හදිසි අනතුර 115.........................දුව යන්න කාමරේට ඔයාව නාවනකන් පිරිමින්ගෙ මූණ බලන්න හොද නෑ. .......පුංචි පැවසූ විට මා ඉක්මනින් කාමරය තුලට ගියෙමි......නංගි ඇවිත් ගොඩක් වෙලාද.......අම්මාගේ කටහඬ ඇසුනි.......දැන් ටිකක් වෙලා..... පුංචි කියනු ඇසුනි.....අම්මා මගේ කාමරයට පැමින ඇදේ වාඩිවූවාය......පුටුවේ වාඩිවූ පුන්චි අම්මා ......කවදට ද අක්කෙ දිනේ දුන්නෙ......ඇසුවාය......ලබන බ්රහස්පතින්දා ....අම්මා කීවාය......තව දවස් හතරක් විතර තියෙනවනෙ......පුංචි කීවාය......ඒක තමයි නංගි..... මම මේ කල්පනාකලේ මෙයාගාව තනියට තියන්නෙ කාවද කියල.......ඔයා දන්නවනෙ නංගි අපේ දුවට උන දේ අපි දන්න කෙනෙක් ලග තිබ්බම ඒවට උත්තර බැදල ඉවරයක් නැතුව හිටියි........අදුනන්නෙ නැති කෙනෙක් හොයාගන්න ඕනැ......අම්මා පැවසුවාය......පොඩ්ඩක් මල්ලිකාගෙන් අහල බැලුවොත් හොඳනැද්ද ...පුංචී පැවසූ විට අම්මා මල්ලිකාට කතාකලාය......ඇයි නෝනා.....පවසමින් ඇය කාමරය තුලට පැමිනියාය.....මල්ලිකාගෙ ගමේ කවුරු හරි ඉන්නවද මේ දවස් ටිකට බේබිගාව තනියට තියන්න කෙනෙක්........දවස් කීයක් විතර තියෙනවද නෝන....ඇය ඇසුවාය......දවස් හතරක් විතර තියනව.....අම්මා පිලිතුරු දුන්නාය......ටික වෙලාවක් කල්පනා කල මල්ලිකා......මගේ අක්කගෙ දුවෙක් ඉන්නව ......එයා විභගෙ කරල මේ දවස්වල ගෙදර ඉන්නෙ.....ඔන්නම් එයාට කතාකරන්නම්......ඇය කීවාය.....අනේ මල්ලිකා ලොකු දෙයක් කතාකරල බලන්නකො......අම්මා කීවාය. මට කෝල් එකක් අරන්දෙන්නකො කතාකරන්නම්.......මල්ලිකා කීවාය......එන්නකො මල්ලිකා පවසූ අම්මා ඇය සමඟ දුරකතනය අසලට ගියාය......බලන්න දුවේ අම්ම කෙනෙකුට දුවෙක් ඉන්නව කියන්නෙ කොච්චර වගකිමක් තියෙනවද කියල.......පුන්චි කීවාය. ......ඒ වුනාට අම්මට දැන් දුවෙක් ඉන්නව කියල ගොඩක් සතුටින්නෙ ඉන්නෙ......මා කීවෙමි........කොච්චර වගකීම් තිබුනත් දුවෙක් ඉන්න ගෙදර ලස්සනයි. කොල්ලො කොච්චර හිටියත් කෙල්ලෙක් නැතිවුනාම ඒගෙදර ලස්සනක් නෑ......පුන්චි කීවාය.
මල්ලිකාගෙ ලමයෙක් හෙට එනන්න පොරොන්දුවුනා.....නංගි එතකන් දුවව බලාගන්න.....අම්මා පුංචිට මා අසල සිට්නලෙස පැවසුවාය.......ඇයි පුංචි මාගවින් කවුරු හරි තනියට තියන්නෙ....ඔයාල ගෙදර ඉන්නකොට මට තනියක් නෑනෙ......මාගේ තනියට මා අසල සිටි පුංචිගෙන් ඇසුවෙමි...ලොකු ලමයෙක් උනාම ගැහැණු ළමයි තනිකරන්න හොද නෑ.......කවුරුහරි ගැහැනුකෙනෙක් ළඟ ඉන්න ඕනැ.......ගැහැනුළමයෙක් වැඩිහිටියෙකු බවට පත්වූවිට ඇය කාමරයකට කොටුකර තනියට ගහැනු කෙනෙක් ළඟ තැබීම පුරාණයේ සිට පැවත එන චාරිත්රයක් බව දැනගත් මට අහම්බෙන් මෙන් ගැහැණු කම උරුමවූ මටද එම අත්දැකීමට මුහුනදීමට සිදුවූබව කල්පනාකලෙමි.....පසුදින මල්ලිකා පැවසූ පරිදි ඇගේ දියනියක් වන තරුනිය අප නිවසට [ඇමිනියාය.......ඇය තරමක් කලුපැහැති උවද හැඩකාර තැනැතියක් බව දුටුවෙමි.....මගේ වයසට ආසන්න තරුනියක් බව දුටු මට ඇය මා අසල සිටීම ගැන සතුටක් ඇතිවිය.......උසස් පෙල විභාගය අවසන්ව ගෙදර සිටින බව පැවසූ ඇය......විභාගයෙන් සමත්වේයැයි දැඩි බලාපොරොත්තුවෙන් සිටිනබව ඇගේ කතාවෙන් වැටහුනි...සිනිදි නමින් හැදින්වූ ඇය...ටික වෙලාවක් ගතවනවිට ඉතාමත්ම ප්රියමනාප තැනැත්තියක් බව වැටෙහෙන්ට විය......අද මා විදින අත්දැකීම එදා ඇය විදි ආකාරය විස්තර කරන්ට වූවාය.......ගැහැනුන්ටම පමනක් උරුමවූ කොටහලු වීම පිරිමියෙකු ලෙස උපන්මටද අත්දැකීමට සිදුවීම මහත් පුදුමාකාර සිද්දියක් ලෙස දැනෙන්ට විය.....
සිනිදි ඔයා බේබිගෙ කාමරේ බිම නිදාගන්න.....මල්ලිකා සිනිදිට පවසන අයුරු අසා සිටි මා.......මේ ඇදේ ඉඩ තියෙන්නෙ සිනිදි.......අපි දෙන්න මේකෙ නිදාගම්මු......පැවසුවෙමි.....ඒක හොද නෑනෙ බේබි.....මෙයාට හොදට බිම නිදාගෙන පුරුදුයි....මල්ලිකා කීවාය.......මගේ බල කිරීමත් අම්මා එයට විරුද්ධ නොවීමත් නිසා ඇය මගේ ඇදේ නිදාගැනීමට එකඟ වූවාය......ජීවිතයේ පලමුවරට තවත් ගැහැනු ලමයෙකු සමග එකම ඇදේ නින්දට ගිය පලමු දිනය අදවිය......මා කොල්ලෙකු ලෙස සිටියානම් මෙවනි ගහැහැනු ලමයෙකු සමඟ එක ඇදේ නින්දට යෑමට හැකිවේද......මාත් දැන් ඇය වැනිම ගැහැනු ලමයෙකු බැවින් එම වාසනාව මටද උදාවී ඇත......
ගෙදර අය මගේ උත්සවය සදහා සූදානම් වන අයුරු දැකගැනීමට ලැබුනි.......ලගම අයට මිස වෙනත් අයට මෙම උත්සවයට ආරාදනා නොකරන බව අම්මාගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.......එදිනට මට ඇදීමට නියමිතව තිබුනේ රෝස පැහැති ඇදුමකි...... එය ගැහැනු ලමයින්ට වඩාත්ම ගැලපෙන පැහැයක් නිසා අම්මා වඩාත් සතුටුවිය...... රෝස පැහැති ගවුමක් මිලදී ගෙන තිබුනු ඇය එය මගේ සිරුරට තබා හැඩ බැලුවාය......එහි තට්ටු සායක් මසා මල් වැඩදමා තිබුනුබව දක්නට ලැබුනි.
ඔයාව නාවන්න තියෙන්නෙ හෙට උදේ පහමාරට ඒවෙලාවට ඇහැරෙන්න ඕනැ....උත්සවයට පෙරදින රාත්රී නින්දට යෑමට පෙර අම්මා පැවසුවාය.....
No comments:
Post a Comment