නත්තල් තෑග්ග(27 කොටස)..................... ....අමාදා මම දන්නව අමාදට ගොඩ්ක් ගැටලු තියෙනව කියල. ඔයා ට ගටලු තියෙනවනම් ලැජ්ජවෙන්නෙ නැතුව මට කියන්න. පුලුවන් උදව්වක් තියෙනවනම් කරන්නම්....මම කීවෙමි......අපේ අම්මට පුලුවන් හටියටනෙ අනේ වැඩකරන්නෙ අම්මට ඕනැවට වඩා කරදර කරන්න ඕනෙ නෑනෙ.....ඇය කීවාය.....එතකොට තාත්ත.....මම ඇසුවෙමි.....තාත්ත හිටියනම් අපිට මෙහෙම වෙන්නෙ නෑනෙ....ඇය දුකෙන් මෙන් කීවාය......ඔයත් අපි වගේ ....අපිට අම්ම නෑ ඔයාට තාත්ත නෑ......මම කීවෙමි.....ඔයාට අම්ම නැතිවුනාට තාත්තට සල්ලි තියෙනවනෙ.....අපිට ඔයාලට වගේ සල්ලිත් නෑ ....ඇය කීවය.....ඇය මෙසේ පැවසූ විට මට දුකක් දැනුනි......මා තාත්තාට අමාදා ගැනකීවෙමි.....දුවට ඒලමයට උදව් කරන්න ඔන්නම් උදව්කරන්න......ඉස්සෙල්ල ඒලමයගෙ ගෙදරට ගිහින් බලමු.....තාත්තා යෝජනාකලේය.
අමාදා මට උබලගෙ ගෙදර යන්න ඕනැ....මම කීවෙමි.....ඒ මොකටද හදිස්සියෙ.....හදිස්සියෙ නෙවෙයි බන්...උබ මගේ හොදම යාලුවනෙ ඒකයි......මා එසේ පවසන විට ඇය දුකෙන් මෙන් බලා සිටින බව දුටුවෙමි.....අපේ ගේ උබලගෙ ගෙදරතරම් හොදනෑ.....ඒත් යමන්කො.....ඇය කීවාය.....උබගෙ ගෙදර හැටි වැඩක් නෑ බන් මට ඕනැ එහෙ එන්න....මම කීවෙමි......උබ කොහොමද එන්නෙ......මට පාර පැවසූ ඇය ඇසුවාය.....මම තාත්තත් එක එන්නම්.......තාත්ත එක්ක..... ඇය බයෙන් මෙන් කීවාය......බයවෙන්න එපා අපේ තාත්ත හරි හොදයි.....මම පැවසුවෙමි.
සෙනසුරාදා සවස මාත් පොඩි මල්ලිත් තාත්තා සමග අමාදාගේ නිවස සොයගෙන ගියෙමි.....එය කුඩා නිවසක් වූ අතර......අමාදා අපිව ඇගේ අම්මාට හදුන්වා දුන්නාය.....බියට්‍රිස් නමින් හැදින්වූ ඇය පල්ලිය අසල මොන්ටිසෝරියේ ගුරුවරියක වූවාය.....උදේ වරුවේ මොන්ටිසෝරි යන ඇය සවස ඇදුම් මැසීමෙන් ජීවිතය ගෙනියන බව අපි දුටුවෙමු......ඇය ඉතා කාරුනික තැනැත්තියක් බව ඇගේ කතාවෙන් අපිට තේරුනි......පල්ලියේදී දැක තිබුනු ඇය සමග තාත්තා සෑහෙන වෙලාවක් කතා කරමින් සිටි අතර මා අමාදා සමග කතකරමින් සිටියෙමි.....අපේ දුව තමයි කිව්වෙ අමාදට කරදර තියෙන හින්ද පන්ති යන්න අමාරු ඇති කියල.....බියට්‍රිස් බය නැතුව දුවව පන්ති යවන්න.....වියදම් මම බලා ගන්නම්.....අවසානයේ තාත්තා පැවසුවේය......
තාත්තාගේ උදවු නිසා අමාදා මා යන පන්ති සියල්ලටම යෑමට හැකිවිය.......මේ අතර මාව සංගීත පන්තියකට යැවුවේ මගේ සංගීත හැකියාව වැඩිදියුනු කරගැනීමටය......මේ අතර අමාදාත් මාත් අතර මිතුරුකම වැඩිදියුනු විය......මෙම මිතුරු කම නිසා අපේ පවුල් අතර බැදීම වැඩිවිය.... අපේ ගෙදර පාටියක් හෝ යම්කිසි දෙයක් තිබුනු විට අමාදාගේ මව අපිට උදවු කිරීම පුරුද්දක් විය.....බියට්‍රිස් ඇන්ටි මල්ලිටත් මටත් ඇගේම දරුවන් මෙන් සැලකීමට පටන් ගැනීම ......මටත් මල්ලිලා දෙදෙදෙනාටත් සැනසිල්ලක් විය.....කලක් යනවිට අපිට ඇය නැතුව බැරි චරිතයක් විය......කල්ගතවනවිට මල්ලිලා ඇයට බියට්‍රිස් අම්මා යනුවෙන් ඇමතූ අතර .....මාත් ඇයට අම්මා යනුවෙන් ඇමතුවෙමි......අම්මා කෙනෙක් නැතුව සිටි මෙම නිවසට දෙවියන් වහන්සේ මාව ගැහැනු ලමයෙක් බවට මත් කර අම්මා නැති අඩුව පිරවූවාක් මෙන් අමාදාගේ අම්මා එවීමෙන් මටත් අම්මා නැති අඩුව පිරෙව්වද......මට සිතුනි......
මට හිතෙනව පීටර් උබට බියට්‍රිස් හොදට ගැලපෙනව කියල....මම කීපදවසක් බලාගෙන හිටිය ඒකි හරි සීදේවි ගෑනි.....අපේ දරුවන්ටත් ඒයා ගොඩක් ආදරෙයි....එයාගෙත් මනුස්සය නැති එකේ පොඩ්ඩක් ඒ ගැන හිතල බලහන්කො.....ආච්චී අපේ තාත්තාට කියනු මට ඇසුනි......ඒත් තාත්තා කිසිවක් නොකියා සිනාසුනා පමනි.......අමාදගෙ අම්ම අපේ ගෙදර එනවනම් කොච්චර දෙයක් ද.....අමාදා හින්ද මටත් පාලුනෑ ....මට හිතුනි.....
දුවේ මට දුවත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනැ......දිනක් තාත්තා මට කීවේය......

No comments:
Post a Comment