හදිසි අනතුර 99...............................එහෙත් මා මේ සම්භන්දව කිසිවක් කතා නොකලේ තාත්තා මට කුමක් පවසාවිදැයි බියක් ඇතිවූ නිසාය. කෑමෙන් පසු කාමරයට ගිය මා මේගැන තවදුරටත් කල්පනා කලෙමි....මට හිතෙන්නෙ මාව පිරිමි ළමයෙක් බවට පත්කරන එක හිතෙන් අත්හැරල නෑ වගේ එයා හදන්නෙ බලෙන් හරි මාව කොල්ලෙක් කරන්න... කල්පනා කලමි.
පසුදින උදෑසන අවදිවූ මා අම්මා අසලට ගියෙමි.....ඇයි අම්මෙ ආයෙත් මාව ඩොක්ටගාවට එක්ක යන්නෙ.....ඇගෙන් ඇසුවෙමි......ඔයාව වෙනස් කරන්නනෙ දුවේ.... ඒකට.....අම්මා පිලිතුරු දුන්නාය....එතකොට ඔයාල හදන්නෙ ආයෙත් මාව කොල්ලෙක් කරන්නද.....මා දුක්බරව ඇසුවෙමි.....කවුද එහෙම කිව්වෙ ඔයාව ආයෙත් කොල්ලෙක් කරන්නෙ නෑ.....අම්මා පැවසුවාය.....ඇති යාන්තම්....... පපුවට අත තබා සැනසුම් සුසුමක් පිටකලෙමි.
අම්මා මෙසේ පැවසුවද අද දින වෛද්‍යවරයා මුණගැසීමට යන තුරු මගේ සිතතුල මොවුන් ගැන සැකයක් ඇතිවිය.....වෛද්‍යවරයා මුන ගසුනු අපි ඔහුට මානසික වෛද්‍යවරයා දුන් වාර්තාව පෙන්නුවෙමු .....එය කියවූ ඔහු....දැන් මිස්ට ජයවර්ධනගෙ බලාපොරොත්තුව මේ සැත්කම කරන්නද.....කලින් එක වගේ නෙවෙයි මේක ටිකක් සංකීර්ණයි ඒ වගේම වැඩිපුර වියදම් දරන්නත් වෙයි......පැවසුවේය.....දරුවට කරදරයක් වෙන්නෙ නැත්නම් වියදම ගැටලුවක් නෑ ඩොක්ට....තාත්තා කීවේය....මේකෙන් දරුවට ගැටලුවක් වෙන්නෙ නෑ ඒගැන බයවෙන්න එපා.....මේවගේ සංකීරන සැත්කමක් කරන්න ලංකාවේ පහසුකම් මදි .....වියදම අඩුවෙන් විස්වාසවන්තව කරගන්න පුලුවන් තායිලන්තෙට ගියොත්.....මම මෙයාව තායි ලන්තෙ ඩොක්ට කෙනෙකුට යොමුකරන්නම්. .....කීවේය.එ
කරන්ට යන මෙම සැත්කම ගැන මගේ සිතතුල බියක් හටගත්ත්ද.. පසුමෙයින්..මාව අංගසම්පූර්ණ ගැහැණු ලමයෙකු බවට පත්වීමට හැකිබව තේරුම් ගත්මට යම්සතුටක්ද ඇතිවිය......සතියක් පමන ගතවිය ......හදිසියේ වෛද්‍යවරයා මුනගැසෙන ලෙස අපිට දන්වා තිබුනු නිසා අපි ඔහු හමුවීමට ගියෙමු......ඔන්න අපි හිටුවටත් වඩා ඉක්මනින් තයිලන්තෙ යන්න පුලුවන් වෙනව.....වෙලාවට මෙයාට ගැලපෙන ගර්භාසෙකුත් හම්බවෙලා තියෙනව....අදැන් තියෙන්නෙ දිනය වෙන්කරගෙන යන්න විතරයි.....එහෙනම් ඩොක්ට අපි පාස්පෝර්ට් එහෙම පිලියෙල කරගන්නම්......තාත්තා පැවසුවේය....
දමයන්ති ඔයා දුවත් එක්ක යන්න....ගැටලුවක් උනොත් මම එන්නම්.....මොකද මෙයා දැන් ගැහැනුලමයෙක් නෙ. දුව ගාව ඉන්න ඕනැ අම්ම.....ඔහු අම්මාට පැවසුවේය......තායි ලන්ත ගමන සදහා සියල්ල පිලියෙල කරගත් පසු මා......මට තායිලන්තෙ යන්න වෙලා තියෙනව.....බඩේ ලොකු ඔපරේසන් එකක් තියෙනවලු කරන්න.....මාසයක් විතර ඉස්කෝලෙ එන්න හම්බවෙන්නෙ නෑ.....යෙහෙලියන්ට පැවසුවෙමි......අනේ තිලිනි මොකොද ඔයාට උනේ.....හොදට හිටියනෙ.....ඔව්න් දුකෙන් පවසන්ටවිය..... ඩොක්ට තමා කිව්වෙ මොනවගේ ඔපරේසන් එකක්ද කියලනම් දන්නෙ නෑ.......මට කරන්න යනදේ සම්භන්දව නොකියා එසේ කීවෙමි.......
තායි ලන්තය බලා පිටත්වෙන. දිනය ලගාවිය.....මම අනිද්ද යනව ආයෙ එන්නෙ තව මාසෙකින් විතර......මා පන්තියේදී පැවසූ විට පන්තියේ සැවෝම......මාව සිපවැලදගෙන මට ආසීර්වාද පලකරන්ට විය......මෙවැනි එක සිත ඇති යෙහෙලියන් කන්ඩායමකින් මසකට හෝ ඈත්වීමට සිදුවීම මගේ සිතට දුකක් දැනුනද.....තව මසකින් මෙයාල වගේම අංගසම්පූර්ණ ගැහැනු ලමයෙකු ලෙස ආපසු පැමිනීමට හැකියාව ලැබීම ගැන සතුටක්ද ඇතිවිය.....
ගමනට අවස්ය සියල්ල සූදානම් කරගත් අපි ගුවන්තොටුපොල කරා ගියෙමු.....තාත්තාගේ දෙපා නැමද සමුගත් මා මල්ලීවද තුරුලට ගෙන ඔහුගේ මුහුන සිපගත්තෙමි.....ඔහුගේ ඇස්වලින් කදුලු බිදු වැටෙනු දුටු මට මගේ ඇස් කදුලින් බරවුනු දැනුනි.....මා තවත් ඔහුව තුරුලුකරගෙන.....මම ආයෙත් එනව මල්ලි.....ගිහින් මලිට කතාකරන්නම්කො පැවසුවෙමි...
අපි හෝටලයට ලගාවන්විට සවස් වී තිබුනි......හෝටලය පිහිටා තිබුනේ අපිට යෑමට නියමිතව තිබුනු රෝහල අසලම නිසා එතරම් අපහසුවක් නොවන බව තේරුනි......පසු දින උදෑසන අපි වයිද්යවරයා මුනගැසුනෙනු......ඔහු ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකු බව බැලූ බැල්මට හිතාගත හැකිවිය.....කෙල්ලෙක් උනාට මදි නේද අම්ම කෙනෙකුත් වෙන්න ඕනැ......ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් විහුලු සහගතව සිනාසෙමින් මගෙන් ඇසුවේය...... ඔහුගේ වාග් විලාසයත් හැසිරෙන ආකාරයත් මගේ සිත්ගත්තෙමි ........ ඔහුට පිලිතුරු දීමට තරම් ඉංග්‍රීසී කතා කිරීම හැකියාවක් නොමැති මා ඔව් යනුවෙන් හිසින් පිලිතුරු දුන්නෙමි....
No comments:
Post a Comment