නත්තල් තෑග්ග(24 කොටස)....................................මා තේ වත්කල පසු ඔව්න් කුස්සියේ සිටම තේ බොන්ටවිය. උබේ කාමරේ කොහේද බන් තියෙන්නෙ කාමරෙත් මේවගෙ ලස්සනට ඇති......තේ පානය කල පසු ඔවුන් ඇසීය....මුන්ටත් ඕනෙ නැති එකක් නෑනෙ.......සිතූ මම ඔවුන් සමග කාමරය තුලට ගියෙමි.....ඇද උඩින් වාඩිවූ ඔවුන් ....මම පෑසැල් ඒම ගැන ප්‍රශ්න කරන්ට විය...උබල කියනවනම් හෙට එන්නම්......තාත්ත කිව්ව මම හොදට පාස්වුනොත් හොද ස්කොලෙකට දාල දෙනව කියල.....ඔව් ඉතින් උබලගෙ තාත්තට නම් පුලුවන් උබලගෙ තාත්ත ආන්ඩුවෙ ලොක්කෙක්නෙ.....නෙත්මී කීවාය....අනේ තාත්තට කියල උඹ යන ස්කෝලෙට අපිවත් දාල දීපන්කො.......තාත්තට කියල බලමුකෝ....මම කීවෙමි.....ඇදෙන් නැගිට්ට අමාදා උබට ලස්සන ගවුමක් තියෙනවනෙ කොහෙන්ද බන් මේක ගත්තෙ......මට තෑගි ලැබුනු ගවුම අතට ගෙන ඇසුවාය.....කෝ...බලන්න ..කියා ඉල්ලූ නෙත්මී සහ චතුරිකා එය පරීක්ෂා කරබලා ඇත්ත තමයි මේක හරිම ලස්සනයි...ලන්කාවෙ එකක් වෙන්න බෑ....කොහෙන්ද ගෙන්න ගත්තෙ.....නෙත්මි ඇසුවාය.....දන්නෙ නෑ නත්තලට හම්බවුන තෑග්ගක්......මම පැවසුවෙමි......මේක මට හරියටම හරි වගේ බන් පොඩ්ඩක් ඇදල බලන්නද......අමාදා ඇසුවාය.....මේක දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ගක් මෙයා මේක ඇන්දොත් මොනව වෙයිද දන්නෙ නෑ........දන් මොකද කරන්නෙ මොකක් හරි බොරුවක්වත් කියල අදින එක නවත්ත ගන්න ඕනැ....සිතූ මම......ඕය ගවුම කොච්චර ලස්සන වුනත් මම වත් අදින්නෙ නෑ ......ඕක අන්ද විතරයි ඇගට මොකක්ද වගේ උනා...ගැලෙවුවහම තමා හරිගියෙ ඒ හින්ද ඕක මමත් අදින්නෙ නෑ.....පැවසූ මම සාප්පුවෙන් ගෙන ආ ඊට ටිකක් සමාන ගවුමක් දී ඔන්නම් මේක ඇදල බලහන් කීවෙමි.......අත තබාගෙන සිටි ගවුම පැත්තකින් තැබූ ඇය මා දුන් ගවුම අතටගෙන මේකත් හැඩයි.....පවසා ඇය ඇද සිටි බ්ලවුසය ගලවන්ට විය.....ගැහැනු ලමිස්සියෙක් මම ඉස්සරහම ඇදුම් ගලවනව....කිසි දිනක මෙවැනි දසුනක් නොදුටු මම ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙමි......එක අත්කින් මම මොකටද ලැජ්ජවෙන්නෙ.....මෙයාලත් මම වගේ ගැහැනු ලමයි. මට තියෙන ඒවම තමයි මෙයාලටත් තියෙන්නෙ.....මා නැවත ඇය ගවුම අදින දෙස බැලුවෙමි......හැඩයි නේද?....ඇය ඇගේ හැඩබලා අපෙන් ඇසුවාය.....උබටනම් ගොඩක් සල්ලි තියෙන හින්ද මේවගෙ ලස්සන ගවුන් ගන්න පුලුවන්.....අමාදා දුකෙන් මෙන් පවසනු මට ඇසුනි.....අමාදා ඔයාට ඔන්නම් ඔය ගවුම ගන්න...එක දවසයි මාත් ඇන්දෙ.....මට සාප්පුවෙන් ගන්න පුලුවන්......මම කීවෙමි....එපා බන් මම නිකමට කිව්වෙ.....අපි දුප්පත් උනත් කාගෙන්වත් ඉල්ලන එක හරි නෑනෙ......ඇය ගවුම ගලවන ගමන් කීවාය.... ටික වෙලාවක් කතා කරමින් සිටි ඔවුන් පාසැල් යෑමට මාව කැමතිකරවාගෙන ආපසු යන්ට විය.
අක්කට ඉන්නෙ පිස්සු හටන් ටිකක් නෙ....ඔවුන් ගිය පසු මල්ලී ලොකු මල්ලී කීවේය.....පිස්සු හටන්?..... සැරෙන් ඇසූ මම මේ කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො..... එයාල කොල්ලන්ට වඩා ඩීසන්. කොල්ලො තමා පිස්සු වැඩ කරන්නෙ.....ඒ ආව ඔක්කොම ටික විභාගෙ හොදට පාස්.....අක්කගෙ කොහොමද.....මල්ලි ඇසුවේය.....ඉන්ග්රීසි වලට විතරයිලු බී එකක් තියෙන්නෙ අනිත් ඒව ඔක්කොම ඒ ලු.....මාරයිනෙ අක්කෙ....අක්කට මගෙ සුබපැතුම්......මා අසලට පැමිනි මල්ලී මගේ කම්මුල සිපගත්තේය......අද නම් තාත්තගෙන් අක්කට හොද තෑග්ගක් හම්බවෙයි.....මල්ලී සතුටින් කීවේය.....තාත්තගෙන් තෑගි ඕනෙ නෑ මල්ලි....අම්මත් නැතුව තාත්ත අපිව බලාගන්න එකම ඔය තෑගිවලට වඩා වටිනව ......මම කීවෙමි......ඒකත් ඇත්ත.....පැවසූ මල්ලී සුසුමක් පිටකලේය.
අමාදා දුප්පත් කෙල්ලෙක් බව මට තේරුම් ගියේ අදය. එහෙත් ඇය තමාගේ දුපත් කම නොසගවා ප්‍රකාස කිරීම ගැන පුදුම හිතුනි.......චතුරිකයි නෙත්මියි කොහොමද දන්නෙ නෑ එයාල ආස්සරේ කලෙත් අද.....එක තකින් බලනකොට කෙල්ලෙක් වෙලා කෙල්ලො ආස්සරේ කරන එක සුන්දරයි කියල මට දැන් තේරෙනව.....දවස් ගානක් ස්කෝලෙ නොගියත් ඒ දවස් වල එක කොල්ලෙක් වත් මාව බලන්න ඇවිල්ල නෑ.....ප්රදීප්.... තරන්ග....වගේ මගෙ හිටිය හොදම යාලුවො උනත් උන්ගෙ යාලුකම තියෙන්නෙ ස්කෝලෙදි විතරයි.....ස්කෝලෙට ගියහමයි......මොකද මචන් උබ ආවෙ නැත්තෙ කියල අහන්නෙ.....මාව අද කෙල්ලෙක් නොවුනනම් ඔය පිරිමි යාලුවො එකෙක් වත් මගේ රිසල්ට් කියන්න එන්නෙ නෑ.....මාව අද කෙල්ලෙක් උන හින්ද තමයි කෙල්ලො ටික මගෙ ප්‍රතිඵලත් බලාගෙන මාව බලන්නත් එක්ක ආවෙ....ඒ අතින් කෙල්ලො කොච්චර හොදද.......මා කල්පනා කලෙමි.....
No comments:
Post a Comment