Wednesday, August 30, 2017

හදිසි අනතුර 126..................................සති කිහිපයකින් මට හොදින් ඇදුම් මැසීමට හැකිවිය. අම්මෙ මට දැන් අම්මගෙ සාරිජැකට් උනත් මහල දෙන්න පුලුවන්....ඔන්නම් දෙන්න.....මා ඇයට කීවෙමි.....මට නෙවෙයි දුවේ දුව ලස්සන ගවුමක් මහගෙන පෙවන්නකෝ......අම්මා මට අභියෝගයක් භාරදුන්නාය.....මේඅතර මට කෑම ඉවීමටද හැකියාව ලැබුනි....බේබිට දැන් තනියම උනත් උයන්න පුලුවන්....මල්ලිකා මගේ හැකියාව ගැන අම්මාට කීවාය.මේ අතර අපේ විභාග ප්‍රතිඵල ලැබී ඇතිබව ආරංචිවිය. නිතර මට දුරකතනයෙන් කතාකරන සම්මි......ඇය පාස්වී අතිබව ප්‍රකාශකරමින් මගේ විභාග අංකය ඇසුවේ මගේ ප්‍රතිඵලද අන්තර්ජාලය හරහා බැලීම සදහාය....පොඩ්ඩක් ඔහොම හිටහන් කී ඇය......සුලුවෙලාවකින් කතාකලාය......උඹ හොදට පාස්වෙලා බන්......උබේ ඔක්කොම වගේ ඒ දෙකක් බී....මොකක්ද බන් මම මෙච්චර උඹට ඉංග්‍රිසි උගන්වලත් බී එකක් ආවෙ......ඇය නෝක්කඩු සවරූපයෙන් කීවාය.....උඹ ඉතින් සුද්දියෙක් නෙ බන්.....සුද්දියන්ට වඩා අපිට ඉංග්‍රීසි බෑනෙ....මා ඇයට විහිලු කලෙමි.....අනිත් එවුන්නොත් කොහොමද දන්නෙ නෑ....විභාග අන්ක නෑනෙ.....ඇය කීවාය......හෙට ඔක්කොමල්ල ඉස්කෝලෙ එයි උබත් එනව නේද.....ඇය මගෙන් ඇසුවාය....එන්නෙ නැතුව කොහොමද.......මට උබලව හම්බවෙන්න ඕනැ.....මා කීවෙමි. මා දුරකතනය තබා අම්මා සොයාගෙන ගියේ මෙම ආරංචිය පැවසීමටය.....අම්මා මිදුලේ මල්පැලවලට සාත්තුකරමින් සිටියාය......අම්මේ මම විභාගෙන් පාස්වෙලාලු.....ඔයා කොහොමද දන්නෙ.....අම්මා පුදුමයෙන් ඇසුවාය......සම්මි නෙට් එකෙන් බලල කිව්වෙ......සම්මි කියන්නෙ .අර සුද්දියෙක් වගේ ඉන්න කෙල්ල නේද......ඔව් අම්මෙ එයා තමයි.....මා කීවෙමි.....මා ඇයට මගේ ප්‍රතිඵල පවසනවිට.........මා අසලට පැමින මාව තදින් තුරුලට ගෙන මගේ මුහුන සහ හිස කිහිපවරක් සිපගත්තාය.....ඇය මඩ ගෑයුනු අතින් මගේ මුහුන අතගෑ බවින් මගේ මුහුන පුරා මඩ ගෑවී ඇතිබව දැනුනි.....ඒහෙත් මා කිසිවක් නොකියා ඇය දෙස බලා සිනාසුනෙමි......දුවගෙ මුහුනෙ මගේ අතේ තිබුන මඩත් ගෑවිල එන්න යන්න ඒව හෝදන්න....ඇය මාව ජල කරාමය අසලට එක්ක යනවිට.......මොකද බේබි මූනපුරා මඩ ගාගෙන.....කොහේ හරි වැටුනද......මාව දුටු මල්ලිකා ඇසුවාය......නෑ මල්ලිකා මගෙ අතින් ගෑවුනේ.....අම්මා කීවාය........ඒකොහොමද මල්ලිකා පුදුමයෙන් ඇසුවාය......අතේ මඩ පිටින් දුවගෙ මුහුන ඇල්ලුවනෙ......අම්මාකීවාය.......අම්මා ඇගේ මඩගෑවුනු අත පෙන්වමින් පැවසුවාය.......මම විභාගෙන් පාස්වෙලා කිව්වම.......අම්මා මගේ මුහුනෙ මඩ ගෑවනෙ......මා සිනාසෙමින් කීවෙමි.....ඒ ඇස්වහ වැදෙයි කියල වෙන්න ඇති බේබි......මල්ලිකා කීවාය......නෑ මල්ලිකා මෙයා විභාගෙ පාස්වෙලා කිව්වම ඇතිවුන සතුටට මගේ අත්වල මඩ තියෙනව කියලවත් තේරුනේ නෑ අත්වලින් මුහුන අල්ලල ඉබගත්ත.......අම්මා මගේ මුහුනේ මඩ සෝදන අතරතුර කීවාය......බේබිගෙ කොන්ඩෙත් මඩ.....නා ගත්තනම් හරිනෙ........මල්ලිකා තව දුරටත් මාදෙස බලා පැවසුවාය.....අම්මා මගේ කොන්ඩයේ තිබුනු මඩටිකද වතුර දමා සෝදාහරින්ට වූවාය......
         පසුදින මා පාසැලට යනවිට යෙහෙලියන් බොහෝ දෙනෙක් පැමින සිටිනබව දැක ගැනීමට ලැබුනි ...මම බැලුවෙ කවුද පේල් වෙලා තියෙන්නෙ කියල අපේ පන්තියෙ හතර පස්දෙනයි පේල්වෙලා තියෙන්නෙ........අපේ සෙට් එක ඔක්කොම පාස් බන් ....දම්මි ප්‍රතිඵල ලේඛණය  බලමින් පැවසුවාය....ටික වෙලාවකින් අපේ පන්තියට පැමිනි ප්‍රධාන ආචාර්යතුන්මිය අපිට ස්තූති කර පේල්වූ සියල්ලට මීලග වර පාස්වීමට උත්සාහ කරන ලෙස අවවාද කරන්ට වූවාය......
          අද සිට අපිට උසස් පෙල පන්තියට ඇතුලු වීමට අවසරය  ලැබුනි.......එහෙත් අපිට පන්ති කිහිපයකට බෙදී යෑමට සිදුවූවේ අපේ කැමැත්ත අනුවය......මෙගේ යෙහෙලියන් සියලුදෙනාම තෝරාගත්තේ ජීව විද්යාව හැදෑරීමටය.......මේ නිසා එම පන්තියේ පිරිස වැඩිවිය.......කිහිප දෙනෙක් ගනිත අන්සයටත් කලා සහ වනිජ අන්සයටත් බෙදීයන්ට විය......
          දුවගෙ ප්‍රතිඵල හැටියට හොද ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙයි.....ඕන්නම් ට්රයි කරල බලමු......තාත්තා කීවේට......ඕනෙ නෑ තාත්තෙ මට මේ ඉස්කෝලෙ හොදයි......මා කීවෙමි........පොඩි පුතත් ගෙදර නැති එකේ මේ දුවත් කොළඹ  ඉස්කෝලවට දැම්මම ගෙදර පාලුවට යයි......අම්මා කනගාටුවෙන් මෙන් කීවාය......මේ ඉස්කෝලෙ හොදයි අම්මෙ .....මම අම්මලව දල කොහේවත් යන්නෙ නෑ....මා අම්මාගේ අතේ එල්ලී පැවසුවෙමි..........
              Transgender body swap ගේ ඡායාරූපය

No comments: