Sunday, August 6, 2017

හදිසි අනතුර 104..................................එදින සවස් වරුවේ මා නිදාගෙන සිටිනවිට දුවේ යන අම්මාගේ කටහඩින් ඇහැරුනිමි......දුව කවුද ගැහැණු  ලමයි කට්ටියක් ඇවිල්ල තිලිනි ඉන්නවද කියල අහනව........මගේ කාමරය තුල සිටි අම්මා කීවාය......කවුද.....ඇසූ මා ඇදෙන් නැගිට්ටෙමි......මා සාලය දෙසට යනවිට දම්මි ඉදිරිපස දොර අසල සිටිනු දුටුවෙමි.....ඇය අසල වෙනුරි පේසලා  ඇතුලු පන්තියේ යෙහෙලියන් කිහිපදෙනෙකු සිටිනු දුටු මට ඇස් අදහා ගත නොහැකිවිය......ඔවුන් දැකීමෙන් සතුට ඉවසාගත නොහැකිවුනු මා ඔව්න් අසලට ගොස්......අනේ කෙල්ලනේ ඔයාල මාව .බලන්න ආවද.....ඔවුන් අතරට ගොස්  පිලිගත් මා ඔවුන්ව නිවසතුලට කැදවා ගත්තෙමි......මෙයා නිදාගෙන හිටියෙ,,,,, දූල ආව හින්දයි ඔය නැගිට්ටෙ....අම්මා ඔවුන්ට කීවාය......අනේ තිලිනි ඔයාට අමාරු ඇතිනෙ යමු ඇදේ ඇලවිලාම කතාකරමු.....පැවසූ දම්මි මා පිටුපසින් ආවාය.....මා ඔව්න්ව කැදවාගෙන කාමරයට ගියෙමි.....මා ඇදේ ඇලවූ පසු ඔවුන් එක්කෙනා එක්කෙනා ඇදේ වාඩිවන්ට විය.....මේ හර්ශි......උබනම් මේකෙ වාඩිවෙන්න එපා......දම්මි විහිලුවට හර්ශනීට පැවසුවේ ඇය ඉතා මහත තැනැත්තියක් නිසා ඇගේ බරට ඇද කඩාවැටේවි යන හැගීමෙනි.......යන්න අනේ යන්න මම මහත වුනාට උබල තරම් බර නෑ.....පැවසූ ඇය මගේ හිස අසලින්ම වාඩිවූවාය......ඔන්න තිලිනි ඔය කොට්ට අයින් කරල මෙයාගෙ උකුල උඩින් ඔලුව තියාගනින් මහත හින්ද කොට්ටෙට හොදයි.....නයෝමි......ඇයට තවත් විහිලුවක් කලාය.......ගැටලුවක් නෑ තිලිනි ඕනෙ නම් ඔලුව තියාගන්න......ඇය වුකුල සකස්කරමින් කීවාය.
          අපි විහිලු කලා මිසක් කෙල්ලගෙ දුක සැපවත් අහන්න බැරිවුනානෙ.....පැවසූ දම්මි.....ඔපරේසන් එක කලාද......ඇසුවාය......බඩ කපල තියෙන්නෙ අනේ ....ඒක ලොකු ඔපරේසන් එකක්......මා කීවෙමි.....අම්මෝ බය හිතුනෙ නැද්ද.....එක්කෙනෙක් ඇසුවාය.....බය හිතුනට මොනව කරන්න්ද....සිහිය නැතිකල හින්ද මොකුත් දන්නෙ නෑ......ඔවුන් ඒ ගැන විතර ඇසූ අතර මා පිලිතුරු දුන්නෙමි......කවද්ද ආවෙ.....දම්මි ඇසුවාය.....දැන් දවස් පහක් විතහර වෙනව......පැවසූ මා..... ඔයාල දන්නෙ කොහොමද ආව කියල.....ඇසුවෙමි.....ඇයි තිලිනි කිව්වෙ සති දෙකක් විතර එහෙ ඉන්න වෙයි කියල......සති දෙක ඉවරවුනාට පස්සෙ අපිආව......ඔයාල දිනත් ගනන් කරගෙන ඉදලනෙ මා කීවෙමි.....යාලුවෙකුට කරදරයක් උනාම බලන්න ඕනැනෙ......වෙනුරි කීවාය......දැන් කවද්ද ඉස්කෝලෙ එන්නෙ.....දම්මි ඇසුවාය......ටිකක් ඇවිදින කොට බඩ කොරවෙනව වගේ......තව ටික දවසකින් හරියයි කියල ඩොක්ට කිව්ව......හොදවුනාම එනව.....මා කීවෙමි......ඒක හොදයි....පැවසූ දම්මි......පාඩම් ම්ග ඇරෙයි කියල බයවෙන්න එපා ඒ හැමදෙයක්ම අපි ඔයාට කියල දෙන්නම් ....අපේ සටහන් බලාගෙන ලියාගන්න පුලුවන්නෙ......කීවාය......මා ඔව්න්ට ස්තූතිය පුදකලෙමි........අම්මා ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් ද පිලියෙල කලාය.......ඔව්න් අතර සිටින කාලය ඉතාමත්ම විනෝද ජනකබව තේරුනේ ඔවුන් පිටවී ගිය පසුවය.....අනේ මට ඉක්මනට ඉස්කෝලෙ යන්න හොදවුනොත්......මා ප්‍රාර්ථනා කලෙමි.
             මා පිරිමියෙකු වසයෙන් සිටි කාලයේ මාව අන්තුරට භාජනය වී මෙලෙස සති කිහිපයක් ගෙදරට වී සිටීමට සිදුවුවද මාව බැලීම සදහා පැමිනියේ තරංග අයියා පමනි......ඒ අතින් මේ කෙල්ලො ටික කොයිතරම් හොදද.....මා කල්පනා කලෙමි.....ඔයාගෙ අලුත් යාලුවො ටික හුගක් හොදයි වගේ......අම්මා කීවාය.....ඒකනෙ අම්මෙ මම මුලදිම කිව්වෙ.....ඉස්සර හිටිය පිරිමි ලමයි වගේ නෙවෙයි එයාල හරිහොදයි කියල.....මා පැවසුවෙමි. අම්මා සතුටින් සිනාසෙනු දක්නට ලැබුනි
             පසුදින වෙනුරි මට සටහන් පොත් කිහිපයක් ගෙනත් දුන්නේ ඒවා සටහන් කරගන්නා ලෙස දන්වමිනි......ඔයාල මට මේ කරන උදවු මට කවදාවත් අමතක වෙන්නෙ නෑ වෙනුරී........මා ඇයට පැවසුවෙමි......
             දිනෙන් දින මාව සුව අතට පත්වෙන්ට විය. ඒ අතර අපි වෛද්‍යවරයා හමුවීමට ගිය අතර ගැටලුවක් නොමැතිබව ඔහුද පැවසුවේය.......තුවාල සම්පූරන ලෙස සුවවූ පසු මට පාසැල් යෑමට හැකිබව පෙනුනු නිසා වෛද්‍යවරයා මට පාසැල් යෑමට අවසර දුන්නත් වැඩිය මහසි වීම සහ බර ඉසිලීම ආදිය සිදු නොකරන ලෙස අවවාද කලේය......දිනක් උදෑසන  වෙනදා නොමැති වෙනසක් ඇතිවී ඇති බව දුටු මට බියක් ඇතිවිය........මට යම් ශාරීරික වෙන්සක් ඇතිවුවහොත් ලැජ්ජා නොවී අම්මාට පවසන ලෙස වෛද්‍යවරයා පවසා තිබුනි......මේ නිසා බියට පත්වූ මා අම්මා සොයාගෙන ගියෙමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: