හදිසි අනතුර 103...................................අපි නැවත කටුනායකින් බහිනවිට පාන්දරට කිට්ටුවී තිබුනි......එලියට ගියපසු අම්මා තත්තාට දුරකථන ඇමතුමක් දුන් නිසා ඔහුගේ වාහනය අපි අසල නතරකලේය......වාහනයෙන් පිතටට පැමිනි මල්ලී මගේ අතේ එල්ලුනේ අක්කේ කියාගෙනය. දුවට කොහොමද මගෙ දුවේ තාත්තා මාව තුරුකරගෙන ඇසුවේය......අවුලක් නෑ තාත්තෙ ඔක්කොම හොදට කෙරුන.......මා කීවෙමි.....අපි ගෙන ආ බෑක් ඩිකියේ දැමූ තාත්තා අපිත් සමග වාහනයට නැග්ගේය......මොනවද අම්මෙ අපිට ගෙනාවෙ......මල්ලී අම්මාගෙන් ඇසුවේය ......එහෙන් මොකුත් ගන්න බැරිවුනා පුතේ අක්කව දාල කොහාටවත් යන්න බැරිවුණානෙ.......මෙහෙන් චොකලට් වගයක් ගත්ත ගිහින් බලමුකෝ.......ඇය කීවාය......අක්කට ගොඩක් අමාරුවුනාද අම්මෙ......ඔහු මගේ අත අල්ලාගෙන අම්මාගෙන් ඇසුවේය......ඔපරේසන් එකෙන් පස්සෙ ඇදෙන් බහින්න දුන්නෙ නැහැ නෙ......ඇය පිලිතුරු දුන්නාය........අනේ පව් අක්කා......පැවසූ ඔහු මගේ අත සුමටව අතගාන්ට වූවාය......මට ගොඩක් අමාරු උනේ නෑ මල්ලියේ ඔයා බයවෙන්න එපා.....මා ඔහුව තුරුලුකරගෙන පැවසුවෙමි........අපි ගෙදරට ලගාවනවිට එලිය වැටෙමින් පැවතුනි......ඇදුන් මාරුකරගත් මා ඇදේ ඇලවුනේ ගමන් මහන්සියත් සැත්කම නිසා ඇගේ තිබුනු අමාරු ගතියත් නිසාය......අම්මාගේ කටහඩින් .ඇස් ඇර බලනවිට සෑහෙන්න දවල් වී තිබුනි.......දුව කෑවෙත් නෑනෙ බඩගිනිත් ඇති....මම කීද්දුවෙත් නෑ හොදට නින්දගිහින් හිටිය හින්ද......කෝ අම්මෙ මල්ලි......මම ඇසුවෙමි......ඔය දැන් හිටියෙ......කී ඇය එයාට ඔයාව එක්ක එන්න ඕනැ කියල ගෙදර එක්ක එන්න කියල පොරේලු.....පස්සෙ තාත්ත එක්ක ඇවිල්ල.....අද ඉස්කෝලෙ යන්නත් නෑ හවසට එක්ක යනව කියල තාත්ත කිව්ව......එයා අහනව ඔයාට මොකක්ද කල ඔපරේසන් එක කියල......මම බඩේ ප්‍රස්නයක් කිව්ව මිසක් වෙන මොකුත් කිව්වෙ නෑ......ඇයි අම්මෙ ඇත්ත කිව්වෙ නැත්තෙ....මල්ලි දැන් පොඩි ලමයෙක් නෙවෙයිනෙ මේව දැනගන්න ඕනැනෙ.....මා කීවෙමි......මම දුවට කෑමටිකක් අරන් එන්නම්.....ඇය කාමරයෙන් පිටවීමට සූදානම් වනවිට......ඇදෙන් බැස්ස මා ඇය පිටුපසින් ගියෙමි.....ඔයාට පුලුවන්ද මා දෙස බැලූ අම්මා ඇසුවාය......ටිකක් ඇවිදින්නත් ඕනැනෙ අම්මෙ මා කීවෙමි......මා කෑම කාමරය දෙසට යනවිට මා අසලට පැමිනි මල්ලී.......අක්ක තාම කෑම කෑවෙත් නැද්ද ඇසුවේය......දැන්ද අක්කගෙන් අහන්නෙ.....අම්මා පැවසුවාය.....අක්කට නින්ද ගිහින් තිබුනනෙ ඉතින් මම තනියෙම කෑව......ඔහු කීවේය......කෑම ගත් මා නැවත කාමරයට ගොස් ඇදේ ඇලවුනෙමි.......මා අසලට පැමිනි මල්ලී මා අසලින් ඇදේ වාඩිවුනේය......මොකක්ද අක්කෙ අක්කට කල ඔපරේසන් එක.......ඇසුවේය......ඇයි තාත්ත කිව්වෙ නැද්ද.....ඔපරේසන් එකක් කිව්ව මිසක් විස්තර මොකුත් කිව්වෙ නෑ.....අම්ම කිව්වෙත් නෑ......අක්කගෙන් අහගන්න තමා ආවෙ.......ඔහු කීවේය.......මේක ටිකක් ලොකු ඔපරේසන් එකක් මල්ලියෙ.......ඉතින් මොකක්ද කලේ.....ඔහු ඇසුවේය......ඔයා දන්නවනෙ මල්ලියේ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට අක්ක කෙනෙක් වෙන්න උනාකියල......ඉතින් ඒක මම දන්නව.....ඊට පස්සෙ මොකද වුනේ..... ඇසුවේය......මාව ඒ වෙලාවෙ අක්ක කෙනෙක් කලාට......ගැහැනු කෙනෙකුට අනිවාරයෙන් තියෙන්න ඕනැ ගර්භාෂයක් තිබුනෙ නෑනෙ මල්ලියෙ.......අන්න ඒකක් මගේ බඩට බද්ද කලා........ආ ඒකද කලේ.......ඕක මට කිව්වෙ නෑනෙ......පැවසූ.... ඔහු දැන් ඔයා නියම අක්ක කෙනෙක්.......සතුටින් පැවසුවේය.....ඉන් පසු ඔහු එම රටේ විස්තර ඇසූ අතර මා දුටු දේවල් කීවෙමි...... සවස තාත්තා සමග මල්ලී කොළඹ ගිය නිසා මට පාලු බවක් දැනුනි.......
සතියක් පමන ගතවන විට මගේ අමාරු ගතිය තරමක් දුරට අඩුවී තිබුනි.......එහෙත් නැවත පාසැල් යෑම සදහා තවත් දින කිහිපයක් සිටීමට සිදුවිය.......මේ අතර තුල කාලයේදී පෙර පිරිමි පාසැලට ගියකාලයේදී නොවුනු සිද්දියක් සිදුවිය...
No comments:
Post a Comment