නත්තල් තෑග්ග(28 කොටස)..................... ........යමුකො දුවගෙ කාමරේට ඔහු මගේ කාමරයට ගොස් පුටුව උඩින් වාඩිවිය. මා ඇදේ වාඩිවුනිමි.....දුව මේ කියන එකට හිත කරදර කරගන්න එපා දුවගෙ අකමැත්තක් තියෙනවනම් කියන්න......මම මේ හැම කැපවීමක්ම කරන්නෙ ඔයාල තුන්දෙනා වෙනුවෙන්......ඔහු පවසන්ටවිවිය......කවදාවත් නැතුව තාත්ත මොකද්ද මේ කියන්න හදන්නෙ......මා කල්පනා කලෙමි.......මොකක්ද තාත්තෙ මම ඇසුවෙමි.......පුතාලටනම් ගානක් නෑ උන් කොල්ලොනෙ......ඔයා ගැහැණු ලමයෙක් හින්ද ඔයාටයි මේක වැඩියෙන් බලපාන්නෙ......ඔහු තවදුරටත් පැවසුවේය.......තාත්ත මොකක් ගැනද කියන්නෙ.......මම ඇසුවෙමි.......බියට්‍රිස් ඇන්ටි ගැන ඔයා මොනවද හිතන්නෙ.......මා ඇසූ දෙයට උත්තර නොදුන් ඔහු මගෙන් ඇසුවේය.....ඒ අම්ම හරි හොදයි තාත්තෙ......එයා අපිට හරි ආදරෙයි.....අමාදත් හරි හොද ලමය.....මගේ හොදම යාලුවන්ගෙන් කෙනෙක්නෙ......මම කීවෙමි........ඒ අම්ම මෙහෙ පදින්චියට ආවොත් ඔයාලට මොනව හරි ගැටලුවක් වෙයිද.....ඔහු ඇසුවේය......අනේ එහෙම වෙනවනම් හරි ශෝක්නෙ තාත්තෙ ....මම සතුටින් කීවෙමි......මල්ලිල මොකුත් කියයිද....තාත්තා ඇසුවේය.......මල්ලිල මොකුත් කියන්නෙ නෑ එයාලත් ආදරෙයි බියට්‍රිස් අම්මට......මම කීවෙමි. මා මෙසේ පැවසූ විට ටික වෙලාවක් කල්පනා කල තාත්තා.......ඔයාලගෙ අම්ම මැරුනට පස්සෙ මට ඕනෙනන් තිබුන පුන්චි අම්ම කෙනෙක් ගේන්න......ඒත් මම එහෙම කලේ නෑ.....මට ඊට වැඩිය ඔයාල තුන්දෙනා වටිනව.....සමහර ගැහැනු ඉන්නව පිටලමයින්ට හරියට වෙනස්කම් කරනව......මමත් එහෙම කෙනෙක් ගෙනාවනම් ඔයාලටත් එහෙම දෙයක් වෙයි කියල බය හිතුන......ඒ හින්ද කවුරු කිව්වත් එහෙම තීරනයක් ගත්තෙ නෑ.......ඒත්අමාදාගේ අම්ම එහෙම කෙනෙක් වෙන එකක් නෑ කියල මට හිතෙනව.......තාත්තා කීවේය.......තාත්ත අමාදා ගේ අම්මගෙන් මේ ගැන ඇහුවද.....මම ඇසුවෙමි........තාම මොකුත් ඒ ගැන ඇහුවෙනෑ......දුවට දැන් යමක්කමක් තේරෙන හින්ද එයාගෙන් අහන්න ඉස්සෙල්ල දුවගෙ අදහස් දැනගන්න මෙහෙම ඇහුවෙ........තාත්තට හොදයි කියල හිතෙනවනම් ඒ අම්ම ගැන අපේ විරුද්ධත්වයක් නෑ.......මම පැවසුවෙමි.
තාත්තා මාසමග මෙම සාකච්චාව කර දින කිහිපයක් ගතවිය.....තාත්තා අමාදා ගේ අම්ම ගෙන් මේ ගැන අසුවාදැයි මට දැන ගැනීමට අවශ්‍ය විය.....එහෙත් තාත්තාගෙන් එය ඇසීමට නොහැකිනිසා මා පසුබට විය......
දින කිහිපයකින් පොඩි මල්ලිගේ උපන්දිනය උදාවිය....මේ නිසා වෙනදා මෙන් පල්ලියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කුඩා දරුවන්ගේ අනාත නිවාසයට දානයක් ද ගෙදර පාටියක් ද පැවැත්වීමට සූදානම් උනෙමු.....වෙනදිනවල මේසදහා සුදු ආච්චි අපිට සම්පූරන සහාය ලබාදුන්නත් මේ අවුරුද්දේ නයෝමිගේ අම්මා සිටීම අපිට විශාල සහනයක් විය......සුදු ආච්චියෙ......බියට්‍රිස් අම්මගෙන් අහන්නකො හැමදාම මෙහෙ නවතින්න කැමතිද කියල.....මා අමාදා ගේ අම්මාට හොරෙන් සුදු ආච්චිට කීවෙමි.....ඕව අහල ඔයාගෙ තාත්ත කැමති වෙයිද කවුද දන්නෙ......සුදු ආච්චි කීවේය.......තාත්ත කැමතියි අම්ම මෙහෙ ඉන්නවට......ඒත් අම්ම කැමතිද දන්නෙ නෑනෙ......මම කීවෙමි......එහෙමත් එකක්ද......සිනාසුනු ආච්චි......මම හිමින් සැරේ අහල බලනම්කො......කීවාය......ඈ බන් බියට්‍රිස් උඹ මහත්තය නැතුව තනියම ඉන්නෙ.....මෙහෙ මිස්ට පීටරුත් නෝන නැතුව තනියම ඉන්නෙ.....ඉතින් උබ කැමති නැද්ද මෙහෙ ඇවිත් ඉන්න. මට පේනව උබල දෙන්න ගොඩක් ගැලපෙනව කියල......සුදු ආච්චි අම්මගෙන් අසනු.....මට ඇසුනි.....අනේ ඇන්ටි ඔය විකාර කතා කියවන්න එපා.....ඒ මහත්තයට ඇහුනොත් මට මේ ගෙදර පස්පාගන්න දෙන එකක් නෑ.....මගෙ දුවට ඉගෙන ගන්න උදවු කරන්නෙත් ඒ මහත්තය තමා......ඇන්ටි...... අපි ගොඩක් දුප්පත් මේ මහත්තෙලට වගේ වතුපිටි ඉඩකඩම් නෑ.....එහෙම එකේ ඕව ගැන හිතන්නවත් පුලුවන්ද......ඇය පවසනු ඇසුනි......බියට්‍රිස් ඔහොම හිතා හිටියට.....ඒ මහත්තය බැරිවෙලාවත් කැමතිවුනොත් මොකද කියන්නෙ......සුදු ආච්චි ඇසුවාය.....අනේ මන්ද ඇන්ටි ...අපිට ඒවගෙ වාසනාවක් නෑ......ඇය දුකෙන් මෙන් කියනු ඇසුනි......තාත්තගෙ වචනෙ දුන්නොත් අම්මව කැමති කරගන්න පුලුවන්....මා කල්පනා කලෙමි.
ඒයි.... අමාදා .....උබ කැමතිද අපේ ගෙදර නවතින්න එන්න.....පසුදින මා අමාදා ගෙන් ඇසුවෙමි....මම ඇවිත් කොහොමද අම්ම තනියමනෙ.....ඇය කීවාය. ......උබ විතරක් නෙවෙයි බන් අම්මත් එක්ක.....මම කීවෙමි....එතකොට උඹලගේ තාත්ත අපි එනවට කැමති වෙයිද.....ඇය ඇසුවාය.....අපේ තාත්ත උබේ අම්මව කසාද බැන්දහම කොහොමත් කැමති වෙන්න වෙනවනෙ......මම කීවෙමි.......ඒයි නිරෝෂා උඹට නින්ද ගිහින්ද?....මේ පොඩ්ඩක් ඇහැරියන් ...අමාදා මගේ උරහිසෙන් අල්ලා සෙලෙව්වාය......මට නින්ද ගිහින් නෑබන් ඇහැරිල ඉන්නෙ......මම හිතුවෙ උබ හීනෙන් දොඩවනව කියල.....අමාදා සිනාසෙමින් කීවාය.....එහෙම එකක් ඇත්තට උනොත් හොද නැද්ද බන්.....මම ඇසුවෙමි......එහෙම වෙනවනම් හොදයි එතකොට මටත් තාත්ත කෙනෙක් ඉන්නව උඹට අම්ම කෙනෙක් ඉන්නව මට පාලුවකුත් නෑ සහෝදර සහෝදරියො තුන්දෙනෙක් ඉන්නව.....සිනාසෙමින් පැවසූ ඇය......ඕව හරියන වැඩ නෙවෙයි ...ඕව ඉතින් අපේ හීන විතරයි.....පැවසූ ඇය දුකින් අහක බලා ගත්තාය........

No comments:
Post a Comment