Wednesday, August 30, 2017

හදිසි අනතුර 125..................................නෝන..... බේබිට මැහුම් ඉගෙනගන්න ඕනැ කියන්නෙ.......කෑම මේසය සකස්කරන අතරතුර අම්මා දුටු මල්ලිකා පැවසුවාය......ඒ සැරේ මහන්නත් ඕනැවෙලාද......ඇයි දැන් උයන්න ඉගෙනගෙන ඉවරද......මා දෙස බැලූ අම්මා ඇසුවාය......දැන් බේබිට හොද්දක් ඒදගන්න පුලුවන් නෝන.....අද පරිප්පු හොද්දට පහේ දැම්මෙ බේබිනෙ.....ඇය කීවාය.....කෝ බලන්න රසද කියල.....අම්මා ඉන්ටිකක රසබලන්ට වූවාය....ලුනු චුට්ටක් අඩුයි වගේ ඒත් රසයි.....අම්මා කීවාය.....දුවට මහන්න ආසනම් අපි මැහුම් පන්තියක් හොයල බලමු......අම්මා පොරොන්දුවූවාය.
                මට දැනුයි මතක් උනේ දුවේ..... ඔයාට මුලින්ම ලමාසාරිය මහල දුන්න ඇන්ටි ගාවට ගියොත් ඉගෙනගන්න පුලුවන්වෙයි.....එයාලත් දුවට ආදරෙයිනෙ......අපි හෙටම ගිහින් අහලබලමු....සවස අම්මා කීවාය...
                  අම්මා පැවසූ පරිදි පසුදින උදයේ මාව එම ඇන්ටි අසලට රැගෙනගිය අතර එම ගමනට මල්ලීද එක්ක ගියේය......කාලෙකින්නෙ දුවව දැක්කෙ දැන් ඉස්සරට වඩා ගොඩක් හැඩවෙලානෙ.....මාව දුටු ගමන් මහන ඇන්ටී සතුටින් පැවසුවාය.....අද මොකක්ද මහගන්න ඕනැ.....ඇය අම්මාගෙන් ඇසුවාය.......මොකුත් මහගන්න නෙවෙයි....උදව්වක් බලාගෙන ආවෙ......පුලුවන්ද දන්නෙ නෑ......අම්මා පැවසුවාය.....මොකක්ද නෝන පුලුවන් දෙයක්නම් කරන්නම්.....ඇය කීවාය......අපේ දුවටත් ආසලු මැහුම් ටිකක් ඉගෙනගන්න......මටත් ටිකක් මහන්න පුලුවන් ඒත් වැඩි මෝස්තර බැරි හින්දයි ඔයාගාවට එක්ක  ආවෙ......අම්මා විස්තරකරන්ට වූවාය......අයියෝ ඒක සුලු දෙයක් නෙ මේදුවට මගේම දුවෙකුට වගේ උගන්වන්නම්......ඇය කීවාය.....නිකම්ම නෙවෙයි අපි ඒකට ගෙවන්නම්......සල්ලි වැඩක් නෑ නෝන මේ දුව මගේ දුවෙක් වගේනෙ......ඇය සතුටින් මට මැහුම් ඉගැන්වීමට බාරගත්තාය......උදේවරුවෙ මට ටිකක් බිසී හවස්වරුවට එන්නකෝ.......ඇය කීවාය.......එහෙනම් අපි හෙට හවස ඉදන් එන්නම්......අම්මා කීවාය......අපි මැහුම් පන්තිය පොරොන්දුවී ආපසු පැමිනෙන විට......අම්මේ කරාටෙ පන්තියක් තියෙනව මම ඒකට යන්නද.....මල්ලී ඇසුවේය......ඒ සැරේ ඔයාට කරාටෙ ගහන්න ඕනැවුනාද...මේ ඇටෙන් පොත්තෙන් ඉදෙන්න ඉස්සෙල්ල.......අම්මා තරහෙන් මෙන් කීවාය......... අක්කට මැහුම් පන්ති යන්න හොදයි මට තමා කරාටෙ පන්ති යන්න හොද නැත්තෙ......මල්ලී නහයෙන් අඩන්ට වූවේය.........අක්ක විභාගෙ කරල ගෙදර ඉන්න හින්ද මැහුම් පන්තියට යන්නෙ....ඇරත් ගෑනු ලමයෙක් උනාම ඒව ඉගෙනගන්න ඕනැනෙ......අම්මා කීවාය.....මල්ලි පිරිමි ලමයෙක්නෙ  එයා මම වගේ නෙවෙයිනෙ එයා ආශ කරන්නෙ ඒවටනෙ අම්මෙ.........මා මල්ලීගේ පැත්ත ගෙන   කතාකලෙමි.....මම ඔය පිරිමින්ගෙ වැඩ දන්නෙ නැ ඔන්නම් තාත්තගෙන් අහල බලන්න.....අම්මා කීවාය.....අක්කව මැහුම් පන්තියට දැම්මෙ තාත්තගෙන් අහල නෙවෙයිනෙ......මල්ලී කියවන්ට වූවාය. අක්කව දැම්මෙ මැහුම් පන්තියකට මැහුම් ගැන තාත්ත දන්නෙ නෑ......ඒවගෙ ඔය කරාටෙ ගැන මම දන්නෙ නෑ ඒව දන්නෙ පිරිමි.....ඒ හින්ද තාත්තගෙන් අහන්න.....අම්මා කීවාය....
                 එදින රාත්‍රියේ අම්මා තාත්තාට මගේ මැහුන් පන්තිය ගැන කතාකල අතර මල්ලිගේ ආශාව ගැනද කතාකලාය......කොල්ලෙක් උනාම කරාටෙ ඉගෙනගන්න එකට මගෙ විරුද්ධත්වයක් නෑ.ඒත් ඔයා මේ නිවාඩුවෙන් පස්සෙ ආපහු කොළඹ යන්න ඕනැ.....ඉතින් කොහොමද ඕකට දිගටම යන්නෙ......ඔය වැඩේට තව කල් තියෙනවනෙ......කාලෙ ආවම ඉගෙනගන්න.....තාත්තා පැවසුවේය.
                 පසුදින මා මැහුම් ඇන්ටිගෙන් මැහුම් ඉගෙන ගැනීම සදහා ගියෙමි......එදින ඇය මට මැහුම් ගැන මූලික හැදින්වීමක් කලාය.....පලමුවෙන්ම මට කියාදුන්නේ මැසිම පාගන අයුරුත් එයින් රෙදි කැබලි මසා ගන්නා ආකාරයත්ය......මා පිරිමි ලමයෙකු ලෙස සිටි අවදියේ මෙවැනි වැඩවලට ආශාවක් නොමැතිවිය....එහෙත් අද මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු මෙම කටයුතු ඉතාමත්ම ආශාකලෙමි. මා උදේවරුවේ මල්ලිකා සමග ඉවීමේ කටයුතු කල අතර සවස් වරුවේ මැහුම් ඉගෙනගැනීමට ගියෙමි.....දින කිහිපයක් ගතවන විට මැහුම් වලට මගේ අතහුරු වෙමින් පැවතුනි........මේ නිසා මට අම්මාගේ මැසිම පාවිච්චි කිරීමට හැකිවීම නිසා අම්මා මගේ කාමරයේ එම මැසිම තැබුවාය....දුවට දැන් හොදට මහන්න පුලුවන්නෙ මා ඇගේ මැසිමෙන් මසන අයුරු බලා සිටි අම්මා කීවාය......එහෙම තමයි අම්මෙ කෙල්ලො උනාම.....මට ආශයි අම්මෙ කේක් පන්තියකට යන්නත්.....මා කීවෙමි.....අපෝ මෙයාට දැන් හිතෙන ඒව....... තව මොන පන්තිද ඕනැ...තව රූපලාවන්‍ය පන්තියක් විතරයි අඩු......අම්මා සිනසෙමින් කීවාය......වෙලාව තියෙනවනම් ඒවත් ඉගෙනගන්න ආසයි අම්මෙ.....මා කීවෙමි.......දැන් බලනකොට ඔයා කොල්ලෙක් වෙලා ඉපදුනාට කෙල්ලන්ටත් වඩා කෙල්ලෙක් වෙලානෙ. මෙච්චර මේවට ආශකරන කෙල්ලොවත් හොයාගන්න අමාරුයි......මාදෙස බලා සිනාසූ අම්මා පැවසුවාය.....
                 Transgender body swap ගේ ඡායාරූපය

No comments: