Wednesday, August 2, 2017

හදිසි අනතුර 98.................................අම්මල නොදන්නව වුනාට මම හුගක් පොඩිකාලෙ ඉදන්ම ගැහැණු ළමයෙක් උනානම් හොදයි කියල හිතාගෙන හිටියෙ.....නිකම් බොරු කියන්න එපා ඔයාගෙ එහෙම දෙයක් පේන්න තිබුනෙ නෑ....මට තිබුනු කැමත්ත හෙලිකලවිට විට අම්මා මෙසේ පැවසුවාය.....මට ඒ දවස්වල ලැජ්ජ හිතුන අම්මෙ කෙල්ලෙක් වෙන්න ආශයි කියන්න.....ඉතින් ඒ ආශාව හිතේ තදකරගෙන අමාරුවෙන් හිටිය...... පැවසුවෙමි......ඉතින් එතකොට ඔයාව නාට්ටියට තෝරගත්තට පස්සෙ ගැහැණු චරිතයට අකමැතියි කිව්වෙ ඇයි ....ඇය ඇසුවාය....මගේ හිතේ ඒ චරිතයට ආශාව තිබුනට මට ලැජ්ජ හිතුන කෙල්ලෙක් වගේ සමාජය ඉස්සරහට යන්න....ඒකයි මම මුලදි බෑ කිව්වෙ.....අම්ම මට ගැහැණු ඇදුම් ඇදගෙන ඉන්න බලකල හින්ද ටිකෙන්ටික මගේ බය අඩුවුනා.....ඊට පස්සෙ මම කැමැත්තෙන්ම ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න ගොඩක් ආශකලා.....මම නිතරම ප්‍රාර්ථනා කලා මේ ආත්මෙ බැරිවුන හින්ද ලබන ආත්මෙදි හරි ලස්සන කෙල්ලෙක් වෙලා උපදීවා කියල.....මා මෙසේ පැවසූවිට.....ලබන ආත්මෙ වෙනකන් හිටියෙනෑ මේ ආත්මෙදිම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉස්ටවුනා ......අම්මා සිනාසෙමින් කීවාය.....අනේ මන්ද.....මා කීවෙමි......එහෙම කියන්න එපා දුවේ... කෙනෙක් සිල්වත්වෙලා හදපත්ලෙන්ම   සතුටින් පිනක් කරල ප්‍රාර්ථනාවක් කලොත් මේ ආත්මෙදි හරි ඒ පැතුම ඉටුවෙන්න පුලුවන්......ඔයා අනතුරකට පත්වෙලා ගොඩක් වේදනා වින්දත් .....ඔයාගෙ පින්වල බලයෙන් ඒ සිද්ද කල ප්‍රාර්ථනාව ඉෂ්ඨ වුනා.......අම්මා පින පලදුන් ආකාරය විස්තර කරන්ටවූවාය.......එතකොට පවුකලත් මේ ආත්මෙදිම පලදෙනවද.....මා ඇසුවෙමි.....ඔව් සමහර පවු පලදෙන්න පුලුවන්......ඒවට කියන්නෙ දිට්ඨධම්ම වේදනීය කර්ම කියල......අම්මා එය කියාදෙන විට.....ඔව් අම්මෙ මම දහම්පාසැලේදි ඒගැන ඉගෙනගෙන තියෙනව....ඒ උනාට අම්මෙ මම අහල තියෙනව ගැහැනුවෙලා උපදින්නෙ පවු කලාම කියල......ඒකෙත් සත්‍යයක් නැත්තෙම නෑ.....පැවසූ අම්මා.....උපදින ඔක්කොම ගැහැනු අය පවුකාරියො නෙවෙයි.....ඒක එයාලගේ සිතතුල තිබෙන ආශාවේ ස්වභාවයක්.......දුව පිරිමි ලමයෙක් වෙලා උපන්නට ගැහැනු ලමයෙක් වෙන්නනෙ කැමැත්ත තිබුනෙ.....ඇත්තම කියනවනම් මාත් කැමති නෑ පිරිමියෙක් වෙන්න......ඒ හින්ද ලබන ආත්මෙත් අපි ගැහැනු වෙලා උපදියි...අම්මා පැහැදිලි කලාය.....මට මෙච්චර ගැනුලමයෙක් වෙන්න කැමත්ත තිබුනත් ඇයි අම්මෙ මාව කොල්ලෙක් වෙලා උපන්නෙ.......මා ඇසුවෙමි....ඒක ඔයාගෙ අකුසල විපාකෙක ප්‍රතිඵලයක් වෙන්න ඇති දුවේ......ඔයා එක ආත්මෙක කරපු අකුසල කර්මයක් හින්ද ඔයා අකමැති පිරිමි ආත්මයේ උපදින්න ඇති.......ඔයා කොල්ලෙක් වෙලා මෙච්චරකල් විදවල තියෙන්නෙ ඒ අකුසල කර්මෙ වෙන්න ඇති......අන්න ඒවගේ තමයි පිරිමි අය ගැහැනු අයට හිංසා පීඩා කලොත් එයාලත් කවද හරි ගැහැනු වෙලා ඉපදිලා ඒ වගේ හිංසා පීඩාවලට ගොදුරුවෙනව.....ගැහැනු වෙලා ඉපදිලා විපාක විදින අය ඒවගේ අකුසල කල අය වෙන්න ඇති.  ...එහෙම නැතුව කිසි කරදරයක් නැතුව සතුටින් ඉන්න ගැහැනු අය ඒවගේ පවු කාරියො නෙවෙයි.....ඇය පැවසූවිට...එහෙනම් අම්මත් පවු කරල නෙවෙයිනෙ ගැහැනියෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ.......ගැහැනියෙක් වෙලා උපදින්න තියෙන ආශාවටනෙ....එයට සිනාසූ අම්මා.....ඔයා අහල තියෙනවනෙ විශාකා යසෝදරා වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන් ගැන එයාල ගැහැනු වෙලා උපන්නෙ පවුකරල නෙවෙයි දුවේ ....එයාලගෙ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් හැටියට......ඇය තවදුරටත් පැහැදිලි කලාය....
                 මාව නැවත පිරිමි ලමයෙකු බවට  පත්නොකර ගැහැනුලමයෙකු ලෙස දිගටම ජීවත්වීමට ඉඩදීම සම්බන්දව මා බෙහෙවින් සතුටට පත්වුනෙමි.....මගේ ඇදුම් රාක්කයේ තබා තිබෙන පිරිමි ඇදුම් කට්ටලය නැවත මට කිසි දිනක පාවිච්චි කිරීමට අවශ්‍ය නොවන බව තේරුම් ගත්මා.....ඒවා රැගෙන ගොස් අම්මාට දුන්නෙමි......මේ ඇදුම් ටික ඉක්මනටම කාට හරි නැති බැරි ලමයෙකුට දෙන්න ඕන දුවේ......එය අතට ගත් ඇය පැවසුවාය.....නැවත වරක් පිරිමි ජීවිතයක් ගතකිරීමට සිදුවේ යයි තිබුනු බිය මගේ සිතින් සහමුලින්ම තුරන්විම නිසා සිතට සැහැහැල්ලුවක් ඇතිවිය......
                පසුදින මා පාසැල් ගියේ ඉතාමත් සතුටිනි.....මට දැන් ආයෙත් මේ ගැහැණු ළමයි ඇසුරෙන් ඈත් වෙන්න ඕනෙ නෑ.....මාත් දැන් හැමදාම මෙයාලවගේ ගැහනු ලමයෙක්.....මගේ යෙහෙලියන් දෙස බලා කල්පනා කලෙමි.....මොකද තිලිනි අද කවදාවත් නැතුව හරිම සතුටින්......මාදෙස බැලූ දම්මි ඇසුවාය......තාත්ත කිව්ව ඉස්කෝලෙන් අස්කරන්නෙ නෑ කියල.....මා පැවසූ විට මාව සතුටින් බදාගත් ඇය......එහෙනම් දිගටම අපිට ඔයත් එක්ක ඉන්න පුලුවන්.....මේ ආරංචිය  කන වැකුනු පන්තියේ සැවෝම මාව සිපගෙන ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරන්ටවූවෝය.
                දුවගෙ ඔපරේසන් එක සම්බන්ධව ඩොක්ට එක්ක කතාකරන්න මම දිනයක් දාගත්ත......හෙට සවස පහට යන්න ඕනැ.....රාත්‍රියේ ගෙදර පැමිනි තාත්තා මෙසේ පැවසූවිට....තාත්ත මොකක්ද මේ කරන්න හදන වැඩේ .....එයාගෙ හිත වෙනස්වෙලා ආයෙත් මාව කොල්ලෙක් බවට පත් කරන්නද හදන්නෙ.....බියට පත්වූ මා ඔහු දෙස බැලුවෙමි......
                    Transgender body swap ගේ ඡායාරූපය

No comments: