හදිසි අනතුර 124..................................මේ අනුව අපි සතියකට දෙවරක් පමන කන්දේ විහාරයට ගොස් ආසීර්වාද ලබාගත් අතර හොදින් පාඩම් කටවුතුවලද නිරතවුනෙමු....විභාග දින උදාවිය. මා හොදින් විභාගයට මුහුන දුන්නෙමි....මා සේම මගේ යෙහෙලියන්ද හොදින් පිලිතුරු සපයා ඇතිබව ඔව්න්ගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.
දුව අදුනන කෙනෙක් ඇවිල්ල.....විභාගය අවසන් කර මා ගෙදර විවේකයෙන් සිටිනවිට අම්මාගේ කටහඩ ඇසුනි.....කවුද අම්මේ.....මා කාමරය තුල සිටම ඇසුවෙමි.......ඇවිත් බලන්නකො....අම්මා කීවාය....කවුද දන්නෙ නෑ....දමයන්ති වෙන්න ඇති සිතූ මා.....ස්කෝලෙ යාලුවෙක්ද.... මා ඇදේ ඇලවී සිටීමෙන් පොඩිවූ ගවුම සකස් කරමින් ඇසුවෙමි......නෑ..... පරන ස්කෝලෙ යාලුවෙක්.....අම්මා කියනු ඇසුණි .......එහෙනම් තරන්ග අයිය වෙන්න ඇති......මා ඉක්මනින් අවුල්වූ කොන්ඩය පීරා සකස්කර සාලයට ගියෙමි......මා දෙස බලා සිනාසුනු තරංග අයියා......කොහොමද නංගි විභාගෙ හොදට කලාද ...ඇසුවේය......පාස් වෙයිකියල විස්වාසයක් තියෙනව මා කීවෙමි.....මමත් එහෙම හිතනව......කී ඔහු....මම ආවෙ නංගිට සුබ ආරන්චියක් කියන්න........මොකක්ද.....මා ඇසුවෙමි......මාව මෙඩිකල්කොලේජ් තේරිල......ඔහු සතුටින් කීවාය.කොලඹද.....මා ඇසුවෙමි......ඔව් කොලඹ ඔහු පිලිතුරු දුන්නේය.......මෙම ආරංචිය ඇසුනු මමත් අම්මාත් බොහෝසේ සතුටට පත්වුනෙමු......නංගිත් කොහොම හරි මෙඩිකල් කොලේජ් එන්න ඕනෑ.....ඔහු කීවේය......බලමූ තව ගොඩක් කල් තියෙනවනේ.....මා කීවෙමි.....
මේ අක්කගෙ යාලුව තරංග අයිය නේද......මේ දිනවල නිවාඩුවට ගෙදර පැමින සිටි මල්ලී මා අසලට පැමින ඇසුවේය. මල්ලිට මාව මතකයි.....මම හිතුවෙ කොලඹ ලොකු ස්කෝලෙකට යන හින්ද අපිව අමතක වෙලා කියල...තරංග අයියා ඔහු දෙස බලා කීවේය.....එහෙම අමතක වෙනවද නේද මල්ලි......මා ඔහුව මගේ සිරුරට තුරුලුකර ගනිමින් කීවෙමි.......දැන් මේ දවස් වල නිවාඩුවෙ ඉන්න කොට මොකුත් කරන්නෙ නැද්ද. .......කොහේහරි යමු කියල තාත්තට කිව්ව ඒත් තාම ප්‍රතිචාරයක් නෑනෙ.......මල්ලී කීවේය.....පොඩි පුතා බය නැතුව ඉන්න නිවාඩුවක් ලැබුන ගමන් තාත්ත ඔයාලව කොහේහරි එක්ක යයි...අම්මා ඔහුට කීවේය.....ඇයි ඇන්ටි මෙයාට පොඩිපුතා කියන්නෙ දැන් ලොකු පුතාල නෑනෙ....තරංග අයියා සිනාසෙමින් ඇසුවේය....ඒක ඇත්ත මට දැන් ලොකුපුතෙක් නෑ... ඒත් ඉස්සර ඉදන් පුරුදුවුන එකනෙ පුතෙ......අම්මා ඔහුට පැහැදිලි කලේය.. ..අම්මා මල්ලීට ඉස්සර සිටම පොඩි පුතා යනුවෙන් ඇමතුවේ මා ලොකුපුතා වූ නිසාය..
...එහෙත් ඒ ලොකුපුතා මියගොස් ඔහුම ඇගේ දියනිය බවට පත්වී ඇත. ඇය මට දුවේ යනුවෙන් ඇමතුවද තවමත් මල්ලීට කතාකරන්නේ පොඩි පුතා යනුවෙනි.සුලු වෙලාවක් අම්මා දෙස බලා කල්පනා කරමින් සිටි තරංග අයියා.......ඇයි ඇන්ටිට දුකද ඒ ලොකුපුතා නැතිවුනාට......ඇසුවේය.....අපෝ නෑ පුතේ මම ඒ නැතිවුන පුතාට වඩා මේ දුවට ආදරෙයි......මට දැන් දුවෙකුත් ඉන්නවනෙ.....ඇය සතුටින් කීවාය......මාත් අක්කට ගොඩක් ආදරෙයි.....මල්ලී මට තවත් තුරුලුවෙමින් පැවසුවේය......
මමත් ආසයි අම්මෙ උයන්න ඉගෙනගන්න. නිකන් ඉන්න එකේ මල්ලිකාගෙන් අහගන්නද.......පසුදින උදෑසන මා අම්මාගෙන් ඇසුවෙමි.....ඒකත් ඇත්ත ඔයාදැන් ඉස්සරවගේ නෙවෙයිනෙ ගැහැනු ලමයෙක් උනාම ගෙදර වැඩ හුරුවෙන්න ඕනැ......පැවසූ අම්මා එයට අවසර දුන්නාය.....ඇය මාව මල්ලිකා අසලට එක්ක ගොස්..... මේ බේබිට උයන්න ඉගෙන ගන්න ඕනැලු උයනකොට මෙයාවත් එකතුකරගන්න......අම්මා ඇයට කීවාය......හරි නෝනා මම බේබිට උගන්වන්නම්......මල්ලිකා සතුටින් කීවාය.එදින සිට මා දහවල් උයනවෙලාවට කුස්සියට ගොස් මල්ලිකා සමග කෑම පිලියෙල කිරීමට පටන්ගත්තෙමි.......බේබි මේව ඉගෙන ගන්න කොට මටයි පාඩුව.......දිනක් මල්ලිකා ....විහිලුවට මෙන් පැවසුවාය....ඒමොකද.....මා ඇසුවෙමි.....බේබි හොදට උයන්න ඉගෙනගත්තම මට ගෙදර යන්න වෙයි......එහෙම වෙන්නෙ නෑ මල්ලිකා දැන් ඉව්වෙ නැති උනාට අපේ අම්මටත් හොදට උයන්න පුලුවන්.....අනිත් එක මටත් හැමදාම උයන්න බෑනෙ.....විභාගෙ ප්‍රතිඵල ආවහම ආයෙත් ඉගෙනගන්න යන්න ඕනැනෙ.......මා කීවෙමි..... මලිකාට මහන්නත් පුලුවන්ද......මා ඇයගෙන් ඇසුවෙමි......හොදටමනම් බෑ බේබි....සාමානයෙන් ගවුමක් සායක් මහගන්න පුලුවන්......පැවසූ ඇය ....අයි බේබි එහෙම ඇහුවෙ......ඇසුවාය......මාත් ආසයි අනේ මහන්න ඉගෙනගන්න.......මා කීවෙමි.....නෝනට කියල මැහුම් පන්තියකට යන්නකො.....ඇය කීවාය......ඒකත් හරි තමයි මා කීවෙමි.....
මා පිරිමි ලමයෙකුව සිටි අවදියේදී ගැහැනු ලමයෙක් වීමට දැඩි ආශාවක් සිතතුල පැන නැග්ගාක් මෙන් ගැහැනුන්ට අයත් දේවල් ඉගෙන ගැනීමටද ආශාවන් ඇතිවෙන බව දැනෙන්ටවූවේ මා දැන් අංගසම්පූර්ණ තරුනියක් බවට පත්වී ඇතිබව සනාතකරමිනි......
No comments:
Post a Comment