නත්තල් තෑග්ග(25 කොටස)..................... ...........එදින සවස තාත්තා ගෙදර පැමිනි පසු මටත් පෙර ලොකු මල්ලී මගේ විභාග ප්‍රතිඵල තාත්තාට පැවසුවේය......ඔන්න තාත්තෙ අක්කට මොනව හරි තෑග්ගක් අරන්දෙන්න වෙයි.....ලොකු මල්ලී තාත්තාට පැවසුවේය....මේ මල්ලිට පිස්සු... මට තෑගි ඕනෙ නෑ තාත්තෙ......මම කීවෙමි.......මම දුවට සලකන්නම්කො..පැවසූ ඔහු මාව තුරුලට ගෙන ආදරයෙන් සිපගත්තේය. ....ස්කෝලෙ යන්නෙ නැතුව කොහොමද දැනගත්තෙ.....තාත්තා ඇසුවාය.....ඇයි තාත්තෙ අක්කගෙ යාලුවො ටිකක් අක්කව බලන්න මෙහෙ ආවනෙ....ලොකු මල්ලී එසේ පවසනවිට....අක්කගෙ යාලුවො....පැවසූ තාත්තා අමුතු ලෙස මාදෙස බලනු දුටුවෙමි......තාත්ත හිතාගෙන ඇති කොල්ලො රන්චුවක් මාව බලන්න ආව කියල..සිතූ මම...මගෙ පන්තියෙ...නෙත්මියි චතුරිකයි අමාදයි.....ආව තාත්තෙ මම කීවෙමි.......දුව ස්කෝලෙ ගිය නැති හින්ද රිසල්ට් කියන්නත් එක්ක එන්න ඇති......ඔහු සිනාසෙමින් කීවේය.....ඉතින් දුව ඒලමයින්ට තේ එහෙම දුන්නද......තාත්තා ඇසුවේය.....තාත්ත දන්නෙ නෑ එයාලට කල සැලකිලි.....කන්න බොන්න දුන්න නේද අක්කෙ......මල්ලී කීවෙය.....එහෙම තමයි ඉන්න ඕනෙ තමන්ගෙ දන්න අදුනන කෙනෙක් ආවහම පුලුවන් හැතියට සලකන්න ඕනැ......තාත්තා කීවේය.....එයාල මට කියනව ස්කෝලෙ එන්නලු....මම කීවෙමි.....ඉතින් යන්න ගෙදර ඉදගෙන මොනව කරන්නද.....එතකන් අපි හොද ස්කෝලයක් බලමු.....යන ස්කෝලෙත් නරකම නෑනෙ....දුවගෙ කැමත්තක් කරන්න....තාත්තා පැවසුවේය.
හෙට ස්කෝලෙ යනවද.....මම කාමරයට ගොස් කල්පනා කලෙමි.....මේ ලෝකෙ හැමකෙනෙක්ම දැන් මාව පිලිගන්නෙ කෙල්ලෙක් විදියට මගේ නම පවා නිරෝෂා කියල වෙනස්වෙලා.....ඉතින් ස්කෝලෙ ගියා කියල කිසිම ගැටලුවක් වෙන එකක් නෑ......ඒ හැමදෙනාම මාව කෙල්ලෙක් හැටියට පිලිගනියි.......කල්පනා කල මා හෙට දින පාසැල් යෑමට තීරනය කලෙමි......දැන් හෙට ස්කෝලෙ යනකොට අදින ඇදුම් මොනවද.....මා ඇදුම් රාක්කය පරීක්ෂා කලෙමි.....මට තිබුනු සියලු පාසැල් නිල ඇදුම් ගැහැනු ලමයින්ගේ පාසැල් නිල ඇදුම් බවට පෙරලී තිබුනු බැවින් කිසි ගැටලුවක් ඇති නොවුනි.....සුදු පැහැති පාසැල් ගවුමක් අතට ගෙන බැලූ විට පොඩිවී තිබුනු බැවින් ගවුන් ටික මැදීමට පටන් ගත්තෙමි.......මල්ලිලගේ ස්කෝලෙ ඇදුම් තියෙනවනම් ගේන්න මැදල දෙන්න......මලිලාටද කීවෙමි.....මා නිරෝෂ් ලෙස සිටි කාලයේද මල්ලිලාගේ ඇදුම් සේදුවේ නැතත් මැද පිලියෙල කර දුන්නේ මමය.....දැන් ලොකු මල්ලී තමන්ගේ ඇදුම් සෝදා ගත්තත් පොඩිමල්ලී ගේ ඇදුම් මම සෝදා දුන්නෙමි......මොනවද මල්ලි අක්ක ලවා ඇදුනුත් හෝදව ගන්නෙ ....ඔයාට ඕය ටික හෝද ගන්න බැරිද.....අක්ක අපිට කරල දෙන වැඩටික මදිවෙලාද තවත් වැඩගන්නෙ.......සමහර වෙලාවට ලොකු මල්ලී පොඩිමල්ලිට දොස් කියන්ට විය.....කමක් නෑ ලොකු මල්ලි එයා තාම පොඩිනෙ......මම ඒ අවස්ථාවේදී කීවෙමි......
පසුදින උදෑසන සුදු පැහැති පාසැල් නිල ගවුමෙන් සැරසුනු මම ටයි එක අතට ගෙන කල්පනා කලේ එහි ගැටය නොදන්නා නිසාය.....මම එය රැගෙන තාත්තා අසලට ගියෙමි......මොකද නිරෝෂා ...මාව දුටු තාත්තා ඇසුවේය....මේක ගැටේ මතක නෑනෙ......මම කීවෙමි.....අනේ මන්ද මේ ටිකට ඕකත් අමතක වුනානම් තව ටික දවසක් ගෙදර හිටියනම් ස්කෝලෙත් අමතක වෙනව........පැවසූ තාත්තා ටයි එක මගේ කරට දමා එහි ගැටය හදන්ටවිය.....මට වගේ නෙවෙයි තාත්තලාට මාව කොල්ලෙක් වෙලා හිටිය කියලවත් දැන් මතක නෑනෙ.....මට සිතුනි....පාසැල් ඇදුමෙන් සැරසුනු මා කැඩපතින් බැලූවිට සුන්දර පාසැල් යුවතියකගේ රුව දුටුවෙමි.....ඉස්සර වගේ නෙවෙයි දැන් මම කොයිතරම් ලස්සනද මා කන්නාඩියෙන් බලනින් කල්පනාකලෙමි......අක්කේ වාහනේ ඇවිල්ල ඉක්මන් කරන්න ඔය හැඩබැලුව ඇති.....අක්ක කොහොමත් ලස්සනයි.......පොඩිමල්ලී කාමරයට එබිකම් කර පැවසුවේය.....මා පොත් බැගය රැගෙන එලියට ගියෙමි......මෙතෙක් කල් කොල්ලෙක් වසයෙන් පාසැල් ගිය මම අද සිට පාසැල් යුවතියක් මෙන් පාසැල් යෑමට සිදුවීම දෙවියන් වහන්සේගේ කැමත්ත බව මා කල්පනා කලෙමි.......මට මේ තත්වය ලබා දුන්නට දෙවියන් වහන්සේට ස්තූති වේවා....මා පාසැල් වෑන් රියට නගින අතර තුල සිතින් කීවෙමි......

No comments:
Post a Comment