Tuesday, August 8, 2017

හදිසි අනතුර 105..................................මොකද දුවේ බයවෙලා වගේ.......මා ඇය අසලට පැමිණ මෙය කියාගත නොහැකිව ඇයදෙස බියෙන්මෙන් බලාසිටිනවිට ඇසුවාය.......මොකක්ද .අමුත්තක් තියෙනව අම්මෙ.......මා කීවෙමි.....මොකක්ද....ඇය ඇසුවාය......වෙනද වගේ නෙවෙයි අම්මෙ.....මා කීවෙමි.....ඉතින් තෙපරබාන්නෙ නැතුව වෙලා තියෙන දේ කියන්නකො.....ඇය නැවත ඇසුවාය.......මගේ එතැන සෙවලවගේ මොනවද තියෙනව......මා එසේ කීවිට......ලේ පාටද ඇය බියෙන් මෙන් කීවාය.....එහෙම මොකුත් පාටක් නෑ.....මා කීවෙමි.........තොල් පෙති තදකරගෙන සිනසුනු අම්මා.......ඉස්සර වගේ නෙවෙයිනෙ දුවේ ඔයත්  දැන් ගැහැනු ලමයෙක් නෙ......සමහර දවස්වලට ඔහොම තමා.........ඕක ගනන්ගන්න එපා  එතරම්ග නනකට නොගෙන කී ඇය....... නිතර හෝදන්න යන ඒකත් හොදනෑ......පැන්ටි එක ඇදගෙන ඉන්න...... කීවාය......මෙතෙක් කලක් වියලි තත්වයෙන් තිබුනු එම ස්තානයේ යම් සෙවල ගතියක් තිබීම සාමාන්‍ය ගැහැනු ලමයෙකුගේ තත්වයට මා පත්වී ඇතිබව ඇගේ ප්‍රකාශනයෙන් තේරුම් ගැනීමට හැකිවූ බැවින් මගේ සිතට සතුටක් ඇතිවිය.
               සති හතරක පමන කාලයක් පෑසැල් නොගිය මට ලබන සදුදා සිට නැවත පාසැල් ගමන ආරම්භ කිරීමට සූදානම් උනෙමු. අම්මා මගේ පාසැල් ඇදුම් පිලියෙල කර දුන් අතර.....මා පොත්පත් සූදානම් කරගත්තෙමි......සදුදා උදැසන මා අවදිවූවේ වෙනදා නොතිබුනු සතුටකින් සහ දැඩි ද්‍යෝගයකිනි....කිරි සුදු පැහැති පසැල් නිල ගවුමෙන් සැරසුනු මා කැඩපත ඉදිරියට ගොස් නැවත පාසැල් ගමන ආරම්භ කරන එම රූමත් අහිංසක දැරියගේ හැඩ බලමින්  සතුටුවුනෙමි......පාසැලවෙත පිටත්වීමට පෙර අම්මාගේ දෙපා වැන්ද මා තාත්තා සොයාගෙන ගියේ ඔහුගේද දෙපා වැදීම සදහාය.......ඔහුට වැන්ද පසු මාව තුරුලට ගෙන මගේ මුහුන සිපගත් ඔහු.....මගේ රත්තරන් දුවට බුදුසරනයි.....යනුවෙන් මගේ හිස අතගාමින් ආශීර්වාද
 කලේය.... මාව අංගසම්පූරන ගැහැණු ළමයෙකු බවට පත්වූ පසු තාත්තාගේ සහ අම්මාගේ වෙනදා නොතිබුනු විශේෂ ආදරයක් මාකෙරේ ඇතිවී ඇතිබව පැහැදිලිවිය.......මල්ලී කොළඹ සිටියත් ඔහුද මාසමග නිතර දුරකතනයෙන් කතා කර දුක සැප විමසීම ඔහුද මාකෙරෙහි විශේෂ ආදරයකින් පසුවන බව තේරුම් ගත්තෙමි.....දුව අද මාත් එන්නම් දුවව ඉස්කෝලෙට එක්ක යන්න....පැවසූ තාත්තා ඉක්මනින් සූදානම් වන්ට විය......මේ වනවිට  සූදානමින් සිටි අම්මා.....එහෙනම් ඉක්මනට ඇදගන්න මංජු පරක්කු වෙනව......ඔයාලට වගේ නෙවෙයි මට විනාඩි පහයි......පැවසූ ඔහු ඉක්මනින් කලිසම සහ කමිසය ඇදගෙන සූදානම් විය.......කොල්ලෙකු ලෙස කලක් ජීවත්වූ මට පිරිමියෙකුට ඇදුම් ඇදගැනීම අද ගැහැනු ලමයෙකු බවට පත්වූ මට තරම් වෙලාවක් නොයන බව  සිහිපත්විය.....මාව පාසැලට රැගෙන යෑමට සූදානම් වූවේ තාත්තාගේ වාහනයෙනි......අම්මා ඉදිරි ආසනයේ වාඩිවූ අතර මා පිටුපස ආසනයේ වාඩිවුනෙමි.
            තාත්තා මාසමග ප්‍රධාන ගුරුතුමිය මුනගැසුනු අතර මට කරන ලද සැත්කම සම්බන්ධයෙන් ඇයව දැනුවත් කලේය.....ඒ කල දේ ගොඩක් හොදයි දැන් මෙයාගෙයි අනිත් ගැහැනු ළමයි අතරෙයි වෙනසක් නෑනෙ.....පැවසූ ඇය....මිස්ට ජයවර්ධන කිසිදේකට බයවෙන්න එපා....මම දුව ගැන විශේස අව්දානයෙන් ඉන්නම්......පැවසුවාය.....මා දෙස බැලූ ඇය මග ඇරිච්ච පාඩම් ටික යාලුවන්ගෙන් බලාගන්න.ඒවගෙම වැඩිය දුවන්න පනින්න දඟලන්නෙ  නැතුව පැත්තකට වෙලා ඉන්න......මම ඔයාගෙ පංතිභාර ටීචවත් දැනුවත් කරන්නම්.......කීවාය....
                මා ඔව්න්ගෙන් සමුගෙන පන්තියට ගියෙමි.....මාව දුටු යෙහෙලියන් මාව වටකරගෙන සුවදුක් විමසන්ට විය.......මේ ඔහොම තිලිනිව වටකරගෙන ඉදල හරියන්නෙ නෑ දැන් අපිට කරන්න තියෙන්නෙ මෙයාට මගහැරුනු පාඩම් ටික කොහොම හරි කියාදෙන එක.....ටික වෙලාවකට පසු දම්මී ඔවුන්ට පැවසුවාය......හරි අරී අපේ පුල් සපෝර්ට් එක.....කිහිපදෙනෙක් එයට ඉදිරිපත්වනු දුටුටුවෙමි.......මේ අතර ලිහිනිද ඉදිරිපත්වනු දුටු නයෝමි......මේ ලිහිනි උඹටත් උගන්නන්න වෙලා තියෙන්නෙ අපිට......තව තිලිනිට උගන්නන්න හදනව......මෙයාගෙන් පාඩම් අහගත්තොත් තිලිනිටත් වෙන්නෙ ගෙදර ඉන්න......සාමාන්‍යයෙන් ඉගෙනීමට දුර්වල ලිහිනි දෙස බලා විහිලු සහගතව කීවාය......මසකට පමන පසු මෙවැනි හිතවත් යෙහෙලියන් සමඟ සිටීමට හැකිවීම මගේ සිත සතුටින් පිරීගොස් තිබුනි.......
                Transgender body swap ගේ ඡායාරූපය

No comments: