Sunday, January 1, 2017

නත්තල් තෑග්ග(19 කොටස) ...............................මුල් දිනයේ මාව මෙලෙස ගැහැනු ලමයෙකු බවට පත්වීමට හැකිවූවේ. නත්තල් දින රාත්‍රියේ තෑගි පාර්සලයේ තිබුනු ගැහැනු ඇදුම් ඇදීමෙන් පසුවය. එහෙත් එම ගැහැනුකම පැය විසිහතරක් පමන ගතවනවිට වෙනස්වී නැවත නිරෝෂ් බවත පත්වෙන බවත් නැවත ගැහැනු ලමයෙකු වීමට වස්යනම් එම ඇදුම් ඇදීමට සිදුවන බවත් මට මේසිද්දීන් වලින් පැහැදිලිවිය......දෙවියන් වහන්සේ මට මේ තෑගි පාර්සලය එවල තියෙන්නෙ ගැහැනු කම හෝ පිරිමි කම යන දෙකින් එකක් තෝරගන්න කියල මට දැන් තේරෙනව. මට දිගටම ගැහැනු ලමයෙක් වෙලා ඉන්න ඕනැනම් පැයවිසිහතරක් යන්න ඉස්සෙල්ල ඒ ඇදුම් අදින්න ඕනෑ......මට අවසයනම් දවස් කිහිපයක් නිරෝෂ් වෙලා ඉදල ආයෙත් නිරෝෂා බවට පත්වෙන්නත් පුලුවන්......ඒත් මට නිරෝෂ් වෙලා ඉන්නවට වඩා නිරෝෂා කියන ගෙහැනු ලමය වෙලා ඉන්න එක හොදයි කියල හිතෙනව. කොයි අතින් බැලුවත් මම ගතකල පිරිමි ජීවිතේට වඩා මේ ගැහනු ජීවිතේ සුන්දරයි කියල හිතෙනව. ඉස්සරට වඩා හරිම සැහැල්ලුවක් දැනෙනව.....ලොකු අයිය වගේ ඉන්නකොට වගේ නෙවෙයි අක්ක වෙලා ඉන්නකොට මල්ලිලාට හොදට සලකන්න පුලුවන් අම්ම නැති එයාලට අම්මගෙ අඩුව සුලුවෙන් හරි පුරවන්න පුලුවන්. මේ ගෙදර ආදරයෙන් පුරවන්න පුලුවන්.පිරිමියෙක් නැති නිවස හරියට මල් පිපෙන්නෙ නැති ගහක් වගේ. ගහ කොච්චර ශක්තිමත් වුනත් මල් පිපුනම තමයි ඒ ගහ ලස්සන වෙන්නෙ....අම්ම නැතිඋනාට පස්සෙ අපේ නිවස නැමති ගහේ මල් පිපෙන එක නැවතුනා. දැන් මාව ලස්සන කෙල්ලෙක් වුනාට පස්සෙ ඒගගේ ආයෙත් මල් පිපෙන්න පටන් අරන් කියල මට තේරෙනව. මල් පිපිල සස්සනට තියෙන අපේ පවුල නමැති ගහේ ආයෙත් මල් පිපෙන එක නවත්තන්න හොදනෑ....ඒහින්ද මම ආයෙත් කොල්ලෙක් වෙන්න හොදනෑ.....මම ආශකරන මේ ගැහැනු ජීවිතේ දිගටම තියාගන්න ඕනැ......මෙසේ කල්පනා කල මම නැවත පැය විසිහතර ගතවීමට පෙර තෑගි ඇදුම් ඇදගෙන පිරිමි යෙක් වීම වැලැක්වීමට තීරනය කලෙමි. 
ටිකවෙලාවක් නිදාගත් මම සවස රාත්රී ආහාරය සූදානම් කිරීමසදහා කුස්සියට ගියෙමි.......පිරිමියෙක් වෙලා ඉන්න කොට මෙවගෙ වැඩකරන්න ටිකක් කන්ම්මැලි වගේ දැනුනත් දැන් උයන පිහන ගෙදර වැඩකරන එක විනෝදයක් වගේ දැනෙනව.......මෙහෙම උනේ මාව ගැහැනු ලමයෙක් උනා වගේම මගේ ඇගට ගැහැනු ආකල්පත් ඇවිල්ල කියල මට දැන් හිතෙනව......මා උයන අතරතුර කල්පනා කලෙමි. කොපමන වැඩකලත් කම්මැලි කමක් නොදැනීම මගේ සිරුර තුලතිබෙන ගැහැනු ගතිය නිසා බව මා තේරුම් ගත්තෙමි.
අද රාත්‍රියේද මා සිතාගත් පරිදි නිදා ගැනීමට පෙර ටිකවෙලාවක් තැගිපෙට්ටියේ ඇදුම් ඇදගෙන සිටියේ නැවත මාව පිරිමියෙකු වීම වලක්වා ගැනීම සදහාය. ටික වෙලාවක් ඒවා ඇදගෙන සිට නයිට් ගවුමක් ඇදගෙන නින්දට ගියෙමි......මා උදෑසන පිබිදෙනවිටද.....මට තිබුනු ගැහැනු කම සුරැකීව ඇතිබව තේරුනි.....දැන් තමා දෙවියන් වහන්සේ මට දුන්න ක්‍රමය තේරුම් ගත්තෙ... මට දැන් ඔන්නම් දිගටම මේ විදියට ඉන්නපුලුවන් හිතුනොත් නිරෝෂ් වෙන්නත් පුලුවන්......ඒත් නිරෝෂ් ට වඩා නිරෝෂා හොදයි.... දිගටම නිරෝෂා විදියට ඉන්නව......මා මෙසේ සිතමින් විශාල වීතිබුනු පියයුරු දෙකද දිගට වැවී තිබුනු කෙස්කලබ පපුව මතට ගෙන ආදරයෙන් අත ගෑවෙමි. කාමරයෙන් එලියට ගියමම ගැහැනු ලමයෙකු ලෙස අද දවසේ මගෙන් කෙරෙන්ට උවමනා වැඩකොටස කිරීමට පටන්ගත්තෙමි.
හෙට ජැනවාරි පලවෙනිද උදෙම්ම නැගිටල කිරිබත්ටිකක් හදන්නත් ඕනැ......තාත්තා මට පැවසුවේය. ........හරි තාත්තෙ මට පුලුවන් මම තනියම කිරිබත් ටික හදන්නම්.....මා සතුටින් පැවසුවෙමි.......මාත් දුවගෙ උදව්වට එන්නම්....තාත්තා කීවේය.......තිස් එක රාත්රියේ මා සුපුරුදු පරිදි ටිකවෙලාවක් තෑගි පාර්සලේ ඇදුම් ඇදගෙන සිට නයිට් ගවුම ඇද ගෙන නින්දට ගියෙමි.......වෙන අවුරුදු වගේ නෙවෙයි මගේ ජීවිතයේ සුබම අවුරුද්ද වෙන්නෙ මේ ලබන්නාවූ අවුරුද්ද. මට ගැහැනු ලමයෙක් විදියට මේ නිවස සාමය සතුට පුරවන්න පුලුවන්.......මා ඇදේ ඇලවී කල්පනා කලෙමි.....මට හොදින් නින්ද ගොස් තිබුනි......විශාල ශබ්දයකින් මට එකවර ඇහැරුනි....බියට පත්වූ මා වට පිට බැලුවෙමි...
Transgender body swap ගේ ඡායාරූපය

No comments: