හදිසි අනතුර 114...........................ස්වල්ප වේලාවකට පසු ගෙදර දුරකථනය නාද වන්ට විය......මා ගොස් එය ගත්තෙමි. දුව මම කතාකරන්නෙ ඔයාගෙ පුංචි ......අම්ම ගෙදර නැද්ද.....ඇසුවාය.....අම්මල කේන්දරේ බලන්න ගියා.....මා කීවෙමි.....ඔයා තනියමද ඉන්නෙ.......ඇය ඇසුවාය.....නෑ පුංචි.... මල්ලිකා ඉන්නව......මා පිලිතුරු දුන්නෙමි......මම දැන් එනව.......දුව කාමරේට වෙලා ඉන්න.......කීවාය......ඔයා කාමරෙන් එලියට එන්න එපා මල්ලිකාට කියන්න මම ආවම දොර අරින්න කියල....ඇය තව දුරටත් කීවාය. පැය භාගයක් පමන ගතවිය ගෙදර සීනුව නාදවනු ඇසුණි. පුන්චිල ඇවිල්ල වගේ.... මල්ලිකා....මම කීවෙමි......ඔහොම ඉන්න බේබි මම ගිහින් බලන්නම් පැවසූ ඇය කාමරයෙන් එලියට ගියාය.......පුංචි කෙලින්ම ආවේ මගේ කාමරය තුලටය......මට හරිම සතුටුයි දුවේ.....ඇය මාව තුරුලට ගෙන මුහුන කිහිපවරක් සිපගත්තාය.......කවද්ද දැනගත්තෙ අනතුරුව ඇය ඇසුවාය......අද උදේ මා කීවෙමි......දැන් මගෙ කෙල්ල පොඩි එකෙක් නෙවෙයි ලොකු ලමිස්සියෙක්.......දැන් තමයි පරිස්සම් වෙන්න ඕනෙ කලෙ.......ඇය කීවාය.....මම නෝනට තේටිකක් හදාගෙන එන්නම්......පැවසූ මල්ලිකා කාමරයෙන් පිටවූවාය......මටනම් මේක අදහාගන්නවත් බෑ දුවේ.....ඔයා පිරිමි ලමයෙක් විදියට ඉපදිලා......ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඔයාව ගැහැනු ලමයෙක් කලා.....දැන් ඇත්ත ගැහැනු ලමයෙක් වගේම වැඩිවියටත් පත්වෙලා......ඇය පුදුමයෙන් පැවසුවාය.....වෛද්‍ය විද්‍යාවෙ දියුනුව කියන්න ඕකට තමා පුංචි......... මා කීවෙමි.... එක අතකට මට ඔයා ගැන දුකත් හිතෙනව දුවේ....... ඇය මාදෙස අනුකම්පා සහගතව බලා කීවාය.....ඒ මොකද මා ඇසුවෙමි.......ඔයාට දැන් දවස් කීයක් මේ කාමරේ ඇතුලෙ කොටුවෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ....එදා ඔයාගෙ බයිසිකලේ හැප්පුනේ නැත්නම් ඔයාට මේවගෙ දෙයක් වෙන්නෙ නෑනෙ.....එහෙනම් ඔයා තාමත් පිරිමිළමයෙක්නෙ......කීවාය.......ඒකට කමක් නෑ පුංචි මට මේ ගැන දුකක් නෑ......මා කීවෙමි.......ඕක මෙතැනින් නවතින්නෙත් නෑනෙ දුවේ.....මාසෙකට සැරයක් ඕක විදින්න වෙනව......ඇය කීවාය.....ඒ දවස්වලටත් මට මේවගේ කාමරේට වෙලා ඉන්න ඕනැද.....පුදුමයට පත්වූ මා ඇසුවෙමි......එහෙම නෑ දුවේ පලවෙනි දවසෙ විතරයි මේවගෙ ඉන්න ඕනැ......අනිත් දවස්වලට ඕනෙනෑ......කී ඇය.....ගැහැනු උනාම මාසෙකට සැරයක් ඔය වදේ විදින්න ඕනැනෙ......ඔයා දිගටම පිරිමි ලමයෙක් විදියට හිටියනම් මේ මොකුත් නෑනෙ......ඇය කීවාය......ඇය පැවසූ දේ ගනනකට නොගත් මා......ඕක එච්චර කරදරයක් වෙන්නෙ නෑ පුංචි......මම කැමතියි මට ලැබුන මේ අලුත් ජීවිතේට......කීවෙමි.....මා දෙස පුදුමයෙන් මෙන් බැලූ පුංචි .....ඔයා ගැහැණු ළමයෙක් උනාට කැමතිද.....ඇසුවාය......ඉස්සට වඩා හොදයි පුංචි.....මා කීවෙමි.......පුදුමයි.....මම හිතාගෙන හිටියෙ ඔයා ගැහැණු ලමයෙක් වුනාට දුකෙන් ඉන්නව කියල......ඇය කීවාය......අනේ නෑ පුංචි මට දැන් තියෙන දුක ඇයි මාව කෙල්ලෙක් වෙලා උපදින්නෙ නැතුව කොල්ලෙක් වෙලා ඉපදුනේ කියල.....මා එසේ පැවසූවිට......ඔයා ඔය තරමටම ගැහැණු කමට ආශද.......ඇසුවාය......ගැහැනුකම පිරිමිකමට වඩා හොදයි පුංචි ......මා සතුටින් පැවසුවෙමි......මම මෙච්චර කල් හිතාහිටියෙ පිරිමිවෙලා ඉපදුන කවුරුවත් ගැහැණු වෙන්න කැමති නැහැ කියල......ඇය කීවාය......ඒ.... එයාල කවදාවත් ගැහැනු වෙලා ඉදල නැති හින්ද... එයාලත් දවසකට හරි ගැහැනු වුනානම් ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනැ කියන එකක් නෑ.....මා පැවසුවෙමි......අනේ මන්ද මම හිතගෙන හිටියෙ ඕකෙ අනිත් පැත්ත.....කී ඇය..... කොහොම හරි ඔයා ගැහැනු ලමයෙක් උනාට ගොඩක් සතුටුනම් ඒක තමයි වෙන්න ඕනැ.......අම්මටත් දුවෙක් නැතුව දුකෙන් හිටියෙ දැන් එකත් හරි.....ඔයාගෙ අම්මත් දැන් ඉන්නෙ හරිම සතුටින්......ගැහැනු උනත් පිරිමි උනත් සතුටින් ජීවත්වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් දුවේ.......අවසාන වසයෙන් ඇය කීවාය...මේ වනවිට මල්ලිකා තේ මේසය ලෑස්ති කර තිබුනු අතර පුංචී මා සමග තේමේසයට ගියාය.......තවත් ටික වේලාවක් ගිය විට තාත්තාගේ වාහනයේ ශබ්දයෙන් අම්මා පැමිනි බව දැනගත්තෙමු........
No comments:
Post a Comment