Monday, August 21, 2017

හදිසි අනතුර 117.........................සාමාන්‍ය පෙල විභාගය සදහා තවත් අපිට තිබුනේ අවුරුද්දක් පමන කාලයක් නිසා අපිට බොහෝසේ වෙහෙසීමට සිදුවිය.........දුවේ ඔයා අදුනන කෙනෙක් ඇවිල්ල ......මා කාමරය තුල පාඩම්කරමින් සිටිනවිට අම්මාගේ කටහඬ ඇසුණි. ........මා ඉක්මනින් සාලයට ගොස් බලනවිට තරංග ආයියා බව දුටුවෙමි.........කොහොමද නංගි...... මාව දුටු හැටියේම ඇසුවේය......මේ දවස්වල ගොඩක් වැඩ අයියෙ විභාගෙත් ලගයිනෙ.......පැවසූ මම......තවමත් සිටගෙන සිටින ඔහුදෙස බලා.....වාඩිවෙන්න අයියෙ....කීවෙමි........මොකද දන්නෙ නෑ අයියට හදිසියෙ මාව මතක් උනේ.......මා ලජාසීලී ලෙස අසලතිබුනු පුටුසැටියේ පුටුවක් පිටුපසටවී ඇසුවෙමි.......මටනම් නංගි ගැන නිතරම මතක් වෙනව ඒත් එන්න හම්බවුනේ නෑනෙ...........මටත් අයියව නිතරම මතක් වෙනව........පැවසූ මා.....අයිය මට කල උදව් මට කවදවත් අමතක කරන්න බෑනෙ........කීවෙමි......ඒව සුලුදේවල්නෙ නංගි ......ඔහු පැවසූවේය.......අයියට ඒව සුලු දේවල් උනාට මට ඒකල දේවල් ලොකුයිනෙ.....ඔහුට ස්තුතිපූර්වකව පැවසූ මා.......කොහොමද අයියෙ විභාග ප්‍රතිඵල ......ප්‍රතිපල ආවදවසෙ ඉදල....මට අයියගෙන් අහන්න උවමනාව තිබුනත් අයියව හම්බවෙන්න විදියක් නැතුවනෙ හිටියෙ......මා කීවෙමි.....ඒ ගැන කියන්න තමයි මම මේ ආවෙ........මාව මෙඩිකල්කොලේජ් එකට තේරෙයි නංගි .....ඔහු සතුටින් පවසන්ට විය......එම ආරන්චිය කන වකුනු මගේ සිතට දැනුනු සතුටේ නිමාවක් නොමැතිවිය......මා ඉක්මනින්ම ඔහු අසලට ගොස් ඔහුගේ අතට අතදී.......අම්මේ.....මෙහෙ එන්නකෝ ...අයිය ගැන සුභ ආරංචියක් කියන්න......මේ වනවිට අයියාට තේ පිලියෙල කිරීම සඳහා කුස්සිය දෙසට ගොස් සිටි අම්මාට ඇසෙනසේ කීවෙමි.......මොකක්ද දුවේ.....අම්මා අපි අසලට ආවාය.......අයිය විභාගෙ පාස්වෙලාලු......මා සතුටින් ඇගේ අතේ එල්ලී කීවෙමි......දුව මේ දවස්වල මාත් එක්ක කියකියා හිටියෙ......පුතාගෙ ප්‍රතිඵල කොහොමද දන්නෙ නෑ කියල තමයි......මම කිව්ව පුතාගෙ ගෙදරට ගිහින් අහගන්ම්මු කියල......දුව ඒකට ලැජ්ජාවෙන් හිටියෙ......අම්මා කීවාය.....ඉස්සරවගේ නෙවෙයිනෙ අම්මෙ දැන් නංගි ගැහැණු ලමයෙක් වගේ ලැජ්ජ බයට ඉන්න ඕනැනෙ.....ඔහු කීවේය......ඒක ඇත්ත....ඉස්සර කොල්ල කාලෙ වගේ නෙවෙයිනෙ....අම්මා සිනාසෙමින් පවසනවිට.......මොනවද අම්මෙ මේ කියන්නෙ......මට ඒ පරන ජීවිතේ මතක් කරන්න එපා කියල අම්මට කීපාරක් කිව්වද.....මගේ පැරනි පිරිමි ජීවිතය මතක් කිරීම ගැන ඇයට දොස් කියමින් පැවසුවෙමි. නංගි කියන එක ඇත්ත ඇන්ටි ඒ ජීවිතේ මතක් වෙනකොට නංගිට දුක හිතෙනව ඇති.....අයියා පැවසුවේය.....මෙයාට තියෙන්නෙ ඒ පිරිමි ජීවිතේ ගැන දුකක් නෙවෙයි පුතේ පිරිමියෙක් වෙලා හිටිය එක ගැන දුකක්......ඒකනෙ ඒ ගැන මතක් කරනවටවත් කැමති නැත්තෙ.......එයට සිනාසුනු අයියා ඒක ඉතින් තමන්ගෙ කැමැත්තනෙ ඇන්ටි......කීවාය.......පුතාවගේ හොද කෙනෙකුට තවතවත් හරියන්න ඕනැ පුතේ.....අනතුරුව අම්මා අයියාට සුබපැතුවාය.....නංගිට මොකක් හරි උදව්වක් ඕනෙ නම් මේ නොම්මරේට කෝල් එකක් දෙන්න. අයියා ඔහුගේ ජංගම දුරකතනයේ අංකය මට ලබා දෙමින් කීවේය.....නංගිත් විභාගෙ හොදට පාස්කරගෙන මෙඩිකල්කොලේජ් එන්න ට්‍රයි කරන්න......පැවසුවේය.......අපෝ ඒකට තව කොච්චර කල් තියෙනවද.....තාම ඕලෙවෙල්වත් ලිව්වෙ නෑ......ඒක තමයි දුවේ මේ අයිය කියන්නෙ......හොදට මහන්සි වෙලා ඔය විභාග ඔකොම හොදට පාස් වෙන්න කියලනෙ කියන්නෙ.....අම්මා පැවසුවාය.
               තරංග අයියා අපෙන් සමුගෙන පිටත් වූ මොහොතේ පටන් ඔහුගැන කුමක්දෝ අමුතු හැගීමක් මා තුල හටගත් බව මට තේරුනි. එය සහෝදරයෙකුට ඇති ආදරයක් ද එසේ නොමැතිනම් වෙනත් ආදරයක්ද යනුවෙන් මට සිතාගැනීමට අපහසුවිය.....ඔහු සමග තවදුරටත් කතාකරමින් සිටින්ට ඇත්නම් යන හැගීමක්ද ඇතිවිය.....දැන් මා අත ඔහුගේ දුරකතන අංකය ඇතත් ගැහැනු ලමයෙක් බවට පත්වී ඇති මා මෙවැනි යොවුන් වියේ තරුනයෙකුට නිකරුනේ කතා කරන්නේ කෙසේදැයි කල්පනාකරන්ට උනෙමි.......
               තරංග අයියා විභාගය පාස්වී ඇතිබව මා දම්මිට කීවෙමි......ශාඋඹේ කුමාරයට හරිගිහින් වගේ......ඇය සතුටින් කීවාය.......මොන කුමාරයෙක්ද අනේ එයා මගේ අයිය කෙනෙක් වගේනෙ.......ඔව් ඔව් ඒවගේ අයියල තමයි මුලුජීවිතේටම අයිය වෙන්නෙ....... අමාදා මට විහිලුකරමින් පැවසුවාය........කොහොමද ඩොක්ට කෙනෙක් බැදගත්තම...දම්මි කීවාය......තරන්ග අයියා ගැන ඔවුන් එසේ කතාකිරීම ගැන මා ඔවුන්ට දොස් කීවත් ඔවුන් පැවසූ දේ ඇත්තක් වෙනවානම් කෙතරම් සතුටක් දැයි කල්පනාකරන්ට වුනෙමි......
               Transgender body swap ගේ ඡායාරූපය

No comments: