Monday, January 23, 2017


නත්තල් තෑග්ග(43 කොටස)............................උදෑසන පිබිදුනු මම අමාදා බැලීමට කාමරයට ගියෙමි.....ඇය තවමත් නිදි බැවින් .....ඇයට කතානොකර කුස්සියට ගියෙමි......අමාදට අද ස්කෝලෙ යන්න බැරිවෙයි දුවේ......කුස්සියේ තේ පිලියෙල කිරීමට සූදනව සිටි අම්මා මාදෙස බලා පැවසුවාය.....අස්නීප වැඩිනම් බේත් ගන්න එක්ක ගියානම් හරි නේද මා කීවෙමි....ඔව් දවල් වෙලා බලන්න ඕනැ.......ඇය පැවසූ ඇය.....ඊයෙ රෑ හරියට නිදාගන්න බැරිවුනා සැරින් සැරේ ඇහැරිලා බැලුව.......කීවාය.......එතකොට අම්ම නිදාගත්තෙ අමාදගෙ කාමරේද....මම ඇසුවෙමි.......නැතුව බෑනෙ දුවේ...ඇය කීවාය.......නැවත කොල්ලෙක් වීමට මගේ බලාපොරොත්ත්වක් නොතිබුනානම් මම කීයටවත් ඇය ලගින් අයින්වන්නේ නැත. කෙනෙකුට අසනීපයක් වූවිට එම අසනීපයට බයෙන් එයාව අතහැර යෑම මනුස්සකමක් නොවන බව මා දැන සිටියෙමි....මගේ මෙම ගැහැනුකම ස්තීර කර ගැනීමට පෙර එකවරක් හෝ කොල්ලෙක් වීමට තිබුනු උවමනාව නිසා අමාදා අසලින් ඉවත් වී තනිවුනා මිස මා කිසි ලෙසකින් වත් එසේ කරීමට උවමනාවක් තිබුනේ නැත.....අම්මා සදා දුන් තේ කෝප්පය අරගත්මා.....අමාදාගෙ තේ එක මම ගිහින් දෙන්නම්.....ඇයගෙන් එම තේ කෝප්පයද ඉල්ලා ගත් මම අමාදා අසල්ලට ගියෙමි.....ඇය තවමත් නිදි බැවින් තේ දෙක මේසය මත තබා ඇය අසලින් වාඩිවී ඇගේ උරහිසට අත තැබුවෙමි.....ඇගේ සිරුරේ රස්නයෙන් ඇයට තවමත් උන ඇතිබව තේරුන් ගත්මා.....අමාදා යනුවෙන් කතා කලෙමි.....බාගෙට ඇස් දෙක ඇරි ඇය... ම්ම්ම්ම්.... යනුවෙන් කෙදිරිගානු ඇසුනි......මේසය මට තැබූ ඇගේ තේ කෝප්පය අතට ගත් මා.....අමාදා මේ තේටික බීල නිදාගන්න පැවසුවෙමි.....එහෙත් ඇය නැගිටින බවක් නොදුටු බැවින් මා ඇයව සෙමින් උස්සා මගේ සිසුරට හේත්තු කරගෙන සෙමින් ඇයට තේ පෙව්වෙමි.....නිරෝෂා දුව ගිහින් ස්කෝලෙ යන්න ලෑස්තිවෙන්න මම ඕක පොවන්නම්.....අපි අසලට පැමිනි අම්මා කීවාය......නෑ අම්මේ මමත් අද අමාදා ලගින් ඉන්නම්.....මම කීවෙමි.....අමාදා බලාගන්න මම ඉන්නව....දුව ගිහින් ලෑස්තිවෙන්න නිකන් ස්කෝලෙ වැඩ පාඩුකරගන්න ඕනෙ නෑනෙ......ඇය පවසන්ට වූවාය......මා එදින පාසැල් ගියේ අමාදා නොමැතිව නිසා පාලු බවක් දැනුනි.....මේ ටිකට මෙච්චර පාලු ගතියක් දැනෙනවනම් මාව කොල්ලෙක් උනොත් අමාදා එක්ක ලගින් ඇසුරුකරන්න ලැබෙන්නෙ නෑ....එහෙම උනොත් මොකද වෙන්නෙ......මා කල්පනාකලෙමි......ඒත් අද රෑටත් ආයෙත් කොල්ලෙක් වෙලා බලනව......මා සිතාගත්තෙමි.....
පාසැල හැරී ගෙදර යනවිට අම්මා අම්මාට බෙහෙත් රැගෙන දී ඇතිබව දුටුවෙමි........ඩොක්ට මොකද කිව්වෙ අම්මෙ ...මා අම්මාගෙන් ඇසුවෙමි.....උන බහිනකන් රෙස්ට් කරන්න කිව්ව....අමාදා අස්ලට ගියමම ....ඇගේ හිසට අතතැබූ මම කොහොමද අමදා.....ඇසුවෙමි. ...තාම ඇගට අමාරුයි....ඇය කීවාය.....
අද දිනද රාත්රියේ මා නින්දට ගියේ කලින් දින නින්දට ගිය කාමරය තුලය .....අම්මා අමාදාගේ කාමරයේ නිදාගත්තාය......හරි වැඩේනෙ අද කොහොමද මම කොල්ලෙක් වෙන්නෙ අද කොල්ලෙක් වෙන්නනම් පාන්දර දෙක පහුවෙනකම් ඉන්න වෙනව......ඒ හින්ද අද කොල්ලෙක් වෙන්න බෑ දැන් වෙලාව නවය හින්ද දැන් ගවුම ඇදල ගලවන්න ඕනැ. එතකොට මට පුලුවන් හෙට රෑ නවය පහුවෙන කොට කොල්ලෙක් බවට පත්වෙන්න.....එතකොට දිග වෙලාවක් කොල්ලෙක් වෙලා ඉදල තීරනයක් ගන්න පුලුවන්.......සිතූ මම තෑගි ගවුම ඇදගෙන ටිකවේලාවකින් නැවත එය ගලවා සුපුරුදු නයිට් ගවුම ඇදගත්තෙමි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: