හදිසි අනතුර 113............................පසුදා උදෑසනවනවිට වෛද්‍යවරයාගේ අනාවැකිය සත්‍යයක් වී ඇතිබව මට පෙනුනි....අම්මාගේ උපදෙස් පරිදි පෙරදින රාත්‍රියේ මා නින්දටගියේ සුදු පැහැති පැන්ටියක් ඇදගෙනය......අද උදෑසන අම්මා පැවසූ පරිදි එය ගලවා පරීක්ෂා කරනවිට ලේ ගැවී ඇතිබව දුටුවෙමි......මා ඉක්මනින් අම්මා අසලට ගොස් මෙය පෙන්නුවෙමි......යන්න දුවේ ඉක්මනට කාමරේට මම මේක තාත්තට කියන්නම්.....පැවසූ ඇය තාත්තා සිටින කාමරය දෙසට ඉක්මනින් ගිය අතර මා කාමරය තුලට ගොස් ඇදේ වාඩිවුනෙමි.......සුලු වෙලාවකින් කුස්සියේ වැඩකරන මල්ලිකා සමග අම්මා මා අසලට ආවාය......දුවේ මම තාත්තත් එක්ක නැකතක් බලන්න යනව ඔයා මේ මල්ලිකා එක්ක ඉන්න එලියට එහෙම යන්න එපා......පැවසුවාය......මල්ලිකා යනු මා ගැහැණු ලමයෙකු බවට පත්වූ පසු අපේ ගෙදර වැඩට පැමිනි වයස අවුරුදු තිස්පහක් පමන තැනැත්තියක් විය....මා පිරිමි ළමයෙකු ලෙස සිටි අවදියේ කුස්සියේ වැඩකල උයන අම්මා මගේ මෙම විපර්යාසයසයට පෙර ගෙදර ගොස් නැවත නොපැමිනි නිසා...ඉන්පසු වැඩට ආවේ මෙම මල්ලිකාය......ඇය මගේ පෙර ජීවිතය සම්භන්දව කිසිවක් නොදන්නා අතර ඇය සිතා සිටින්නේ මා උපත්තියෙන්ම ගැහැනු ලමයෙකු ලෙසෙටය.......පුන්චි අම්මටත් කිව්ව එයත් තව පොඩ්ඩකින් එයි.....මට පැවසූ අම්මා...... අපි පරක්කු උනොත් දොර අරින්න මල්ලිකා...... මල්ලිකාට කීවාය.... ගෙදරින් පිටත්වීමට සූදානමින් සිටි අම්මා නැවතවරක් කලබලයෙන් මෙන් මගේ කාමරය තුලට ආවාය......මට එකක් අමතක උනානෙ කී ඇය අත තිබුනු ඉටි කවරයකින් ඔතා ඇති කුඩා පාර්සලයේ ඉටි කවරය ඉරුවාය.....දුව මීට ඉස්සෙල්ල මේව ගැන දන්නෙ නැතුව ඇති....පවසා..එහි තුල තිබුනු සුදු පැහැති පුලුන් වැනි දෙයක් එලියට ගත්තාය.....මා එය දුටු ගමන්ම ඒවා මින් පෙර දැක ඇති බව සිහිවිය......පාසැලේ වැසිකිලිය තුල තබා තිබෙන බාල්දිය තුල මේවා දමා තිබෙන අයුරු සිහියට නැගුනි......ලේ ගෑවී තිබුනු ඒවා මෙවැනි අව්ස්තාවලදී ගැහැණු ළමුන් පවිචිචි කරන ඒවා බව වැටහුනත් ඒවා භාවිතා කරන ආකාරය ගැන දැනුමක් නොතිබුනි..... අම්මා එය පාවිච්චි කරන ආකාරයද කියා දෙන්ට වූවාය...මේකට හොදට ලේටික උරාගන්න හින්ද කොහේවත් ගෑවෙන්නෙ නෑ පැය හතරකින් විතර පස්සෙ අලුත් එකක් ඇදගන්න....ගලවන ඒව ඉටි බෑක් එකකට දාල කාටවත් පේන්නෙ නැති තැනකින් තියන්න පස්සෙ පුච්චල දාන්න පුලුවන්නෙ....පැවසූ ඇය....මල්ලිකත් මේව පාවිච්චි කරන්න දන්නවනෙ.....බේබිට තේරෙන්නෙ නැති හින්ද පොඩ්ඩක් බලන්න.....මල්ලිකාට පැවසුවාය......අනේ නෝන අපිට ඉතින් ඕවට වියදම් කරන්න සල්ලි නෑනෙ.....ඒත් බේබිට කියල දෙන්නම්......ඇය අහිංසක ලෙස පැවසුවාය......අම්මා පැවසූ පරිදි එය පැලදගත් මා එයට උඩින් පැන්ටිය ඇදගත්තෙමි.....මල්ලිකා මේව පාවිච්චි කරන්නෙ නැද්ද......අම්මා ගෙදරින් පිටවූ පසු මා මල්ලිකාගෙන් ඇසුවෙමි......අනේ බේබි ඕවට වියදම් කරන්න තරම් අපිට සල්ලි නෑනෙ.....කීවාය......එහෙනම් ඔයා මේවගෙ වෙලාවට මොකක්ද කරන්නෙ......ඇසුවෙමි......අපිට ඉතින් රෙදි කෑලිවල පිහිට තමා බේබි.....ඒ කිව්වෙ.... මා තවදුරටත් ඇසුවෙමි.....පිරිසිදු කපුරෙදි කැල්ලක් අරගෙන ඒක නවල ලේටික උරාගන්න විදියට තියාගන්නව.......ඇය පැහැදිලි කලාය......ඕවත් මම පාවිච්චි කරල තියෙනව රෙදි කෑලිවලට වඩා ඕව පහසුයි..රෙදිකෑලි වගේ හෝද හෝද වේලන්න ඕනෙත් නෑ ...ඇය කීවාය......
මා තව දුරටත් පිරිමි ලමයෙකු ලෙස සිටියානම් අද ලබන මෙම අත්දකීම කවදාවත් ලබාගැනීමට නොහැකිවන බව කල්පනා කලෙමි. ගැහැනු ජීවිතයකට අවතීරනය වී ඇති මට මෙය එක්තරා සුන්දර අත්දැකීමක් විය හැකිබව තව දුරටත් කල්පනා කරන්ට වූවෙමි.....
No comments:
Post a Comment