හදිසි අනතුර 102.............................ඔයාගෙ ගෙදර අය කැමතිද මෙහෙම උනාට.....අම්මා ඇගෙන් ඇසුවාය.....අපේ ගෙදර හිටියෙ පිරිමිම තුන්දෙනයි. ..මම කෙල්ලෙක් උනාට පස්සෙ පොඩි අයියත් කැටෝයි උනා......මෙහෙ ගොඩක් පිරිමි කටොයිල වෙලා බිස්නස් කරනව......සෙක්ස් වලින් ගොඩක් සල්ලි හොයන්න පුලුවන් හින්ද ගොඩක් බෝයිස්ල මේ වැඩේ කරගන්නව......ඒත් මම ඒකට කැමති නෑ මට ඕනැ සාමාන්‍ය ගර්ල් කෙනෙක් විදියට ජීවත්වෙන්න....මම ගර්ල් උනේ පොඩි කාලෙ ඉදන් තිබුනු කැමැත්තට මිසක් සෙක්ස් වලට නෙවෙයි.......ඇය පවසන්ට වූවාය.....දැන් මොකද කරන්නෙ.....අම්මා ඇසුවාය......හොටෙල් එකේ රෙසෙප්සනිස්ට් කෙනෙක් විදියට වැඩකරනව......තව පාට් ටයිම් වැඩක් කරනව...... වුම්බ් එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරගන්න සල්ලි එකතුකරගන්න.....ඒක මහ ජරා වැඩක් වුම්බ් එක ඕනැ හින්ද මේ වැඩේ කරනව මිසක් ඒ වැඩේහොදනෑ.....වුම්බ් එක ලැබුනට පස්සෙ මම ඒ වැඩේ අතහැරල දානව......ඇය දැනට කරන පාර්ට් ටයිම් ජොබ් එක ගැන පිලිකුලෙන් යුතුව කතා කලාය........ඇගේ කතාවෙන් ඇයගේ සැත්කම සදහා මුදල් සොයන ක්‍රමය සිතාගත හැකිවිය......ගර්භාශයක අවශ්යයතාවය නිසාම ඇය මෙම ක්රියාවේ යෙදෙනවා මිස ගැහැනු ලමයෙකු වසයෙන් එම ක්‍රියාව පිලිකුල් කරනබව ඇගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.
අපි පැමිනි රට ඇසූ විට ශ්‍රී ලංකා යනුවෙන් පැවසූවෙමි......අපේ රටට ආසන්න ඉන්දියාව නේපලය වගේ රටවලින් මෙහෙට ලිංග වෙනස් කරවා ගැනීම සදහා විශාල වසයෙන් පැමිනෙන නමුත් ලංකාවෙන් ආ එක් අයෙක් පමනක් මුන ගැසී ඇතිබවත්......ඔහුගෙන් ලංකාවේ ලිංග වෙනස් කරවාගන්නා අය අඩුබවත්.....එයට හේතුව එම ආශාව ඇති අය ලංකාවේ අඩුවීම නොව.....සන්ස්කෘතික වසයෙන් භාදා එල්ලවන නිසා එම අශාවන් යටපත් කරගෙන ජීවත් වෙන අය වැඩි බව ඔහු ඇයට පැවසූ බව අපිට කීවාය.....එහෙම අය හුගක් ඉන්නවද නම් දන්නෙ නෑ..... ඒත් බෝයි කෙනෙක් ගර්ල් කෙන්නෙක් උනොත් සමාජ ගැටලු තියෙනව......අම්මා ඇයට කීවාය......බෑඩ් පීපල්..... යනුවෙන් අපේ රට ගැන සදහන් කල ඇය......කෙනෙකුට තමන් කැමති ලිංගයේ ජීවත්වීමට ඉඩ සලසා දියයුතු බවද සදන් කලාය...ඇය අපෙන් සමුගෙන ආපසු යනවිට ඇයට ඉක්මනින්ම ගර්භාෂයක් භද්ද කරගනීමට ලැබේවා යනුවෙන් අම්මා ඇයට ආශීර්වාද කලාය.....ඔයා වගේ අය තව ඉන්නව.....ඇය ගිය පසු මා දෙස බැලූ අම්මා සිනාසෙමින් කීවාය.......ගර්භාෂ හොයන අයද....මා ඇසුවෙමි......නෑ පොඩි කාලෙ ඉදන්ම කෙල්ලො වෙන්න කැමැත්තෙන් ඉන්න කොල්ලො........මාද එසේ කැමැත්තෙන් සිටි බව දැනගත් නිසා ඇය එසේ කීවාය.
මේ වනවිට ලිංග පරිවර්තනය කරගැනීම් ලෝකය පුරා බහුලව සිදුවන බව ඇයගේ කතාවෙන් අපි තේරුම් ගත්තෙමු.....මේ අතර කාන්තාවන්ද ලිංග පරිවර්තන කරගනීම් මගින් පුරුෂ ලිංගය භද්ද කරවාගෙන හැඩිදැඩි පුරුෂයන් ලෙස ජීවත් වෙන බවද අපිට දැනගැනීමට ලැබුනි......ගැහැනු අයනම් පිරිමි වෙන එක කමක් නෑ කියන්න පුලුවන් ඒත් මේ තරම් පිරිමි අය තමන්ගෙ වටිනා පිරිමිකම අයින් කරල ගැහැනු වෙන්න කැමති ඇයි කියල තමයි මට හිතාගන්න බැරි........අම්මා එසේ පැවසූ විට.....පිරිමි කම ඔයතරම් වටිනවනම් අම්මත් පිරිමියෙක් වෙන්නකො......මා විහිලුවට කීවෙමි......අපෝ මට ඕනෙ නෑ......මගෙ ගැහැනු කම මට හොදයි......ඇයගේ පිරිමියෙක් වීමේ නොකැමැත්ත ප්‍රකාශකලාය.....කොල්ලො කෙල්ලො වුනාට කොල්ලො වෙන කෙල්ලො ගොඩක් අඩුයිනෙ......මා කීවෙමි......ඒකනම් ඇත්ත පැවසූ අම්මා.....මම වගේම ගැහැනු ගොඩක් දෙනෙක් පිරිමි වෙන්න කැමති නැතුව ඇති.. .........අම්ම පිරිමි කම වටිනවයි කියනව ඒ වුනාට පිරිමියෙක් වෙන්න කැමතිනෑ.....පිරිමි උසස් කියන එක සමජයේ පිලිගැනීමනෙ දුවේ.....ඒකයි මම එහෙම කිව්වෙ නැතුව පිරිමියෙක් වෙන එකට කැමති වෙලා නෙවෙයි......
තායිලන්තයේ බැන්කොක් වල පිහිටි සුඛෝපබෝගි හෝටල් කාමරයේ ගතකරන අවසාන දිනය අද බව රාත්‍රී නින්දට යනවිට කල්පනා කලෙමි.....ගැහැනු ලමයෙකු ලෙස මෙහෙට පැමිනි මා ආපසු යනවිට අංගසම්පූර්න ගැහනු ලමයෙකු ලෙස යෑමට හැකිවීම මගේ තවත් ජයග්‍රාහනයක් විය.....
පසුදින සවස් වනවිට ගුවන් තොටුපොල කරා ලගාවූවේ ගුවන් යානය තිබුනේ සැන්දෑවේ බව දැනුම්දුන් නිසාය.....එදින සැන්දෑවේ බැංකොක් නගරයට අදුර ළඟාවී විදුලි ආලෝකයෙන් මුලු නගරයම ආලෝකමත් වනවිට අපි ගුවන්යානයට ගොඩවුනෙමු.......
No comments:
Post a Comment