුනු මා මට ඇතිවී තිබෙන බඩේ කොරය නිසා නෑමට හොඳද යනුවෙන් සැකයක් ඇතිවිය.මේ නිසා මා නාන්න හොද්ද යනුවෙන් ඇසුවෙමි.....ඕක හැදුන කියල දුව වෙනදටත් නාන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ......දුවමනෙ ඒ දවස්වල කිව්වෙ ඕව බොරුකතා කියල .....මාත් ඔය දවස්වලට නානව ජේසු පිහිටෙන් මෙච්චරකල් මට මොකුත් වෙලා නෑ....අම්මා කීවිට.....එහෙනම් ගෑනු අයට නිතර මේවගේ බඩ කොරවෙනව ඇති....ඒත් මම අහල තියෙන්නෙ මාසෙකට සැරයක් ගෑනු අයට මාස්සුද්දිය ඇතිවෙනව කියල....ඒ දවස්වලට ලේ යනවලු....ඒත් මේවගේ බඩේ රිදිල්ලක්නම් අහල නෑ....මා කල්පනා කරන්ට වුනෙමි. බඩේ අමාරුව තිබුනත් ඒක ඒතරම් ගනන්ගතයුතු දෙයක් නොමැති බව දැනගත් මා නාගත්තෙමි.
අක්කේ අර ෆිල්ම් එක බලමුද.....පන්ති ගොස් පැමිනි මල්ලී...ස්වල්පවෙලාවකින් ඇසුවේය....බලමු....මා කීවිට ඔහු එය නරබන්ට විය. ...අපි දෙදෙනා එය නරබන විට අපි අසලට පැමිනි අම්මා.....හැම තිස්සෙම ඉංග්‍රීසි ඒවමනෙ දානවලකො හින්දි එකක්වත්.....කීවාය......අම්මට ඉතින් හින්දිමනෙ....කී මල්ලී....මේක බලල ඉවරවෙලා දාන්නම්.....කීවේය.
තාත්තා ගෙදර පැමිනි පසු ඔහුත් සමඟ කෑමගත් අපි ස්වල්පවෙලාවක් කතා කරමින් සිට නින්දට යනවිට රාත්‍රී නවය පසුවිය.රාත්‍රී ඇදුම ඇදගැනීම සදහා මා ඇදගෙන සිටි ඇදුම් ඉවත් කර යට කලිසමද ගැලෙවුවෙමි....මේ මොකද.....
No comments:
Post a Comment