Sunday, August 13, 2017

හදිසි අනතුර 108...............................මොනවද මම මේ හිතන්නෙ තරංග අයිය මගේම සහෝදරයෙක් වගේ නේද.....එකවරම කල්පනා කල මා......එයා ගියා අයියෙ කීවෙමි.....එවිට මා අසලින් ඉවත්වූ අයියා......ආයෙත් මොකුත් කරදරයක් උනොත් මට කියන්න......කීවේය.....තරංග අයියා අපසු ගිය අතර අපි පංති ශාලාවට ගියෙමු.......උබල දෙන්නගෙ ලවුසීන් එක එලබන්......අමාදා පැවසුවාය.......තරංග අයිය කියන්නෙ මගේම අයිය කෙනෙක් වගේ මට එයාගැන එහෙම අදහසක් නෑ.....මා කීවෙමි. ඇයට මා එසේ පැවසුවද තරංග අයියා මට සමීපව සිටි ආකාරය නිතර සිහිපත්වන්ට විය......මා පිරිමි ළමයෙක්ව සිටි අවදියේදීද මෙලෙස තරංග අයියාට සමීපව සිටියද......ඔහු ගැන අද ඇතිවූ අදහසක් ඇති නොවුනුබව මට සිහිපත්විය.....එදා මා පිරිමි ළමයෙක් ලෙස සිටිනිසා තරංග අයියා කෙරෙහි එවැනි අදහසක් පැනනොගත්බව තේරුනි......එහෙත් අද මා නව යොවුන් වියට පියනගමින් සිටින ගැහැණු ළමයෙක් මි....දැන් මාතුල ඇතිවන සිතුවිලි රටාවද ගැහැනුන්ට අයත් සිතුවිලිවලට පෙරලෙමින් පවතින නිසා පිරිමි ලමයෙකු වූ ඔහු කෙරෙහි ස්වභාවිකව ගැහැණු ළමයෙකුට ඇතිවන හැගීම මටද ඇතිවන්ට ඇතිබව කල්පනා කලෙමි......නැවත වතාවක් ඔහු සමීපයේ සිටින්ට ඇත්නම් යන සිතුවිල්ලද මා තුල ඇතිවිය.
              අපේ පෙම් රැගුමෙන් පසු එම පිරිමි ළමයාගෙන් තිබුනු කරදර නැතිවී ඇති බව..තේරුම් ගත්තේ ඔහු අපි දෙස නොබලම පන්තියට යනබව දුටුවිටය....ඔයාගෙ තරංග අයිය ඊටපස්සෙ හම්බවුනේ නැද්ද.....දින කිහිපයකට පසු අමාදා ඇසුවාය......නෑ අනේ මා පිලිතුරු දුන්නෙමි......උඹනම් කෙලෙහිගුන දන්නෙ නැති එකියෙක් බන් අඩුගානෙ හම්බවෙලා ස්තූති කරන්නවත් හිතෙන්නෙ නැද්ද.....ස්තූතිනම්කරන්න ඕනැ ඒත් හම්බවෙන්නෙ කොහොමද.....මා ඇසුවෙමි......අර විදියට පනිවිඩයක් යවමු......ඇය යෝජනා කලාය. එයට එකඟවූ මා එදා ලෙසම ඔහුට ලියුමක් ලිව්වෙමි......කෝ මොනවද ලිව්වෙ කියල බලන්න.......අමාදා මගේ අතින් ලියුම උදුරාගෙන කියවන්ට අවූවාය.....අයියෝ මෙහෙමද තමන්ගෙ ආදරනීය කොල්ලට ලියුම් ලියන්නෙ......ලස්සන වචන ටිකක් දාල ලියහන්කෝ.......ඇය එම ලියුම ඉරා විසිකලාය.......මගෙ එහෙම අදහසක් නෑ බන්.....මා කීවෙමි. ඒ වුනාට කමක් නෑ මේ විදියට ලියහන් කෝ.......ඇය ලියුම ලියන ආකාරය කියවන්ට වූ අතර මා ඇය පැවසූ ආකාරයට ලියන්ට පටන්ගත්තෙමි......මේ ඔය ලවු වචන එහෙම ලියන්න කියන්න එපා.....මා ඇයට කීවෙමි.
             මා යැවූ ලියුම ආකාරයට පසුදින තරංග අයියා උපකාරක පන්තිය අසලට පැමින සිටියේය......මාව ඔහු අසල තනිකල යෙහෙලියන් ඈතට යනුදුටු මට ලැජ්ජාවක් මුසුවූ බියක් ඇතිවිය.....අරූ ගෙන් කරදරයක් නෑ නේද......මා දුටු ඔහු ඇසුවේය ......අනේ නෑ අයියෙ.....අයියට ගොඩක් ස්තූතියි මේකල උදව්වට.....මා ඔහුට ස්තූති පූර්වකව කීවෙමි. ......මොකක්ද නංගි ඔපරේසන් එකක් ගැන එදා කිව්වෙ......මට ඒ ගැන හරියට අහන්නවත් බැරිවුනා......අනතුරුව ඔහු ඇසුවේය......මගේ බඩට ගර්භාෂයක් බද්ද කලා අයියෙ......මා පැවසූ විට පුදුමයට පත්වූ ඔහු.......මොනව ගර්භාෂයක් .....ප්‍රස්නාර්තව පැවසුවේය.......ඔව් අයියෙ......මා කීවෙමි....එහෙනම් ඔයා දැන් අංගසම්පූර්ණ ගැහැනු ළමයෙක්......මගේ අත අල්ලා සතුටින් පැවසුවේය.....එකවරම අත අහකට ගත් ඔහු සොරි......යනුවෙන් පැවසුවේය.......ඇයි අයියෙ සොරි කිව්වෙ.....මා ඇසුවෙමි......ඔයාගෙ කතාව ඇහුවම මට සතුට දරාගන්න බැරුව ඔයාගෙ අත ඇල්ලුවනෙ ඒකයි.....අනේ අයියෙ අයිය කරල තියෙන උදවුවල හැටියට මගේ අත ඇල්ලුව කියල මොනව වෙනවද.....මා කීවෙමි.....ඒ වුනාට ඔයා දැන් ගැහැණු ළමයෙක්නෙ නංගියේ......ඔහු කීවේය......
                  එදිනට පසු .....දින කිහිපයකට සැරයක් තරංග අයියා මාව හමුවීමට පැමින මගේ සුවදුක් ඇසුවත් ආදරය වැනි කතාවක් අපි අතර සිදුනොවීය. එහෙත් ඔහු හමුවීමට මගේ සිත නිතර බලකලේ....ඔහුත් මාත් අතර තිබෙන සන්සාරික බැදීමක් නිසාදැයි කල්පනා කලෙමි......
                   මාස කිහිපයක් ගතවිය. මගේ පියයුරු දෙක තව තවත් විශාල වී ඇතිබව තේරුනි......මේ වනවිට ගවුම තුලින් පපුව ඉස්සී පෙනීමට පටන්ගෙන තිබුනි.....දුව දන් ලොකු ලමිස්සියෙක් වීගෙන එන්නෙ.....දැන් ඔය විදියට ඉදල හරියන්නෙ නෑ පැවසූ ඇය.........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: