Saturday, August 12, 2017

හදිසි අනතුර 106.................................සැත්කම නිසා මා තවමත් දුර්වල තත්වයෙන් සිටිනබැවින් අමාදා නිතර මා අසලින් සිටින්ට වූවාය . මට කිසිවකට මහන්සි වීමට ඉඩ නොදුන් ඔවුන් මට උපරිම සැලකිල්ල ලබාදීම විශේෂත්වයක් විය.
ලබන අවුරුද්දෙ විභාගෙ හින්ද දැම්ම තියා අමතර පන්තිගියොත් හොඳයි නේද තිලිනි.....දිනක් අමාදා ඇසුවාය....ඒකනම් හොදයි අම්මට කියන්න ඕනැ.....මා පැවසුවෙමි.....ලග පන්තියක් තියෙනව දැනටත් නිශානි පේෂලා එහෙම එතැනට යනවලු....එයාල තමා කිව්වෙ එතැන හොදයි කියල.....අපි කීපදෙනෙක් කතා වුනා එතැනට යන්න.....ඔයාගෙ අසනීප තත්වෙ හින්ද කිව්වෙ නෑ.....දැන් ටිකක් හොද හින්ද කතාකලේ.......ඇය තවදුරටත් පැවසුවාය......තව කීපදෙනෙක් ඉන්නව ඒකට යන්න.....අද හෙටම අපිත් යමු.....ඇය යෝජනා කලාය....
මා අමාදාගේ යෝජනාව අම්මාට පැවසූ අතර අම්මා තාත්තාගේ අවසරය ලබාදුන්නාය.......අමාදා දම්මි ඇතුලු යෙහෙලියන් පස්දෙනෙක් සමඟ මා පන්තියට ඇතුලු වුනෙමු........සතියකට දවස් දෙකක් පාසැල වෙලාවෙන් පසු පන්තියට සභාගී වීමට සිදුවිය.....එයට අමතරව සෙනසුරාදා දිනවලද පන්තියට සහභාගී වන්ට සිදුවිය........මා මුලදී නැටුම් ඉගෙන ගැනීමට පන්තියට ගියත් සැත්කම නිසා එයට සහභාගී වීම නවතා දැමුවෙමි..........තිලිනිට හොදට සනීපවෙනකන් නැටුම් කරන්න හොදනෑ......හොදවුනාට පස්සෙ පන්තියට එන්න තිලිනි.....නැටුම් ගුරුවරිය එසේ පැවසීම නිසා නැටුම් ඉගෙනීම තාවකලිකව කල්දැමීමට සිදුවිය.......
අපි පන්තියට සහභාගී වීම සදහා ගියේ පංතියේ යෙහෙලියන් කිහිප දෙනාම එකට නිසා කිසිම තනිකමක් දැනුනේ නැත.......සතියක් පමන ගතවනවිට......එම පන්තියට සහභාගී වන පිරිමි ළමුන් අතරින් එක් පිරිමි ලමයෙක් මට අනවශ්‍ය පරිදි විහිලු කරන්ට විය.....මොකක් ද බන් අර බෝයිට වෙලා තියෙන්නෙ.....උඹටමයි එක එක ඒව කියන්නෙ......ඕක අහන්න දෙයක්ද බන් අපි අතරෙ ඉන්න ලස්සනම කෙල්ල තිලිනිනෙ......දම්මි කීවාය......තිලිනි ඔයා ටිකක් උගෙන් පරිස්සම් වෙන්න......අමාදා කීවාය.......උඹල ටික ඉන්නකන් මම බය නෑ බන්......මා කීවෙමි......බයවෙන්න දෙයක් නම් නෑ ඌ ටිකක් හැන්ඩිය වගේ මම කතාකරල බලන්නද.......පේශලා කීවාය.......උඹ මොකාටද එන්න හදන්නෙ......ඒක ට්‍රයි කරන්නෙ උඹට නෙවෙයි......තිලිනිට......දම්මි ඇයට කීවාය.....කවුද කිව්වෙ මම ඌත් එක්ක යාලුවෙන්න හදනව කියල....මම කිව්වෙ තිලිනි කැමතිනම් සපොර්ට් එකක් දෙන්නම් කියල......මෙය ඇසුනු මට ලැජ්ජාවක් ඇතිවිය.......මේ පේෂලා .....මට ඇති මගුල් පිස්සුවක් නෑ උඹ එහෙම ඕව අහන්න යන්න එපා......මා ඇයට කීවෙමි......තිලිනි කියන එක හරි පේෂලා .....ඔය ඕනැ නැති ඒව වැඩක් නෑ......අපි පන්ති එන්නෙ ඉගෙනගන්න මිසක් මගුල් නටන්න නෙවෙයි......දම්මි ඇයට කීවාය.....
දිනක් එකවරම මා ඉදිරියට පැමිනි එම පිරිමි ළමයා....ඔයා හරි ලස්සනයි ඔයාගෙ නම මොකක්ද.......මා යන මාර්ගය අසුරාගෙන ඇසුවේය........දම්මි සහ අමාදා එකවරම මා අසලට පැමිනි නිසා ඔහුට අයින් වීමට සිදුවිය.....බියපත්ව සිටි මා දම්මි අසලට ගොස් ඇගේ අත අලාගත්තෙමි........මූට මොනව වෙලාද දන්නෙ නෑ ......අමාදා පැවසූ විට.....ට.කෑගහල ප්‍රස්න හදාගන්නෙ නැතුය යමු අමාදා........පැවසූ දම්මි ඉක්මනින්ම පන්ති ශාලාව තුලට අපිත් සමග ඇතුලු වුනාය......එදින සිට මා
පන්තියට සහභාගී වනවිට යෙහෙලියන් අතරම සිටි අතර කිසිවිටක තනි නොවුනෙමි.....එහෙත් එම පිරිමි ලමගේ කරදර අඩු නොවුනි........මෙය මට මහත් මානසික වදයක් බවට පත්විය......
මා පිරිමි ලමයෙක් ලෙස සිටිකාලයේද පිරිමි ලමුන්ගෙන් කරදර ඇතිවුනත් අවසාන කාලයේදී මා ඔවුනට මගේ අතපයවල සවිය පෙන්වා ඔවුන්ව තරමක් දුරට හෝ මෙල්ලකරගත්තෙමි. එහෙත් දැන් ගැහැනු ලම්යෙක් බවට පත්වූ මට....ඉස්සරමෙන් අත පයවල ශක්තිය පෙන්වීමට නොහැක...ඉස්සර මාගේ සිරුර තුල ස්වභාවිකව නිපදවූ ටෙස්ටස්ටෙරෝන් නම් හෝමෝනය නිසා.......මගේ සිරුර පිරිමිලමයෙකුමෙන් ශක්තිමත්ව වැඩෙමින් පැවතුනි.......එහෙත් දැන් ඒවා නිපදවීම නැවතී ඊස්ට්‍රජන් නැමැති කාන්තා හෝමෝනය නිපදවීමට පටන්ගෙන ඇතිනිසා පෙර තිබුනු ශක්තිමත් බව නැතිවී ගොස්..එම කාන්තා හෝමෝනයේ බලපෑමෙන් ශක්තියෙන් දුර්වල සියුමැලි කාන්තා සිරිරක් උරුමවී ඇත....මේ නිසා මට වඩා ශක්තියෙන් ඉහල පිරිමි ලමුන්ට එසේ ශක්තිය පෙන්වීමට යෑම නුවනක්කාර ක්‍රියාවක් නොවනබව තේරුම් ගත්තෙමි.....ඒ කෙසේ වෙතත් දැන් මා ගැහැණු ළමයෙකු බැවින් එසේ චන්ඩියෙකු ලෙස හැසිරීම ගැහැනු ජීවිතයට එතරම් සුදුසු නොවන බවද කල්පනාකලෙමි.....
.. Transgender body swap ගේ ඡායාරූපය

No comments: