Monday, August 21, 2017

හදිසි අනතුර 116.........................පාන්දර මගේ කාමරයට පැමිණි  අම්මා මගේ මුහුණ සුදු රෙද්දකින් වසාගෙන එලියට රැගෙන ගියාය. නාන බේසම අසලට පැමිනෙන තුරු කිසිවක් නොපෙනුනු මගේ හිසට සීතල ජලය පිරවූ කලයෙන් වතුර නාවන්ට වූවාය. පාන්දර තිබුනු සීතල සමග මුසුවූ ජලයේ සිසිලස නිසා සිරුර වෙවුලන්ට වූඅතර ජලයට මුසුකර තිබුනු සුවඳ බෙහෙත් කූඩුවල සුවඳ නාසයට දැනෙන්ට විය.....නාවා අවසන්කල ඇය අසලතිබුනු කොස් පැලයට කැත්තෙන් කොටා එයින් වැගිරෙන කිරිදෙස බලන ලෙස දැන්වුවය. අනතුරුව නැවත සුදු රෙද්දෙන් මුහුන වැසූ ඇය මාව නැවත ගෙය තුලට රැගෙන යනු ලැබීය.....මුහුන වසාතිබුනු රෙදි කැබැල්ල ඉවතට ගත් ඇය එතැන තිබුනු කිරිබත් කැවුන් දෙස බලා දැල්වෙමින් තිබුනු පහන නිවන ලෙස පැවසුවාය......ඉන් අනතුරුව අලුත් යට ඇදුම් ඇන්දූ අය මට ගෙනා ගවුම අන්දවා ...මාල වලලු කරබු වලින් ගත සරසන්ට වූවාය.......කොන්ඩයද ලස්සනට පීරූ ඇය මුහුනට මේකප් කර තවත් පැහැපත් කරන්ට වූවාය.....දැන් මගේ රුව මෑතකදී දුටු රූමත්ම රුව බවට පත්වී ඇතිබව කැඩපතින් දැකගැනීමට ලැබුණි.....මා එය දෙස සුලුවෙලාවක් බලා සිටියේ දැඩි සතුටකිනි......දැන් ඔයාට කාමරේට වෙලා ඉන්න ඕනෙ නෑ.....ඉස්සෙල්ලම අම්මටයි තාත්තටයි වදින්න.....පුංචි අම්මා පැවසූවිට මා එසේ කලෙමි......අනතුරුව පුංචි අම්මාටද බාප්පා ඇතුලු වැඩිහිටි නෑයන්ට වැද ආසීර්වාද ලබාගත්තෙමි......ඔවුන් මට ඔවුන් අත තිබුනු තාගි පාර්සල් පිරිනමන්ට විය......මෙයාල ඔක්කොම මාව මේතරම් පිලිගන්නෙ මාව කෙල්ලෙක් උන හින්දනෙ......කොල්ලෙක් වෙලා හිටියනම් මේවගෙ උත්සව පිලිගැනීම් තෑගි මොකුත්ම නෑනෙ......මාව කෙල්ලෙක් බවට පත්වුන එක කොච්චර හොදද.....මා ඔවුන් දෙස බලා සතුටින් කල්පනා කලෙමි. දින කිහිපයක් කාමරයට කොටුවීසිටි මට නිදහසේ නිවසතුල ඇවිදීමට හැකිවීම ගැන මා තවත් සතුටට පත්වුනෙමි.....සෑම ගැහැණු ලමයෙකුටම මෙදිනට විදිමට සිදුවන මෙම අත්දැකීම තරමක් පීඩාකාරීවුවද මා සතුටින් එම අත්දැකීම විදගත්තෙමි.....සවස් වනවිට පන්තියේ යෙහෙලියන් වන දම්මි ඇතුලු කිහිප දෙනෙක්  පැමිනෙන්ට විය.........අපිට පුදුම හිතුන බන් මේ ආරංචිය ඇහුවම අපි හිතුවෙ උඹ මෙලහටත් ලොකු ලමයෙක් වෙලා හිටියෙ කියල.......පන්තියෙ ඔක්කොමල වගේ හරි උඹ විතරයි මගෙ හිතේ ඉතුරුවෙලා හිටියෙ . එහෙනම් දැන් උබත් හරි......දම්මි පැවසුවාය...... ඕක පටන්ගත්තම හරි කරදරයක් බන්.......ඒත් මොනව කරන්නද අපි කෙල්ලොනෙ.....ඔවුන් අතර සිටි නයෝමි කීවාය.....මේ තිලිනිව බය කරන්නෙ නැතුව කට වහගෙන හිටහන්..... කී දම්මි........ඕක පුරුදු වෙනකොට ගානක් නෑ......කිවාය.
                               උත්සව දිනට පසුදින සිනිදු ආපසු ගෙදර ගිය අතර දින කිහිපයක් ඇය සමග ළඟින් ඇසුරුකිරීම නිසා ඇයගෙන් වෙන්වීම මගේ සිතට යම් දුකක් ඇතිවිය....අම්මා ඇයට මුදල් වලින් සංග්‍රහයක් කරනු දක්නට ලැබුනි.
                               මින්පසු සෑම මසකට වරක්  ගැහැණු ළමයෙක් ලෙස විදගැනීමට ලැබෙන මෙම අත්දැකීම විද ගැනීමට ලැබුණි. අම්මා කියාදුන් පරිදි එය සිදුවන කාල සීමාව ගනණය කිරිමට හැකිවූ අතර.....එම දිනවල සිදුවන බඩේ අම්මාරුවද විද ගැනීමට සිදුවිය......දුවට මම කිව්වනෙ කෙල්ලෙක් උනාම ඕවගෙ දෙවල් විදගන්න වෙනව කියල.....අර තාත්ත කිව්ව එක අහල ආයෙත් ඉස්සර වගේ පිරිමි ලමයෙක් උනානම් ඔය කිසිකරදරයක් නෑනෙ .......දිනක් මා මාසික වේදනාවෙන් කුස අතගාමින් සිටිනවිට අම්මා පවසන්ට වූවාය......ටිකක් කරදර තමයි.....ඒ වුනාට මමනම් ගොඩක් ආසයි ගැහැණු ළමයෙක් වුනාට.......ගැහැනු වෙන එක හොඳයි අම්මේ.....මා කීවෙමි......මොකක්ද බන් ඕකෙ  ඔයහැටි තියෙන හොදේ.....ඇය ඇසුවාය.....අම්මා දන්නෙ නෑනෙ අම්ම ඉතින් කවදාවත් පිරිමියෙක් වෙලා ඉදල නෑනෙ.....කොයිකද හොද කියල කියන්නෙ......ලිංග දෙකම සම්භන්ධව අත්දැකීමෙන් දන්නා මා එසේ පවසන විට......අනේ මම දන්නෙ නෑ ඕව......ඔයා ඉතින් ඔය දෙකම ගැන දැනගෙනනෙ කියන්නෙ......ඔයා කියන එක ඇත්ත වෙන්නත් පුලුවන්.....අම්මා සිනාසෙමින් කීවාය. මා තරුනියක් ලෙස වැඩිවියට පත්වූ පසු මගේ හැඩරුව තවතවත් රූමත්වීමට පටන්ගෙන ඇතිබව බොහෝ දෙනක් පවසන්ට වූ අතර දිනපතා කැඩපත අසලටවී එම රූමත් ගැහැනුරුව නරබමින් සතුටක්ද ලැබුවෙමි.....මා කොල්ලෙක් ලෙස සිටියානම් මෙලෙස නරබා සතුටුවීමට තරම් රුවක් මට නොතිබෙන බව කල්පනා කලෙමි.....මෙච්චර හැඩබලන්න තරම් කොල්ලන්ට මොන ලස්සනක්ද තියෙන්නෙ......මා තවදුරටත් කල්පනාකලෙමි......
              Transgender body swap ගේ ඡායාරූපය

No comments: