Sunday, August 13, 2017

හදිසි අනතුර 109..............................හෙට සෙනසුරාදා පන්තියන්නෙ උදෙටනෙ හවසට ටවුන් යමු. ....කීවාය....ඇයි අම්මෙ හදිස්සියෙ.....මා ඇසුවෙමි......ඔයාට ඇදුම් ටිකක් ගන්න....ඇය පිලිතුරුදුන්නාය......මේ අනුව සෙනසුරාදා අපි ඇදුම් සාප්පුවට ගොඩවුනෙමු.......අම්මා කෙලින්ම ගමන්කලේ ගැහැනු අයගේ යට ඇදුම් තිබෙන කොටසටය......මා ගැහැණු ලමයෙක් බවට පත්වූ අලුත මෙම ස්ථානයට පැමිණීවිට යම් ලැජ්ජා සහගත හැගීමක් ඇතිවුවද දැන් සම්පූරණ ගැහැනු භාවයෙන් වෙලී සිටින මට මෙම යට ඇදුම් අතගෑම ඒවා තේරීම කිසිම ලැජ්ජාවක් හෝ අමුත්තක් නොදැනෙන බව වැටහුනි......අම්මා බ්‍රෙසියර කිහිපයක් තෝරන අයුරු දුටුවෙමි. ඇය තෝරන්නේ වෙනදාමෙන් විශාල කප් සහිත ඒවා නොවන බවත් කුඩා ඒවාබවත් දුටු මට. ඒවා මිලදී ගැනීමට සැරසෙන්නේ මා සදහා බව වැටහුනු මට යම් ලැජ්ජා සහගත හැඟීමක් ඇතිවිය.....ඉන් එකක් අතට ගත් ඇය මා අසලට පැමින එය මගේ පපුව මත තබන්ට වූවාය....එවිට මා ලැජ්ජාවෙන් ඇබරෙන්ට උනෙමි......මොනවද ළමයො ඇබරෙන්නෙ ඔයා දැන් ලොකු ගැහැණු ලමිස්සියෙක් වීගෙන එන්නෙ ඒහින්ද මේව අදින්න ඕනැ.....පැවසූ ඇය මේ සයිස් එක හරියයි කීවාය.....ඉන්පසු ඉන් කිහිපයක් අතට ගත් ඇය අම්මා සදහාද විශාල කප් සහිත බ්‍රෙසියර කිහිපයක්ද ගත්තාය.....මින් පසු අපි දෙදෙනාටම සරිලන ගැහැනු යට කලිසම් සහ යට සායවල් කිහිපයක්ද අතට ගෙන ඒ සියල්ල මගේ අතට දුන්නාය.......මම කොල්ල කාලෙ මේටික අතේ තියාගෙන හිටියනම් මෙතැන ඉන්න ගෑනු ටික කොයිතරම් අමුතු විදියට මා දිහා බලයිද....ඒහෙනම් මට මේව අල්ලනව තියා මේව දිහා කෙලින් බලන්නත් බෑ......දැන් මාත් මේ අය වගේම ගැහැණියෙක්නෙ......මට ලැබී තිබෙන ගැහැනු කමගැන  යම් ආඩම්බරකාර හැගීමක් ඇතිවිය........ඉන් අනතුරුව ඇය මාව එක්ක ගියේ ගැහැනු ඇදුම් තිබෙන කොටසටය......දුවට ඕනැ ඇදුමක් තෝරගන්න ....පැවසූ අම්මා අම්මට සුදුසු ඇදුම් තෝරාගැනීමට පටන්ගත්තාය......මේ වනවිට මා සන්තකයේ  විටින් විට මිලදීගත් ඇදුම් විශාල ප්‍රමාණයක් ඇතත් මගේ සිතත් මේවනවිට ගැහැනු සිතුවිලි වලට පරිවර්තනය වී ඇතිබැවින් කෙතරම් ඇදුන් තිබුනත් සෑහීමකට පත් නොවුනි.....මා ද අම්මා සේම ඇදුම් තේරීමට පටන් ගත්තෙමි......අම්මෙ මේක ලස්සනයිද......ගවුමක් තෝරාගත් මා අම්මාගෙන් ඇසුවෙමි......ලස්සනයි දුව කැමතිනම් ඇදල බලල ගන්න ඇය කී ඇය.....ඔයා කැමති නැද්ද ජින්ස් අදින්න ඔන්නම් අතනින් එකක් තෝරගන්න.....ජින්ස් කලිසම් දෙසට අත දිගුකල ඇය කීවාය.....අනේ අම්මේ මම කැමති නෑ ඒව අදින්න.......ඇයි ඒ ඔය ඕනැතරම් ගැහැනු ලමයි ඇදගෙන යන්නෙ.....අම්මා කීවාය......ඒව ඇන්දම හරියට කොල්ලො වගේනෙ අම්මේ.....මම කැමති නෑ ආයෙත් කොල්ලෙක් වගේ වෙන්න......මා ඒවාට විරුද්ධත්වය ප්‍රකාශකලෙමි.......මා එසේ පවසන විට කටකොනකින් සිනාසුනු අම්මා එහෙනම් පිරිමි කම ඒතරමට එපාවෙලා.....පවසා....කුර්තා වගේ ඒවටත් කැමති නැද්ද.. ඇසුවාය .....ඒව පිරිමි කලිසන් වගේ නෙවෙයිනෙ අම්මෙ ඒවත් ලස්සනයි......මා කීවෙමි......එහෙනම් ඒ ඇදුම් ටිකකුත් ගන්න......ඇය කීවාය...... සාය බ්ලවුස් කිහිපයක්ද ගවුන් කිහිපයක්ද තෝරාගත් මා පලමු වරට ඇදීම සදහා කුර්තා ඇදුමක්ද තෝරාගත්තෙමි.......ඇදුම් තෝරා ගැනීම සදහා සෑහෙන කාලයක් සාප්පුවේ ගතකල අපි සාප්පුවෙන් පිටතට පැමිනියෙමු.......එවිටම පාරේ සෙනග අතරින් අදුනන මුහුනක් දුටු මා නැවත ඒ දෙස බැලුවෙමි........තරංග අයියා......මට එකවරම කියවුනි......අම්මෙ තරංග අයිය මම පොඩ්ඩක් කතා කරල එන්නම් .....එසේ පවසනවාත් සමගම ඔහු මාව දුටුබව තේරුනේ මුව තුල සිනහවකින් සරසාගෙන අපිදෙසට පැමිනෙන අයුරු දුටුවිටය......නන්ගි රෙදි අරගෙන වගේ මගේ අතේ තිබුනු රෙදි පාර්සල දෙස බැලූ ඔහු කීවාය......ඔව් අයියෙ ඇදුම් ටිකක් ගත්ත....ඔහු හමුවීමෙන් සතුටට පත්වූ මා කීවෙමි.....මේ ඔයාගෙ පරන ස්කෝලෙ යාලුව නේද......අම්මා ඇසුවාය......ඔව් ඇන්ටි.....මම ඒකාලෙ නන්ගි අනතුරට පත්වෙලා ඉන්නකොට බලන්න ඇන්ටිලගෙ ගෙදරත් ගියේ.......ඔහු මතක්කලේය.....මට පුතාව මතකයි.....අම්මා කීවාය......අයිය කොහේද යන්නෙ...... මා ඇසුවෙමි...... ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න බස් එකට  යනව......ඔහු කීවේය......අයියත් අපේ ගෙවල් පැත්තෙනෙ අපිත් යන්නෙ ගෙදර මේකෙම යන්න පුලුවන් මා ඔහුට ආරාධනා කලෙමි.......නෑ නංගි මම බස් එකේ එන්නම් ඔයාල යන්න.....ඔහු කීවේය......බස් එකේ යන්නෙ ඕනෙ නෑ පුතේ නගින්න......අම්මාද ඔහුට ආරාධනාකලාය........මේකෙ ගියත් ඔයාල මගටනෙ යන්නෙ මට තව ටික දුරක් යන්න තියෙනවනෙ......ඔහු කීවේය. ඒකට මොකද තව ටික දුරනෙ අපි ගිහින් බස්සන්නම්කො......අම්මා කීවාය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: