Monday, August 28, 2017

හදිසි අනතුර 122..................................අපි විහාරස්ථානයේ කන්ද පාමුලට පැමිනියෙමු......මේ කන්ද උඩටම යන්න ඕනැද......හර්ශනී එසේ ඇසුවේ ඇගේ මහත සිරුර ඔසවාගෙන කෙසේ කන්ද නගින්නේදැයි ගැටලු සහගතවය.......වැඩිය උස නෑ දුවේ හිමින්සැරේ නගිමු.......ඇගේ තරබාරු සිරුරදෙස බලා අම්මා කීවාය. පූජා භාන්ඩ අතටගත් අපි කන්ද නැගීමට පටන්ගත්තෙමු.......දම්මි සහ සම්මී....වේගයෙන්  කන්ද නගින්ට විය.....ඒ දෙන්නටනම් ගානක්වත් නෑ.......මට තමා අමාරු....හර්ශනී හති දමමින් පැවසුවාය......එයාලගෙ ඇගන් හීන්නෙ......ඒකයි.....මා කීවෙමි. .......අද හිමින් ගියාට තිලිනිත් ඉක්මනට කන්ද නගිනව......අම්මා කීවාය......මට ඔයාව තනිකරල යන්න බෑනෙ .හර්ශනී.......මා කීවෙමි.......ඒකතමයි.....අපිසමග සිටි අමාදා කීවාය......
                අම්මෝ හරිම ලස්සන තැනක් නේ ......අපිට පෙර කන්ද නැග අවට සිරි නරබමින් සිටි සම්මී මගේ දෑත් බදාගෙන පැවසුවාය....කොච්චර මහන්සි වුනත් මෙතැනට ආවම අමුතු ලෝකෙකට ගියාවගේ........අත්දෙක ඉනේ තබාගෙන හති අරිමින් හර්ශනී පවසන්ට වූවාය.....අම්මා බෝදිය අවට පිරිසිදු කරන්ට වූ අතර මාද ඇයට උදවු කලෙමි........ටික වෙලාවක් අවට සිරි නරබමින් සිටි යෙහෙලියන් අපි අසලට පැමිනෙන බව දුටු අම්මා.......මල් ආසන ටික එහෙම සුද්ද කරල ගන්න......පවසා.......මේවගෙ තැන් පිරිසිදුකලාම ලස්සන වෙලා උපදිනව........කීවාය..........තිලිනිත් ලස්සන වෙලා තියෙන්නෙ  මේව කරල වෙන්න ඇති........සම්මි කීවාය.........තිලිනි විතරක් නෙවෙයි ඔයාල ඔක්කොම ලස්සන ගෑණු ළමයි වෙලා ඉපදිලා තියෙන්නෙ මේවගෙ වැඩ කරල තමයි........අම්මා සිනාසෙමින් පැවසුවාය........හර්සනී මහත්වෙලා තියෙන්නෙ මොනව කරලද ඇන්ටි......දම්මි ඇසුවාය........එයා ඇත්තු ඉන්න තැනක් සුද්ද කරල.......සම්මි විහිලු කලාය........
                 අපි බෝදි පූජා පැවැත්වූ අතර අන්‍යාආගමිකයෙකු වූ සම්මී.......අපි අසල වාඩිවී සිටියාය.....
මෙතෙන හරිම නිස්කලංක තැනක් අනේ හැමදාම උනත් ඇවිත් බෝදි පූජාවලට එන්න ආසයි.....ඒත් මෙතෙන්ට එන්න තමා අමාරු......අමාදා කීවාය.......අමාරුයි කියල හරියන්නෙ නෑ සතියකට දෙපාරක්වත් එමු........කිසිම දෙයකට පසුබට නොවන දම්මී කීවාය.......ඔයාල එනකොට මාත් එනව......සම්මී කීවාය......ඔයා ඉතින් ආව කියල පූජාවලට සහබාගි වෙන්නෙ නෑනෙ......දම්මි කීවාය.......ඒව මම දන්නෙ නෑ දම්මි....... ඒත් මෙතැනට ආවම හරිම සැහල්ලුවක් දැනෙනව......මට ඒ මානසික සැහැල්ලුව ඔක්කොටම වඩා වටිනව........ඇය කීවාය.......ඔයත් මොනව හරි ප්‍රාර්තනා කරන්න ඒව හරියනව........මා ඇයට කීවෙමි.........මම පිරිමියෙක්වත් උනානම් ලස්සන කෙල්ලෙක් වෙන්න කියල ප්‍රාර්තනා කරන්න තිබුන.......මට එදා කියවුනු ප්‍රාර්ථනාව  ගැන සිහිවී  විහිලුවට මෙන් කී ඇය ......මෙතන ඉදන්ද බන් ඒ ප්‍රාර්ථනාව කලේ......සිනාසෙමින් ඇසුවාය.......මොන ප්‍රාර්ථනාවක් ද දුවේ එය ඇසුනු අම්මා ඇසුවාය......තිලිනි ගිය ආත්මෙ කොල්ලෙක් වෙලා ඉදල මෙතනට ඇවිල්ලලු කෙල්ලෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කලේ.......මෙයාට පිස්සු අම්මේ......මා කීවෙමි......මෙයාමනෙ දවසක් කිව්වෙ.......දම්මි කීවාය.......නෑ අම්මෙ මම මෙයාලට විහිලුවට කිව්වෙ.....එහෙම දෙයක් නෑ......මා කීවෙමි.......කොල්ලෙක් වෙලා හිටියනම් කෙල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ මොකටද.....අම්මා කීවාය.......එහෙම ප්‍රාර්ථනා කරන කොල්ලොත් මේ ලෝකෙ ඉන්නව අම්මෙ.......සම්මී කීවාය.........සම්මි එසේ පවසන විට අම්මා මාදෙස බැලුවේ මගේ රහස ඔවුන්ට පවසා ඇත්දැයි යන සැකයෙනි......
              පූජාව අවසන්කල අපි පහලට බැස්සෙමු.......අම්මෝ කකුල් දෙක......... වාහනයේ ආසනයෙන් වාඩිවී පැවසූ හර්ශනී........ඇය ඇදසිටි සාය ඉහලට ගෙන මහත්වූ කලවා දෙක අතගෑමට පටන්ගත්තාය......අන්න තිලිනි මෙයාව කන්ද නැගෙව්වනම්  කකුල්දෙක අතගාපන්......ශම්මි කීවාය....උබලට පුලුවන්නම්....ඒකනම් හොද අදහස හරියට රිදෙනව බන්.....හර්ශනී වේදනාවෙන් මෙන් කීවාය......දුවේ මේ බාම් ටිකක් ගාල අතගාන්න එතකොට හොදවෙයි.....අම්මා වාහනයේ තබා තිබුනු බාම් කුප්පියක් ගෙන මා අතට දුන්නාය.......දැන් මෙම බාම් ටික ඇගේ කලවල ගා අතගාන්ට වන්නේ මටය......උපත්තියෙන් ගැහැනු ලමයෙකු නොවන මට මෙය කරගත හැකිද.....මාතුල සුලුවෙන් හෝ තිබෙන පිරිමි සිතුවිල්ලක් මතුවේද........මා කල්පනා කරන්ටවුනෙමි......
                        Transgender body swap ගේ ඡායාරූපය

No comments: