දූල ඉන්න පාරවල් කියන්න මම දූලව ගෙවල් ලගටන්ම ගිහින් බස්සවන්නම්......ටික දුරක් යනවිට අම්මා කීවාය......අනේ එපා ඇන්ටී තාම රෑවෙලා නෑ අපිට යන්න පුලුවන්.....දම්මි කීවාය......කමක් නෑ දම්මි අම්මනෙ කියන්නෙ......මා පැවසුවෙමි........අනේ මන්ද ඇන්ටි අපි වෙනුවෙන් හරියට මහන්සිවෙනව.......අමාදා කීවාය......ඕක මොකක්ද ලමයිනේ......ඔයාලවත් දැන් මගේ දුව වගේමනෙ.......අම්මා කීවාය.
මොකක්ද දුවේ ගැහැනු ලමයෙක් වෙන්න ප්‍රාර්ථනා කලා කිව්වෙ...ඔයා ඉස්සර කොල්ලෙක් කියල එයාලට කිව්වද... ...ඔවුන් ගෙවල් අසලින් බස්සවා ආපසු පැමිනෙන අතර තුර අම්මා ඇසුවාය.......අපෝ නෑ අම්මෙ......එහෙම කිව්වොත් හරි වැඩේ වෙන්නෙ........මම ලස්සන කෙල්ලෙක් වෙන්න මේතැනදි ප්‍රාර්ථනා කලා කිව්ව එකටයි. එයාල මම ගිය ආත්මෙ පිරිමි ලමයෙක් වෙලා ඉදගෙන ගැහැනු ලමයෙක් වෙන්න ප්‍රාර්ථනා කලා කියල කිව්වෙ......මා පැහැදිලි කලෙමි......ඔව් ඉතින් එයාල එහෙම හිතන එකත් සාදාරනයි කෙල්ලන්ට කෙල්ලො වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕන නෑනෙ.....සිනාසෙමින් කී ඇය .....එයාල දන්නෙ නෑනෙ මේ ආත්මෙදිමයි එහෙම උනේ කියල......පැවසුවාය.......ඒව දන්නෙ නෑ අම්මෙ.....මාකීවෙමි. අපි නැවත නිවසට ලගාවනවිට රෑබෝවෙමින් පැවතුනි.
පසුදින සම්මි අපේ පන්සල ගැන අනිකුත් යෙහෙලියන්ට පවසන්ට වූවාය........මීලග වටයට ඔවුන්ද එකතුවීමට කතාවිය.......උඹ්ල ඔක්කොම එක්ක යන්නනම් අපිට වෑන් එකක් ගන්න වෙයි.......මා කීවෙමි.......අපි කොහොම හරි කන්ද පාමුලට එන්නම් එතකොට හරිනෙ......ඔවුන් එසේ පවසන්ට විය......
බලන්නකො අම්මෙ තව අය අපේ බෝදිපූජාවට එන්න හදනව.......එදින ගෙදර පැමිනි මා අම්මාට පැවසුවෙමි.....ඉතින් හොදයිනෙ එන්න කියන්න.......අම්මා සතුටින් පැවසුවාය......ගොඩක් ඉන්නව අම්මෙ යන්නෙ කොහොමද ....එයාල කිව්ව කන්ද පාමුලට එන්නම් කියල........මා කීවෙමි.......කී දෙනෙක් විතර ඉන්නවද.....අම්මා ඇසුවාය.......දහයක් දොලහක් විතර .....මා කීවෙමි. ....අපි වෑන් එකක් හයර් කරමු එතකොට හරිනෙ......අම්මා කීවාය......ගොඩක් සල්ලි යනවනෙ.....මා කීවෙමි......සල්ලි ගැන මම බලාගන්නම් දුව එයාලට එන්න කියන්න......ඇරත් මේක කොච්චර පින්සිද්දවෙන වැඩක්ද......ඉගෙන ගන්න දරුවන්ට පුලුවන් තරම් ධෛරිය දෙන එක කොයිතරම් ලොකු පිනක්ද......ඇය කීවාය.
ඔන්න ඔයාලගෙ ගමන් පහසුව ඔක්කොම අපේ අම්ම බලාගන්නම් කිව්ව ඔයාලට තියෙන්නෙ එන එක විතරයි....පසුදින පාසැලේදී.....මා ඔවුන්ට අම්මාගේ පනිවිඩය කීවෙමි.......
No comments:
Post a Comment