Thursday, August 31, 2017

හදිසි අනතුර 127.................................මා තරංග අයියාටද මගේ සමත්වීමගැන දැන්ව්වූවෙමි.....මේ වනවිට ඔහුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට අතුලුකරගෙන ඇතිබව දැන්වීය.....තව අවුරුදු දෙක තුනකින් නංගිත් මෙහෙට එන්න ඕනෙ.....ඔහු මට පැවසුවේය.
               දුවේ ඔයා විභාගෙ හොදින් පාස්වුනාට මෙන්න මගෙන් තැග්ගක් තාත්තා පාර්සලයක් මගේ අතට දෙමින් පැවසුවේය......මා එය රැගෙන දිග හරබැලුවෙමි.....ලොකු චොක්ලට් එකක් එහි තිබුනු අතර තවත් පෙට්ටියක් තිබෙනබව දුටුවෙමි.......මා එය එලියට ගත්තෙමි.....එය ටැබ් එකක් බව පෙට්ටියෙන් තේරුම් ගත්තෙමි....මා එය පිටතට ගත්විට දුටුවේ වටිනා ටැබ් එකක් බවය.....මා එය අතට ගෙන අම්මා අසලට දිවගොස් ඇයට පෙන්වමින්.....මේ බලන්නකො අම්මෙ මට තාත්ත අරන්දීල තියෙන දේ.....අම්මා එය අතට ගෙන සතුටින් සිනාසුනාය.....දුව මේව පාවිච්චි කලාට කමක් නෑ බලාගෙන පාවිච්චි කරන්නෙ.....මේව හින්ද තමයි අද කාලෙ ලමයි ගොඩක් නොමග යන්නෙ.....අම්මා පැවසුවය......දුව දැන් දැනුම් තේරුන් තියෙන ලමයෙක් නෙ දමයන්ති.....අනිත් එක උසස් පෙල කරනකොට බාහිර දැනුමත් ඕනැවෙනව ඒගැන හිතල තමයි ඕක අරන්දුන්නෙ....අම්මාට පැවසූ තාත්තා මෙයා කොල්ලෙක් වෙලා හිටියනම් මෙච්චර ඉක්මනට මේව අරන්දෙන්නෙ නෑ.....කොල්ලො තමයි මේවයෙන් නොමග යනව වැඩි.....පැවසුවේය..........ඒකනම් ඇත්ත තමයි.....තාත්තාගේ වචන අනුමත කල අම්මා.....මෙයා ඒදවස්වල කොල්ලෙක් වෙලා හිටිය කියල දැන් ඒ කිසිම පිරිමි හැසිරීමක් නෑ.......දැන් අපේ දුවට හොදට උයන්න පුලුවන් ඇදුම් මහන්න පුලුවන්......දැන් මෙයාට කේක් පන්තියකටයි රූප ලාවන්ය පන්තියකටයි යන්න ඕනැලු...... මේ ඔක්කොම ගැහැණු ලමයින්ට අවශ්‍යය දේවල්නෙ මංජු ...අම්මා කීවාය....කේක් විතරක් නෙවෙයි ගැහැණු ලමයෙක් උනාම කැවුන් කොකිස් වගේ අපේ සිංහල කෑමත් හදන්න ඉගෙනගන්න පුලුවන්නම් හොදයි. ......අපේ දුව ඒවත් ඉගෙන ගන්න කැමතියි මම දැක්ක මෙයා මල්ලිකා එක්ක එකතුවෙලා හැලප හදනව.....ඔයත් පෙරෙයිද කැවෙ මේ මගේ දූපොඩ්ඩ හදපු හැලප තමයි අම්මා මාව ඇයට තුරුලු කරගෙන මගේ හිස ආදරයෙන් සිපගනිමින් පැවසුවාය..... ඇත්තද දූගෙ හැලප හරිම රසයිනෙ......තාත්තා මා අසලට පැමින මගේ මුහුන සිපගත්තේය.........මා තාත්තාට තුරුලුව ඔහුගේ ආදරය පිලිගත්තෙමි .
           මා මෙතෙක් කල් ටැබ් පාවිච්චි කිරීමට පුරුද්දක් නොතිබුනු බවින් මට එය ඉගෙනගැනීමට අවශ්‍යය විය.....එය ඉගෙන ගැනීමට සුදුසුම කෙනා සම්මී බව මට කල්පනාවිය......මා ඇයට දුරකතනයෙන් කතාකලෙමි.......අනේ සම්මී මාව පාස්වුන හින්ද මට තාත්ත තෑග්ගක් ගෙනත් දුන්න......මා කීවෙමි.....ඒමොකක්ද බෝනික්කෙක්ද ඇය ඇසුවාය......බෝනික්කෙක්නම් මම ඔයාට කතාකරන්නෙ නෑනෙ බෝනික්කිව හුරතල් කරනව මිසක්. ඊටවඩා වටින එකක්.....මා කීවෙමි.....අම්මේ..... මොකක්ද බන් ඔයතරන් වටින එක උබලගෙ තාත්තට සල්ලි තියෙන හින්ද කාර් එකක්ද..... කාර් එලවන්න මට ලැසන් නෑනෙ බන්....තාත්ත මට ටැබ් එකක් අරන්දුන්න......ආ ඒකක්ද මා ගාවත් තියෙනවනෙ......ඇය කිවාය....උඹ ගාව තියෙන හින්ද තමයි බන් මම කතාකලේ.....මට මේක පාවිච්චි කරන්න තේරෙන්නෙ නෑ උඹගෙන් අහගන්න ඕනැ......මා කීවෙමි......සුලු දෙයක් නෙ....හෙට ඕක ඉස්කොලෙට අරන්වරෙන් මම කියාදෙන්නම්.....ඇය කීවාය....අපෝ බෑ ඉස්කෝලෙට මේව ගෙනියන්න තහනම් කියල උඹ දන්නවනෙ.......මා කීවෙමි. ...ඒකත් ඇත්ත තමයි.....පැවසූ ඇය වෙලාවක අපේ ගෙදර වරෙන්කෝ......කීවාය....උඹට බැරිනම් මම හරි ඇවිත් කියාදෙන්නම්......ඇය පසුව කීවාය.....මම අම්මත් එක්ක එන්නම් මා කීවෙමි........
            පසුදින සවස මා අම්මා සමග ඇගේ නිවසට ගියෙමි......ඇගේ අම්මා සුදු ජාතික කාන්තාවක් වූඅතර සම්මි වගේම රූසපුවෙන් යුක්තවූවාය......ඇය අපිව සුහද සීලීව පිලිගත් අතර.....අපේ ඩෝට නිතරම ඔයාල ගැන කියනව.......ඇය අමුතු ලෙස සිංහල හසුරුවමින් පැවසුවාය.......අපේ දුවට එයාගෙ තාත්ත ටබ් එකක් අරන්දීල ඒක ගැන අහගන්න ඕනැ කිව්ව ඒකයි ආවෙ.....අම්මා කීවාය.....ඩෝටත් හොදට පාස් උනාලු නේද......එහෙම ලමයින්ට හොද ප්රෙසන්ට් අරන්දෙන එක පේරන්ට්ල වසයෙන් අපේ යුතුකමක්නේ......ඇය පැවසුවාය.....තිලිනි එන්නකෝ සම්මී මාව ඇගේ කාමරයට එක්ක ගියාය......අම්මා ඇගේ මව සමග කතාකරමින් සාලයේ සිටියාය.....
             Transgender body swap ගේ ඡායාරූපය

No comments: