හදිසි අනතුර 128...............................ඇද මත වාඩිවූ ඇය.... ඇගේ කකුල්දෙක ඇදමතට ගන්නාවිට ඇදසිටි කෙටි සාය ඉස්සී ඇගේ කලව්වා දෙක අතරින් නිරුවත පෙනෙන්ට විය. යටට කිසිවක් නොඇද සිටි ඇගේ නිරුවත හොදින් පෙනුනු මට ඇයට කෙසේ වෙතත් මගේ සිතට ලැජ්ජා සහගතබවක් ඇතිවිය. එහෙත් ඇයගේ නිරිවත මීටත් වඩා හොදින් දැක සිටි මට එය එතරම් ගනනක් නොතිබුනි....මාත් ඉතින් කෙල්ලෙක් උන හින්ද හොදයි..ඇගේ කෙටි සාය දෙස බලා කල්පනාකලෙමි......කෝ දියන් බලන්න. ඇය ටැබ් එක මගේ අතින් ගත්තාය......ඉතින් හිටගෙන බලා ඉන්නෙ නැතුව මෙතැනින් වාඩිවෙයන්කෝ......මට ඇය අසලින් වාඩිවනලෙස පැවසුවාය.....මා ඇය අසලින් වාඩිවූවෙමි.......කෝ බන් මේකෙ සිම් එක නැද්ද.......ඉස්සෙල්ල සිම් එක දාගනින්.....පැවසූ ඇය ඇගේ ටැබ් එකේ තිබුනු සිම් එක මෙයට දමා ඔන් කලාය.....මෙන්න මෙහෙම තමා ඔන් කරන්නෙ......මෙන්න මෙහෙම කලාම ඕෆ් වෙනව.....නෙට් යනකොට මෙතැන ටච් කරන්න.....මේ බලහන් මේකෙ තියෙන දේවල්.....උබ කමති දේක විස්තර ගන්න පුලුවන් ......ඇය ඒ ගැන විස්තර කරන්ට වූ අතර ස්කයිප් ගොස් කතාකරන ආකාරයද පැවසුවාය......උබලගෙ ගෙදරට ටෙලිපෝන් ලයින් එක තියෙනව නේද.....රවුටරයක් අරන් නෙට් ගනින් එතකොට හොදයි......ඇය තවදුරටත් පැවසුවාය......රවුටරයක් තියෙනව ඒකෙන් ටී වී බලන්න විතරයි පුලුවන්.....මා කීවෙමි......එහෙනම් ලේසිනෙ නෙට් කනෙක්සන් එක දාගන්න විතරනෙ ඕනැ.....ඇය කීවාය........උබට පේස් බුක් එකවුන්ට් එකකුත් හදල දෙන්නද ....ඇය ඇසුවාය.....අනේ මම ඕව දන්නෙ නෑ බන්....මා කීවෙමි.......අවුලක් නෑ......ඒකෙ වැඩිහරියක් ඉන්නෙ කෙල්ලගෙ නමෙන් ඉන්න කොල්ලො.......උන්ට අහුවෙන්න එපා.....ටිකක් චැට් කරනකොට උන්ව හදුනගන්න පුලුවන් ඕවර් යනවනම් අයින් කරපන්.......ඇය මට පේස් බුක් සම්භන්දවද දීර්ග විස්තරයක් කලාය......ශම්මී කම් හිය විත් යුව ෆ්‍රෙන්ඩ්.....සම්මිගේ අම්මා ඇයට කතාකරන හඩ ඇසුනි......අපිට කතාකරනව යමු. තේ හදල ඇති.....උඹල මෙහෙ එනව කිව්ව වෙලාවෙ ඉදන් අම්මා එක එක කෑම ජාති ලෑස්තිකලා දැන් අපිට තියෙන්නෙ ඒටික කාල තේ බොන්න.......පැවසූ ඇය මගේ අතින් අල්ලාගෙන කාමරයෙන් එලියට ගියාය.....මොකද මෙ තේමේසයේ තිබුනු කෑම වර්ග දුටු මට කියවුනි......ඒක තමා දුව මෙයාල අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලානෙ.....ඕක මොකක්ද ඇන්ටි......ඇන්ටිත් අපිට කොච්චර උදවු කලාද.....කීපාරක් එහෙන් කාල තියෙනවද.......සම්මී කීවාය........කොහොමද දුව තිලිනිගෙ ටැබ් එක.....ඒක හොද එකක් ඇන්ටි......ඇන්ටිලගෙ ගෙදරට නෙට් ගන්න එතකොට ගොඩක් දේවල් කරන්න පුලුවන්......අපිත් එක්ක ස්කයිප් කතාකරන්නත් පුලුවන්.....සම්මී කීවාය.....තාත්තට කියමු නේද දුව......අම්මා කීවාය......මේ ඔක්කොම ඔයාලට ගෙනාවෙ..... කන්න ඕනැ..... සම්මිගේ අම්මා අපිට බලෙන් මෙන් කාම වර්ග කෑමට බලකරන්ට වූවාය......ඔහොම කාල රැට බත් කන්නත් බැරිවෙනව ඇන්ටි.....මා පැවසුවෙමි......බත් මොකටද ඩෝට........අපේ ඩිනර් එක මේව තමයි......ඇය මගේ පිටට තට්ටු කරමින් කීවාය......සුදු ජතික කාන්තාවක් වූ ඇයට බත් අනවශ්‍ය වුවද අපිට බත් නොමැතිව සිටීමට නොහැකි බව ඇය නොදන්නාවා විය හැක....
දූලගෙ වැඩේ ඉවරද තේ බීමෙන් අනතුරුව අම්මා ඇසුවාය......මමනම් කියල දුන්න මෙයා තේරුම් ගත්තද මන්ද.......සම්මී මගේ කරට අතදමාගෙන පැවසුවාය......නොතේරෙන දෙයක් තියෙනවනම් මම සම්මිට කෝල් කරල අහගන්නම්කෝ......මා කීවෙමි......... අපි ඔවුන්ගෙන් සමුගන්නා විට සම්මිගේ අම්මා වන ඇන්ජිලා ඇන්ටී අපිව තුරුලුකරගෙන මුහුන සිපගත්තාය.....සම්මිද එය අනුගමනය කරමින් අපිව සිපගත්තාය
අපි ගෙදර යන අතරතුර.......මොකක්ද දුවේ ඔයාගෙ යාලුව ඇදගෙන හිටිය සාය කෑල්ල ...ඕකත් නැතුව හිටියනම් තව හොදයි......අම්මා සම්මී ඇදගෙන සිටි ඇදුම ගැන සිනාසෙමින් පැවසුවාය......ඒක එයාලගෙ සංස්කෘතියනෙ අම්මෙ ......ඒත් අපිට එහෙම පෙනුනට සම්මි හරිම හොද ලමයෙක් අම්මෙ......එයාගේ කිසිම නරක අදහසක් නෑ......මා කීවෙමි.....ඒකත් වෙන්න පුලුවන්.....අර කියමනක් තියෙනවනෙ උපාසක පූසො මීයො දෙන්න දෙන්න අල්ලනව කියල.......ඒවගේ ඔය උපාසිකාවො වගේ ඉන්න අය තමයි විස්වාස නැත්තෙ...සම්මි වගේ අය විවුර්තයි....අම්මා කීවාය.
No comments:
Post a Comment