Sunday, August 13, 2017

හදිසි අනතුර 107................................මට පංති එන්නත් හිතෙන්නෙ නෑ අනේ......මෙම කරදරය නිසා දම්මිට පැවසුවෙමි.......ඔය එක එක්කෙනා හින්ද පංති යන එක නවත්වන්න එපා බන්....අපි මේකට මොකක් හරි කරමු....ඇය කීවාය. ....අයිය කෙනෙක් වත් හිටියනම් ඕකට පඩමක් උගන්වන්න වත් තිබුන......අමාදා පැවසුවාය.....ඇය එසේ පවසනවිට තරංග අයියා ගැන මගේ සිහියට නැගුනි......තරංග අයිය හිටියනම් මොකක් හරි කරයි.....ඒත් දැන් එයත් නෑනෙ.....මා කල්පනා කලෙමි......මොනවද එකපාරටම කල්පනා කරන්නෙ....මා එසේ කල්පනා කරනවිට දම්මි ඇසුවාය......මේකට වැඩක් කල්පනා වුනා ඒත් ඒක කරන්න අමාරුයි......මා කීවෙමි......මොකක්ද කියහන්කො බලන්න පුලුවන් එකක් නම් කරමු.....දම්මි කීවාය....හිතවත් අයිය කෙනෙක් නම් ඉන්නවා එයාට කිව්වොත්හරි....ඒත් එයාව කාලෙකින් හම්බවෙන්න බැරිවුනා......මා කීවෙමි......අපි ගිහින් හම්බවෙමු.....අමාදා කීවාය......එයා ඉන්නෙ පිරිමි ඉස්කෝලෙ.....අපිට එහෙට යන්න බෑනෙ......මා කීවෙමි........එහෙනම් ලියුමක් ලියල යවමු......කී .අමාදා......ලක්ශ්මිගේ අයිය කෙනෙක් ඒ ඉස්කෝලෙට යනව එයාට දෙමු ඒ අයියට දෙන්න කියල......පැවසුවාය. මාව ඉක්මනින් මුනගැසෙන ලෙස දන්වා තරංග අයියා වෙත ලක්ස්මීගේ අයියා මාර්ගයෙන් ලියුමක් යැවුවෙමි.......ලියුම යවූ දිනට පසු දිනම තරංග පන්තිය අසලට පැමින සිටිබව දුටු මා.....යෙහෙලියන් සමග ඔහු අසලට ගියෙමි.....නංගිව කාලෙකින් දැක්කෙත් නැනෙ දැන් ගොඩක් වෙනස් වෙලා.....මාව දුටු ගමන් ඔහු කීවේය.....මට ලොකු ඔපරේසන් එකක් කරන්න උනානෙ අයියෙ.......තායි ලන්තෙ ගිහින් ඒකත් කරගෙන ආවෙ.....මා පැවසූවිට......මන් දන්නෙත් නෑනෙ......ඇයි නන්ගි මේ ගැන නිකන්වත් මතක් කලේ නැත්තෙ......ඔහු නෝක්කඩුවට මෙන් කීවේය......අයියට පනිවිඩයක් යවාගන්න විදියක් තිබුනෙ නෑනෙ......මේකත් මේ අමාද දන්න කෙනෙක් මාර්ගයෙන් ලියුම යවාගත්තෙ.....මා අමාදා ඔහුට පෙන්වමින් කීවෙමි........ඇයි  මාව හම්බවෙන්න ඕනැ කිව්වෙ....ඔහු ඇසුවේය......මෙයා කරදරේක වැටෙන්න යන්නෙ ........දම්මි කීවාය.....ඒ මොකද......තරංග අයියා කලබලයෙන් මෙන් ඇසුවේය....ලොකු දෙයක් නෙවෙයි අයියෙ.....කී මම......පොඩි කරදරයක් .....මා කීවෙමි......ඉතින් කියන්නකො මොකක්ද උනේ.....ඔහු ඇසුවේය......දම්මි සියලු විස්තර පවසන්ටවිය.....ඕකට දෙකක් අනින්නෙ නැතුව හරියන්නෙ නෑ වගේ.....අයියා කේන්තියෙන් මෙන් පැවසුවේය.....ගහගන්න යන්න එපා අයියෙ ......අපි මේකට වෙන වැඩක් කරමු.....දම්මි පැවසුවාය......මොකක් ද.....අයියා ඇසුවාය.....අයිය තිලිනිගෙ බෝයි ප්‍රෙන්ඩ් කියල රඟපාන්නකො......එතකොට ඒක පස්සෙන් එන එකක් නෑ......කෝ අද ඒක ඉන්නවද......ඔහු ඇසුවේය......අද එකට නෙවෙයි එන්නෙ හෙට එකට.......මා කීවෙමි......හරි හරි හෙට මම එන්නම්......අපි හෙට ඒ විදියට ඌට පේන්න රඟපාමු.....ඔහු කීවේය.......
             හෙට මට වෙන්නෙ පෙම්වතියක් විදියට රගපාන්නද.....මට එක පාරටම පෙම්වතියක් විදියට ඉන්න පුලුවන් වෙයිද.....හෙට තරංග අයිය මගේ අතිනුත් අල්ලගනියි......මට ලැජ්ජාවෙ බෑ.....ගෙදර ගිය මා කල්පනා කලෙමි.......
               තිලිනිගෙ තරංග අයිය මාර හැන්ඩි කොල්ලෙක් නෙ........එයාට ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක්  ඉන්නවද.....පසුදින පාසැලේදී අමාදා ඇසුවාය......මම දන්න තරමට නම් එහෙම කෙනෙක් නෑ..... පිලිතුරු දුන්නෙමි.......එහෙනම් රගපාන්න ඕනැ නෑනෙ......උබල දෙන්න හොදට ගැලපෙනව.....ඇය සිනාසෙමින් කීවාය.......අනේ මම ඕවගැන හිතල නෑ බන්....මා කීවෙමි.....එහෙනම් අද ඉදන්වත් හිතහන්.....ඇය කීවාය.......අපි සවස පංති යන විට තරංග අයියා පැමින සිටි අතර මා ඔහු අසලට ගියෙමි......ඌ එනකොට ඔයා මේ බිත්තියට හේත්තු වෙලා ඉන්න ඉතුරුටික මම බලා ගන්නම්......ඔහු කීවේය.....මා එතැන තිබුනු බිත්තියට හේත්තු වූ අතර එම කොල්ලා පැමිනෙන තුරු බලාගෙන සිටියෙමු........එක වරම ලමුන් අතරින් ඔහුගේ රුව දිස්වන්ට විය......අර එන කොල්ල.....මා තරංග අයියාට ඔහු පෙන්නුවෙමි.....එවිටම තරංග අයියා ඔහුගේ අත්දෙක මගේ සිරුර දෙපසට දමා මගේ මුහුන අසලට ඔහුගේ මුහුනටලංකර ඌමෙතැනින් ගියාම මට කියන්න යනුවෙන් කීවේය.......එම කොල්ලා අපිදෙස බලමින් පන්තිය ඇතුලට යන අයුරු තරංග අයියාගේ උරහිසට උඩින් දැකගැනීමට හැකිවිය......තරන්ග අයියා මට ලංවී සිටි මේ අව්ස්තාවේදී ඔහුගෙන් විහිදෙන සුවද මගේ නහයට දැනෙන්ට වූ නිසා අමුතු සතුටක් ඇතිවිය......අනේ තරංග අයිය මාව තවටිකක් තුරුලුකර ගන්නවනම්.....මා ඔහු සමීපයේ සිතන්ට උනෙමි.......
             Priti Promoda ගේ ඡායාරූපය

No comments: